slc
logo
Home   |    News
මැයි 13, 2026
අන්තර් සමාජ ටියර් බී කොටසේ විස්සයි-20 තරගාවලිය ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ‘ටියර් බී’ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මැයි 13 වැනිදා ආරම්භ වී මැයි 27 වැනිදා දක්වා පැවැත්වේ. තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහභාගි වන අතර, ඒවා ‘ඒ’ සහ ‘බී’ ලෙස කොටස් දෙකකට බෙදා ඇත.

‘ඒ’ කොටසට රාගම ක්‍රිකට් සමාජය, ලියෝ ක්‍රිකට් සමාජය, යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය, මොරටුව ක්‍රීඩා සමාජය, මීගමුව ක්‍රිකට් සමාජය සහ කුරුණෑගල ක්‍රිකට් සමාජය ඇතුළත් වේ.

‘බී’ කොටස නියෝජනය කරන්නේ යුද හමුදා ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය, ගාල්ල ක්‍රිකට් සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය යන කණ්ඩායම්ය.

තරග වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණය, බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණය, බී.ආර්.සී. ක්‍රීඩාංගණය, පානදුර මහජන ක්‍රීඩාංගණය, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය සහ කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණය යන ස්ථානවලදී පැවැත්වීමට නියමිතය.

මූලික වටයේ තරග මැයි 13, 15, 17, 19 සහ 21 යන දිනවලදී පැවැත්වෙන අතර, සෑම දිනකම පෙරවරු 9.45 සිට පස්වරු 12.55 දක්වා තරග තුනක් සහ පස්වරු 2.00 සිට 5.10 දක්වා තරග තුනක් ලෙස දිනකට තරග හයක් පැවැත්වේ.

අර්ධ අවසන් පූර්ව තරග හතර මැයි 23 වැනිදා පැවැත්වෙන අතර, අවසන් පූර්ව තරග දෙක මැයි 25 වැනිදාට නියමිතය. අවසන් මහා තරගය මැයි 27 වැනිදා පෙරවරු 9.45 සිට පස්වරු 12.55 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. වර්ෂාව හේතුවෙන් එම කාලසීමාව තුළ තරගය පැවැත්වීමට නොහැකි වුවහොත්, එදිනම පස්වරු 2.00 සිට 5.10 දක්වා තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee