slc
logo
Home   |    News
මැයි 12, 2026
ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ‘ඒ‘ තරගයට වර්ෂාවෙන් තිත

sinhala editor

නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම් අතර අද (12 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම මත තරගය විසඳුමකින් තොරව අවසන් විය. අද දිනයේදී යැවිය හැකි වූයේ පන්දුවාර 42 ක් පමණි.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම කඩුු 7 කට ලකුණු 217 ක් ලබා සිටියදී ක්‍රීඩාංගණයට වර්ෂාව කඩාන් වැටිණ. ප.ව. 1 පමණ වන විට ඇතිවුණු වර්ෂාව ප.ව. 3.00 වන තෙක්ම පැවැතීම නිසා එදිනට තරග අතහැර දැමීමට තරග විනිසුරුවරයෝ තීරණය කළහ.

මෙම තරගයේදී ආධුනික ක්‍රීඩිකාවන් කීපදෙනෙක්ම ‘ඒ‘ තරග වරම් දිනා ගත් අතර, ඉන් බහුතරයක් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකාවන් වූහ. සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, ලිමන්සා තිලකරත්න, සහ චමුදි ප්‍ර බෝධා ඒ අතර වූහ.

අතේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අහිමි වුණු විශ්මි ගුණරත්න සහ සංජනා කාවින්දි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 60 දක්වා විහිදින. 11 වැනි පන්දුවාරයේදී පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න දැවී ගිය අතර විමෝක්ෂා බාලසූරියටද රැස් කරගත හැකි වූයේ ලකුණු 04 ක් පමණි.

කෙසේ වෙතත් සංජනා කාවින්දිට එකතුවුණු සුමුදු නිසංසලා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර සංජනා දැවීයෑමෙන් එම සම්බන්ධතාව නිමාවට පත්විය. පන්දු 61 කට මුහුන දුන් වමත් පිතිකාරිණිය තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් වර්ණාවත් කර ගනිමින් ලකුණු 45 ක් ලබා ගත්තාය.

ඉනිමේ එකම අර්ධ ශතක ලාභිණිය වුුණු සුමුදු නිසංසලා පන්දු 62 කදී ලකුණු 50 ක් රැස් කරගත්තේ තම ඉනිම හතරේ පහර 7 කින්ද සරසා ගනිමිනි. ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 148 වාර්තා වද්දී සිව්වැනි කඩුල්ල ලෙස පියුමි වත්සලා ලකුණු 08 කට දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 17 ක් එකතුවන අතර වාරයේ කඩුලු 4 ක් අහිමිව යෑමෙන් එතෙක් ශ්‍රී ලංකා පිල රඳවාගෙන සිටි ලකුණු වේගය අඩාල වන්නට ප්‍රධාන ලෙසින් බලපෑවේය. කෙසේ වෙතත් පිටියට එක් වු ලිමංසා තිලකරත්න සහ දෙව්මි විහංගා එකතුව 7 වැනි කඩුල්ලට ලකුණු 52 ක් එක් කිරීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාවට පහුසවෙන්ම ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට අවස්ථාව උදාවිය.

ඒ අතරතුර පන්දු 33 කට මුහුණ දුන් දෙව්මි හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු32 ක් ද ලිමංසා පන්දු 30 කදී නොදැවී ලකුණු 21 ක්ද රැස් කරගෙන සිටියහ. පන්දු යැවීමේදී එමා බ්ලැක, කේලි නයිට් සහ ජෙස් වොට්කිං කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 42 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 217 යි – (සංජනා කාවින්දි 45, විමෝක්ෂා බාලසූරිය 04, විශ්මි ගුණරත්න 23, සුමුදු නිසංසලා 50, පියුමි වත්සලා 08, සත්‍යා සංදීපනී 00, ලිමංස් තිලකරත්න 21*, දෙව්මි විහංගා 32, රශ්මිකා සෙව්වන්දි 00*, එමා බ්ලැක් 45/2, කේලී නයිට් 35/2, ජෙස් වොට්කිං 29/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

USD United States (US) dollar