slc
logo
Home   |    News
මැයි 23, 2026
LPL හයවැනි අදියරට විදෙස් උනන්දුව ඉහළට – 650කින් 310ක් පමණක් කෙටුම්පතට

sinhala editor

හයවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ සඳහා විදෙස් ක්‍රීඩකයන් 650කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙවර තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය හිමි රටවල ක්‍රීඩකයන් මෙන්ම සහායක සාමාජික රටවල ක්‍රීඩකයන් ද විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටිති.

පූර්ණ සාමාජික රටවල් අතරින් වැඩිම ලියාපදිංචිවීම් වාර්තා වී ඇත්තේ පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය යන රටවලිනි.

ඒ අනුව පාකිස්තානයෙන් ක්‍රීඩකයන් 102 දෙනෙකු, බටහිර ඉන්දීය කොදෙව්වෙන් 75 දෙනෙකු, දකුණු අප්‍රිකාවෙන් 66 දෙනෙකු, බංග්ලාදේශයෙන් 48 දෙනෙකු, නවසීලන්තයෙන් 41 දෙනෙකු, ඔස්ට්‍රේලියාවෙන් 24 දෙනෙකු, එංගලන්තයෙන් 15 දෙනෙකු සහ ඉන්දියාවෙන් 12 දෙනෙකු ලියාපදිංචි වී ඇත.

සහායක සාමාජික රටවල් අතරින් වැඩිම ලියාපදිංචිවීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අයර්ලන්තය යන රටවලිනි.

සමස්තයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 21ක ක්‍රීඩකයන් මෙවර ක්‍රීඩක කෙටුම්පත සඳහා ලියාපදිංචි වී තිබේ. කෙසේ වෙතත්, පරීක්ෂණ සහ තේරීම් ක්‍රියාවලියෙන් අනතුරුව ක්‍රීඩකයන් 310 දෙනෙකු පමණක් අවසන් කෙටි ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක කෙටුම්පත 2026 ජුනි මස 1 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන LPL 2026 තරගාවලිය ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]
  • කුරුණෑගල යූත් අසීරුතාවයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee