slc
logo
Home   |    News
මැයි 16, 2026
ජැෆ්නා කිංග්ස් හි හිමිකාරිත්වය ‘ස්පෝර්ට්ස් කොමියුන්‘ ට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 6 වැනි වරටත් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය නියෝජනය කරන ජැෆ්නා ගිංග්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය ඉන්දීය ආයතනයක් වන ‘ස්පෝර්ට්ස් කොමියුන්‘ (Sports Commune) ආයතනය විසින් අත්පත් කරගෙන තිබේ. එම ආයතනයේ හිමිකරුවන් ලෙස ඉන්දීය ක්‍රීඩා ව්‍යවසායකයන් වන මන්ජෝත් කල්රා සහ මහානක් ජොයෙල් කටයුතු කරති.

නව හිමිකාරිත්වය යටතේ ක්‍රිකට් අත්දැකීම්, ව්‍යවසායකත්වය, තරුණ සංවර්ධනය, ඩිජිටල් මාධ්‍ය සහ බිම් මට්ටමේ ක්‍රීඩා ප්‍රවර්ධනය එක් කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගකාරී ෆ්‍රැන්චයිසයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමට ඔවුන් අපේක්ෂා කරයි. දකුණු ආසියාව පුරා ක්‍රීඩකයන්, ක්‍රීඩා ලෝලීන් සහ වාණිජ හවුල්කරුවන් සම්බන්ධ කරගනිමින් පුළුල් ක්‍රීඩා වේදිකාවක් ගොඩනැගීම ද එහි අරමුණකි.

එමෙන්ම, ඉදිරි තරගාවලිය සඳහා ශක්තිමත් දේශීය පදනමක් තහවුරු කරමින් ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සහ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමඟ පූර්ව ගිවිසුම් අත්සන් කිරීමට ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පියවර ගෙන තිබේ.

නව හිමිකාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරනු ලබන සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කළේ, “ලංකා ප්‍රිමියර් ලීග් හයවැනි සංස්කරණය සඳහා ජැෆ්නා කිංග්ස් හි නව හිමිකාරීත්ව කණ්ඩායම ලෙස ස්පෝර්ට්ස් කොමියුන් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාදරයෙන් පිළිගනී. ඔවුන්ගේ කැපවීම මෙම ලීගයට තවදුරටත් ශක්තියක් එක් කරනු ඇත,” යනුවෙනි.

එසේම, තරගාවලිය සංවිධානය කරන IPG Global ආයතනයේ නිර්මාතෘ සහ සභාපති අනිල් මොහාන් මහතා පැවසුවේ, “තරගකාරීත්වය, ප්‍රේක්ෂක සම්බන්ධතාවය සහ වාණිජ අවස්ථා කේන්ද්‍ර කරගත් මෙම නව අවධිය තුළ ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee