slc
logo
Home   |    News
මැයි 27, 2026
අලුත් බලාපොරොත්තු සමඟ ශ්‍රී ලංකා පිල කොදෙව් දේශයට

sinhala editor

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම්වල නායකත්වයට පත්ව සිටින ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්, නව ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන්ගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ විශාල වෙනසක් ඇතිවනු ඇතැයි දැඩි විශ්වාසයකින් පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ජැමෙයිකාව බලා පිටත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙන්ඩිස් මේ අදහස් පළ කළේය.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්වීමට පෙර පැවති පුහුණු සැසි කිහිපයේදී කණ්ඩායම තුළ පැහැදිලි වෙනසක් දැකගත හැකි වූ බවද මෙන්ඩිස් සඳහන් කළේය.

“අපි සති දෙක තුනක් පුරා එකට පුහුණුවීම් කළා. මේ පුහුණු කණ්ඩායමට කණ්ඩායමේ විශාල වෙනසක් කරන්න පුළුවන් කියලා මට හොඳටම දැනෙනවා,“ යැයි පැවසූ මෙන්ඩිස්, “ප්‍රධාන පුහුණුකරු මීට පෙර ඉන්දීය කණ්ඩායමත් පුහුණු කරලා තියෙනවා. ඒ අත්දැකීම් සමඟ අපිව පුහුණු කිරීම ඔහුට පහසු වේවි කියලා මම විශ්වාස කරනවා. පුහුණුකරු ලෙස කවුරු ආවත්, ක්‍රීඩකයින් විදිහට අපේ යුතුකම තමයි පුහුණුවීම්වලදී සියයට සියයක්ම ලබාදීම. මේ පුහුණු කාර්ය මණ්ඩලය ගැන මම ඉතා සතුටු වෙනවා,“ යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

ඔහු තවදුරටත් සඳහන් කළේ බටහිර ඉන්දීය කොදෙව්හි තණතීරු සහ ක්‍රීඩා තත්ත්වයන් ශ්‍රී ලංකාවට වඩා වෙනස් බැවින්, ඉක්මනින්ම ඒවාට හැඩගැසීම අත්‍යවශ්‍ය බවයි.

“බටහිර ඉන්දීය කොදෙව්හි තත්ත්වයන් වෙනස්. ඒ නිසා අපි හැකි ඉක්මනින් එයට හුරුවෙන්න ඕන. තණතීරුවල ටිකක් ඉපිලීමේ ගතියක් තියෙනවා කියලා අපි දන්නවා. එහෙ ගියාට පස්සේ ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි,“ යැයි කුසල් පැවසීය.

නායකයා ලෙස තමන් කණ්ඩායමේ වගකීම් පැහැදිලිව බෙදා දී ඇති බවද මෙන්ඩිස් සඳහන් කළේය. පන්දු යැවීමේ වගකීම අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර වෙත ලබාදී ඇති අතර, පිතිකරණ අංශයේ වගකීම පැතුම් නිශ්ශංක, චරිත් අසලංක සහ තමන් භාරගෙන ඇති බව ඔහු පැවසීය.

“විස්සයි20 හෝ එක්දින කියලා වෙනසක් නැහැ. පන්දු යවන්නන්ට ආරක්ෂා කරන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක් ලබාදීම පිතිකරුවන්ගේ වගකීම. අපි අපේම ක්‍රිකට් රටාවක් ක්‍රීඩා කරනවා. ප්‍රතිවාදීන් ගැන වැඩියෙන් හිතන්නේ නැහැ,“ යැයි මෙන්ඩිස් පැවසීය.

පකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී පේෂාවර් සල්මි කණ්ඩායම සමඟ සාර්ථක තරගාවලියක් ගත කිරීමෙන් තමන්ගේ විශ්වාසය ඉහළ ගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. එහිදී ඔහු ලකුණු 550ක් රැස්කරමින් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභියා වීමට සමත් විය.

“මගේ පිතිකරණයේ විශේෂ වෙනසක් කළේ නැහැ. නමුත් මගේ දුර්වලතා හඳුනාගෙන ඒවා වැඩිදියුණු කරන්න මහන්සි වුණා. ඒ දක්ෂතාව ජාතික කණ්ඩායමටත් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා,“ යැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර එක්දින තරගාවලිය ජුනි මස 03, 06 සහ 08 යන දිනවල ජැමෙයිකාවේ සබීනා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අනතුරුව තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය ජුනි මස 11, 13 සහ 14 යන දිනවල පැවැත්වීමට නියමිතය. ටෙස්ට් තරග දෙක ජුනි මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වාත්, ජූලි මස 03 වැනිදා සිට 07 වැනිදා දක්වාත් ඇන්ටිගුවාහිදී පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee