slc
logo
Home   |    News
මැයි 8, 2026
LPL හයවැන්නේ විදේශීය ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානයකරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරඟාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා වන අන්තර්ජාල ඇයැදුම්පත්  අද දින (2026 මැයි මස 08) විවෘත කර තිබේ. එම අන්තර්ජාල ඇයැදුම්පත් https://srilankacricket.lk/lpl-player-registration-portal සැබැඳිය හරහා ප්‍රවේශ විය හැක.මෙම ලියාපදිංචි කිරීමේ අවස්ථාව මැයි මස 18 වැනිදා දක්වා විවෘතව පවතිනු ඇත.

හයවැනි වතාවටත් පැවැත්වෙන මෙවර තරගාවලිය ජූලි මස 08 වැනිදා සිට අගෝස්තු මස 08 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. මෙවර තරගාවලිය LPL ඉතිහාසයේ හයවන අදියර ලෙස ක්‍රියාත්මක වන අතර සියලුම තරග කොළඹ එස්. එස්. සී., ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණ යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩාංගණ හතරේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහය එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය මෙවරද ක්‍රීඩකයින් අතර ඉහළ තරගකාරීත්වයකින් යුක්තව, රසිකයින්ට උණුසුම්, තරඟකාරී සහ විනෝදාත්මක ක්‍රිකට් අත්දැකීමක් ලබා දෙන ආකාරයෙන් සංවිධානය කෙරේ.

2020 වසරේ ආරම්භ වූ LPL තරගාවලිය කෙටි කාලයකින්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් ලෙස ස්ථාපිත වී ඇත. එය දේශීය ක්‍රිකට් දක්ෂතා ලෝකයට හඳුන්වා දෙන වේදිකාවක් ලෙස පමණක් නොව, ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය හරහා ගෝලීය ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය දිනා ගැනීමටද සමත්ව ඇති තරගාවලියකි.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]
  • කුරුණෑගල යූත් අසීරුතාවයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee