ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවනර්ස් කප්‘ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (04) මත්තේගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති යුනිචෙලා ක්‍රීඩා සමාජය සහ මහනුවර තරුණ ක්‍රිකට් කණ්ඩායම අතර තරගයෙන් යුනිචෙලා ක්‍රීඩා සමාජය ලකුණු 21ක ජයක් ලැබීය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් යුනිචෙලා ක්‍රීඩා සමාජය පන්දුවාර 44.5ක දී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු 144ට පිළිතුරු ලෙස මහනුවර තරුණ ක්‍රිකට් සමාජය පන්දුවාර 45.3ක දී සියලු පිතිකරුවන් දැවී රැස් කළේ ලකුණු 123කි.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණේ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ විනුද් මධුෂාන්ය.
මහනුවර තරුණ ක්‍රිකට් සමාජය ලකුණු 145ක ඉලක්කයක් කරායද්දි ඔවුනගේ කඩුලු නවයක් ලකුණු 98ක් වන විට බිඳ වැටී තිබිණි. කණ්ඩායමේ අංක නවය පිතිකරු මධුෂාන් බෝතොටගේ හුදකලා සටනක නිරත වෙමින් අවසාන කඩුල්ලට රුවන් පුෂ්පකුමාර (නොදැවී 04) සමග ලකුණු 25ක සබඳතාවයක් ගොඩ නැඟූහ.
මධුෂාන් බෝතොටගේ පන්දු 80ක දී හතරේ පහර තුනක් සමග ලකුණු 28ක් රැස් කර සිටිය දී දැවී ගියේ කණ්ඩායමේ අවසාන පිතිකරු වශයෙනි.
මේ තරගයේ වැඩිම ලකුණුලාභියා සහ එකම අර්ධ ශතකය වාර්තා කළ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ අංක පහ පිතිකරු සෙනෙෂ් හෙට්ටිආරච්චි ලකුණු 50ක් රැස් කළේ පන්දු 80කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහරක් ද සමගය.
ලකුණු විස්තරය
- යුනිචෙලා ක්‍රීඩා සමාජය ලකුණු 21කින් මහනුවර තරුණ ක්‍රීඩා සමාජය පරාජය කරයි
යුනිචෙලා ක්‍රීඩා සමාජය පන්දුවාර 44.5ක දී සියල්ල දැවී ලකුණු 144 – සෙනෙෂ් හෙට්ටිආරච්චි 50, සයුරු උඩුකුඹුර 17, ගිහාන් ආශිර්වාද 15, සනිතු ගුණතිලක 19/3, චතුරංග සේනාධීර 15/2, රුවන් පුෂ්පකුමාර 28/2
මහනුවර තරුණ ක්‍රිකට් සමාජය පන්දුවාර 45.3ක දී සියල්ල දැවී ලකුණු 123 – චතුර කුමාරසිරි 37, මධුෂාන් බෝතොටගේ 28, රුවන්ත හතුරුසිංහ 16, සයුර උඩුකුඹුර 9/2, ධනුෂ්ක උදාර 20/2, විනුද මධුෂාන් 29/2, සුපුන් චතුරංග 36/2
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – විනුද් මධුෂාන් – යුනිචෙලා ක්‍රීඩා සමාජය)





