slc
logo
Home   |    News
මැයි 20, 2026
ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ‘ඒ‘ විස්සයි-20 සටන හෙට ඇරඹෙයි

sinhala editor

සංචාරක නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (21දා) දඹුල්ල රංගිරි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10. ටට ආරම්භ වේ. එක්දින තරගාවලිය 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයගෙන සිටින බැවින්, විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ගෞරවාන්විත අවසන් කිරීමක් සඳහා ඇති අවසන් අවස්ථාව ලෙස මෙම තරගාවලිය සැලකිය හැකිය.

තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකම වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අවසන් වූ අතර, තෙවැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 84 ක ජයක් වාර්තා කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ තරගාවලියේ ජය 1-0ක් ලෙස තමන් සතු කර ගත්හ. එහෙත් එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැකගත හැකි වූ තරගකාරීත්වය සහ නිර්භීත ක්‍රීඩා රටාව විස්සයි-20 තරගාවලියට පෙර විශාල විශ්වාසයක් එක්කර තිබෙන බව ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමේ නායිකා සත්‍යා සංදීපනී සඳහන් කර සිටින්නීය.

විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම බහුතරයක් ලාබාල සහ යොවුන් ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වීමයි. ජාත්‍යන්තර හා උසස් මට්ටමේ අත්දැකීම් රැසක් ඇති නවසීලන්ත කාන්තා ‘ඒ’ පිලට එරෙහිව මෙම තරුණ ක්‍රීඩිකාවන් දක්වා ඇති දක්ෂතා බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී තිබේ. විශේෂයෙන් පීඩනය යටතේ පන්දු යැවීම, නිර්භීත පිතිකරණය මෙන්ම පන්දු රැකීමද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතය පිළිබඳව සුබවාදී බලාපොරොත්තු ඇති කර ඇත.

තරගාවලියට පෙර අද (20දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති ශූරතා කුසලාන නිරාවර අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා ඒ පිලේ නායිකාව සඳහන් කළේ, ළාබාළ වියේ පසුවුවත් එක්දින තරගාවලියේදී ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ඉතා හොඳ දස්කම් දැක්වූ බවයි.

“ඇත්තටම ගොඩක් සතුටුයි. සංජනා කාවින්දි, චමුදි ප්‍රබෝධා වගේම අනෙක් ක්‍රීඩිකාවන් හොඳ දස්කම් දැක්වුවා. විශේෂයෙන් සංජනා පිතිකරණයෙන්. චමුදි පන්දු යැවීමෙන් හොඳට කළා. අපේ 19 න් පහළ ක්‍රීඩිකාවෝ ඉතා හොඳ මට්ටමක ඉන්නවා. නවසීලන්ත කණ්ඩායමේ ජාතික මට්ටමේ අත්දැකීම් ඇති ක්‍රීඩිකාවෝ සිටින නිසා මේක අපිට හොඳ අත්දැකීමක්“ යැයි පවසන සත්‍යා හෙට තරගය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ “ඒත් හෙටින් ආරම්භ වන විස්සයි-20 තරගාවලියේදී අපිට හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් කියලා විශ්වාසයි,” යනුවෙනි.

තවද කණ්ඩායමට අලුතින් එක්ව සිටින ක්‍රීඩිකාවන් පිළිබඳව ද අදහස් දැක්වූ ඇය, “එම ක්‍රීඩිකාවන් හොඳින් පුහුණුවීම් කරලා සූදානමින් ඉන්නවා. එක්දින තරගාවලියේ අවසන් තරගය පරාජයට පත් වුණත්, අපේ ළාබාල ක්‍රීඩිකාවන් එම තරගවලදී දක්වපු දක්ෂතා පිළිබඳව ආයි හැරිලා බලද්දී අපේ කණ්ඩායමට ලොකු විශ්වාසයක් ලැබිලා තියෙනවා මේ විස්සයි-20 තරගාවලියේදී හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න අපිට හැකිවෙයි කියලා“ යනුවෙන් සඳහන් කළාය.

එක්දින තරගාවලියේදී අත්දැකීම් ඇති නවසීලන්ත පිලට එරෙහිව නිර්භීත ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ලාබාල ක්‍රීඩිකාවෝ, විස්සයි-20 තරගාවලිය ජය ගනිමින් සංචාරය ගෞරවාන්විත ලෙස නිම කිරීමට දැඩි උත්සාහයක නිරත වන අතර, නවසීලන්ත ක්‍රීඩිකාවෝද ජයග්‍රාහී රිද්මය දිගටම පවත්වා ගැනීමට බලාපොරොත්තු වෙති.

මෙම විස්සයි-20 තරග මැයි මස 21, 23 සහ 25 යන දිනවලදී රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ විස්සයසි-20 සංචිතය – සත්‍යා සන්දීපනි (නායිකා), සංජනා කවින්දි, විමෝක්ෂා බාලසූරිය, විට්නි ද අල්විස්, විෂ්මි ගුණරත්න, දෙව්මි විහංගා, සුමුදු නිසංසලා, රෂ්මිකා සෙව්වන්දි, පියුමි වත්සලා, ප්‍රමුදි මෙත්සරා, සචිනි නිසංසලා, ෂශිනි ගිම්හානි, අසේනි තලගුනේ, චමුදි ප්‍රබෝධා, රන්දි ප්‍රේමරත්න, සතීස්කුමාර සජින්තිනි.

නවසීලන්ත කාන්තා ‘ඒ‘ කණ්ඩායම – කේට් ඇන්ඩර්සන්, බෙලා ආම්ස්ට්‍රෝං, එමා බ්ලැක්, පෘෘ කොටන්, මාරමා ඩවුන්ස්, ෆ්‍රෑන් ජොනාස්, කේට් ගේජිං, බෙලා ජේම්ස්, සාරා ජෙට්ලි, කේලි නයිට්, ඩාර්සි ප්‍රසාද්, හැනා රෝව්, ටෑෂ් වැකලින්, ජේපී වොට්කින්ස්, ජෙස් වොට්කින්

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee