slc
logo
Home   |    News
මැයි 28, 2026
ගවනර්ස් කුසලාන එක්දින තරගාවලියේ හෙට්ටිපොළ සහ මැලේ සමාජයන්ට විශිෂ්ට ජය

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැති තරග දෙකකදී හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය සහ මැලේ ක්‍රිකට් සමාජය විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කළේය.

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය හා නාරම්මල ක්‍රීඩා සමාජය අතර තරගයේදී ලකුණු 149ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට හෙට්ටිපොළ කණ්ඩායම සමත් විය. එහි ප්‍රධාන වීරයා වූයේ දිමන්ත අරෝෂ්ය. ඔහු අනර්ඝ ශතකයක් වාර්තා කරමින් කණ්ඩායමට ශක්තිමත් ලකුණු සංඛ්‍යාවක් ලබාදීමට විශාල දායකත්වයක් සැපයීය.

කාසියේ වාසිය දිනාගත් නාරම්මල කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට හෙට්ටිපොළ පිලට ආරාධනා කළ අතර, මුල් කඩුලු කිහිපය ඉක්මනින් බිඳවැටුණද දිමන්ත අරෝෂ් ඉනිම ගොඩනඟමින් කැපී පෙනුණි. ඔහු බුද්ධිම සහන් සමඟ තෙවැනි කඩුල්ලට වටිනා සබඳතාවක් ගොඩනඟා කණ්ඩායම ස්ථාවර කළ අතර අවසන් කඩුලු සමඟද ලකුණු එකතු කරමින් ඉනිම ශක්තිමත් කළේය.

දිමන්ත අරෝෂ් පන්දු 130කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 132ක් රැස් කළේය. බුද්ධිම සහන් පන්දු 59කදී ලකුණු 61ක් ලබාගත් අතර හසිඳු ප්‍රබෝද් නොදැවී ලකුණු 38ක් එක් කළේය. ඒ අනුව හෙට්ටිපොළ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 280ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාරම්මල කණ්ඩායමට හෙට්ටිපොළ පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට නොහැකි වූ අතර ඔවුන් පන්දුවාර 37.5කදී ලකුණු 131කට සීමා විය. පසිඳු තෙන්නකෝන්, ශෙනාල් පෙරේරා සහ ඔමේෂ් විද්‍යාරත්න සාර්ථක පන්දු යැවීමක නිරත වූහ. තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දිමන්ත අරෝෂ් නම් කෙරිණි.

මේ අතර අනුරාධපුර සාලියපුර ගජබා ක්‍රීඩාංගණයේ පැවැති මැලේ ක්‍රිකට් සමාජය සහ අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය අතර තරගයෙන් මැලේ කණ්ඩායම ලකුණු 117ක ජයක් වාර්තා කළේය.

මුලින් පන්දුවට පහරදුන් මැලේ ක්‍රිකට් සමාජය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 252ක් රැස් කළේය. එහිදී සවිඳු උත්සර ප්‍රබල ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 78කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 96ක් ලබාගත්තේය. ඔහුට සහාය දුන් සචින් ගොඩමාන්න ලකුණු 34ක් සහ දිනුක දර්ශන ලකුණු 25ක් රැස් කළහ. අටවැනි කඩුල්ල සඳහා සවිඳු උත්සර සහ චලන දිල්ෂාන් අතර ගොඩනැගුණු සබඳතාවයද ඉනිම ශක්තිමත් කළේය.

ලකුණු 253ක ඉලක්කයක් හඹා ගිය අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජයට සාර්ථක ආරම්භයක් ලබාගත නොහැකි වූ අතර ඔවුන් සියලු දෙනා ලකුණු 135කට දැවී ගියහ. ප්‍රමිත් චේතිය ලකුණු 44ක් ලබාගනිමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළද අනෙක් පිතිකරුවන්ට දිගු ඉනිම් ගොඩනැගීමට නොහැකි විය.

මැලේ කණ්ඩායම වෙනුවෙන් තිළිණ ප්‍රනාන්දු කඩුලු 4ක් දවාලූ අතර ජනිත් මිහිරංග සහ සවිඳු උත්සරද පන්දු යැවීමෙන් දස්කම් දැක්වූහ. පිතිකරණය සහ පන්දු යැවීම යන අංශ දෙකෙන්ම කැපී පෙනුණු සවිඳු උත්සර තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී

හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය ලකුණු 149 ක ජයක්

හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය පන්දුවාර 50ක දී සියල්ල දැවී ලකුණු 280 – දිමන්ත අරෝෂ් 132, බුද්ධිම සහන් 61, හසිඳු ප්‍රබෝද් 38, කවිඳු විමලසූරිය 25, කුසල් ද සිල්වා 38/3, අයේෂ් රෂ්මික 48/1

නාරම්මල ක්‍රීඩා සමාජය පන්දුවාර 37.5ක දී සියල්ල දැවී ලකුණු 131 – අයේෂ් රෂ්මික 26, කුසල් ද සිල්වා 24, දුෂාන් සයුරංග 23, පසිඳු තෙන්නකෝන් 2/4, ශෙනාල් පෙරේරා 14/2, ඔමේෂ් විද්‍යාරත්න 21/2

සාලියපුර ගජබා ක්‍රීඩාංගණයේ දී

මැලේ ක්‍රිකට් සමාජය ලකුණු 117 ක ජයක්

මැලේ ක්‍රිකට් සමාජය පන්දුවාර 50ක දී කඩුලු 9ක් දැවී ලකුණු 252 – සවිඳු උත්සර 96, සචින් ගොඩමාන්න 34, දිනුක දර්ශන 25, චලන දිල්ෂාන් 23, ජනිත් මිහිරංග 21, අතුල සේනාරත්න 35/3, චනුක වනසිංහ 45/2

අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය පන්දුවාර 35.3ක දී සියල්ල දැවී ලකුණු 135 – ප්‍රමිත් චේතිය 44, ඉඳුනිල් සංජීව 20, ළහිරු ධනංජය 17, තිළිණ ප්‍රනාන්දු 23/4, ජනිත් මිහිරංග 24/3, සවිඳු උත්සර 33/2

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee