slc
logo
Home   |    News
ජූනි 29, 2026
කොදෙව්වන් හමුවේ දිනනයක් ඉතිරිවම ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක්

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන්නන්ගේ දක්ෂ හා නිරවද්‍ය පන්දු යැවීම හමුවේ පිතිකරුවන් අසීරුතාවයකට පත්වීම නිසා ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම ලකුණු 101කට සීමා විය. ඒ අනුව අද (28) අවසන් වූ තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. බටහිර ඉන්දීය කොදෙව් පිල වාර්තා කරන ලද මෙම ටෙස්ට් තරග ජය ඔවුන්ගේ ටෙස්ට් වංශ කථාවේ වාර්තා කරන ලද 6 වැනි දැවැන්තම ටෙස්ට් තරග ජය ලෙසින්ද සනිටුහන් විය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ ක්‍රියාත්මක තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සත්කාරක කොදෙව්වෝ සමත්වූහ.

තරගය පුරාම සම්පූර්ණ ආධිපත්‍යය රඳවා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිව්වැනි දිනයේද සිය වේග පන්දු බලය භාවිතා කරමින් ශ්‍රී ලංකා ඉනිම ඉක්මනින් කඩා දැමීමට සමත් විය. සමස්ත තරගය පුරා ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව් පන්දු යවන්නන් පන්දුවාර 103.1ක් යොදා ඇති අතර ඉන් දඟ පන්දු යවන්නන් ක්‍රියාත්මක කර ඇත්තේ පන්දුවාර 5ක් පමණක් වීම විශේෂත්වයකි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට දඟ පන්දු යැවීමේ දායකත්වය ආසන්න වශයෙන් 4.8%ක් පමණක් වේ.

ඊට වෙනස් ලෙස කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 160.5ක් යොමු කර ඇති අතර, ඉන් දඟ පන්දු යවන්නන් විසින් පන්දුවාර 70ක් ක්‍රියාත්මක කර තිබේ. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් විට ආසන්න වශයෙන් 43.5%ක් පමණ වන අතර, ශ්‍රී ලංකා පන්දු යැවීමේදී දඟ පන්දු යවන්නන්ට සැලකිය යුතු භූමිකාවක් ලබා දී ඇති බව පැහැදිලි වේ. මේ අනුව දෙපාර්ශවය අතර දඟ පන්දු භාවිතයේ විශාල උපායමාර්ගික වෙනස පැහැදිළිවම පෙනෙනේ ඇත.

ශ්‍රී ලංකා පන්දු යැවීමේ සැලැස්මට තවත් අවාසිදායක තත්ත්වයක් එක්වූයේ වේග පන්දු යවන ළහිරු කුමාර එක් පන්දුවාරයක් පමණක් යවා සිටියදී ආබාධයකට ලක්වීමත් සමඟය. ඔහුගේ ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ වේග පන්දු බල ඇණියේ සමබර තාවයට සෘජුවම බලපෑමක් එල්ල වූ අතර ඉන් කොදෙව් පිතිකරුවන්ට වැඩි වාසියක් හිමිවීම කැපී පෙනෙන සිදුවීමක් ලෙසින් සදහන් කළ හැක.

කොදෙව් පන්දු යවන්නන් අතරින් විශේෂ කැපී පෙනුණු ක්‍රීඩකයා වූයේ කැමාර් රෝච් වන අතර ඔහු අසිත ප්‍රනාන්දුගේ කඩුල්ල බිඳ දමමින්  සිය ටෙස්ට් කඩුලු 300 සීමාවට පැමිණියේය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් දූපත්වනුවෙන් කඩුලු 300 සීමාව ඉක්මවාලීමට සමත් 5 වැනි පන්දු යවන්නා බවට පත්වීමට රෝච් සමත්විය. ඔහුට ඉදිරියෙන් කර්ට්නි වෝල්ෂ් (519), කර්ට්ලි ඇම්බ්‍රෝස් (405), මැල්කම් මාර්ෂල් (376) සහ රිචර්ඩ් ගිබ්ස් (309) පසුවෙති.

රෝච්ට අමතරව ජේඩ්න් සීල්ස්, ශමාර් ජෝෂප්, සහ අල්සාරි ජෝෂප් ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ තර්ජානාත්මක  පන්දු යැවීම්වල නිරත වූහ.

ශ්‍රී ලංකා පිතිකරණයේදී යම් තරමක් දුරට සාර්ථකත්වයක් පෙන්වූ එකම පිතිකරුවා වූයේ දිනේෂ් චන්දිමාල් වන අතර ඔහු පන්දු 60කට මුහුණ දෙමින් ලකුණු 43ක් ලබා ගත්තේය. පිතිකරුවන් යැයි නම් දරමින් ශ්‍රී ලංකා පිලට ඇතුළත් වුණු පිතිකරුවන් අතුරින් බහුතරයකට ලකුණු 10 සීමාව ඉක්මවාලීමට නොහැකි විය. චන්දිමාල් හැරුණු කොට ලකුණු 10 සීමාව ඉක්මවා යමින් ලකුණු රැස් කරන ලද එකමපිතිකරුවා වූයේ සොනාල් දිනූෂ වන අතර ඔහු නොදැවී ලකුණු 12 ක් රැස් කළේය.

දිනය ආරම්භයේ යවන ලද සිව්වැනි පන්දුවේදීම නිශාන් මදුෂ්කව දවා දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා  පිලේ කඩා වැටීම ඇරඹිණ. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 6කට ලකුණු 81ක් වශයෙන් ලෙස අසීරු තත්ත්වයක පත්විය. තරග ආරම්භයෙන් පසු ඉතිරි කඩුලු 4 දවා ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවශ්‍ය වූයේ තවත් පන්දුවාර 6.1ක් පමණක් වීම විශේෂත්වයකි.

සමස්ත තරගය පුරා ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව් පන්දු යවන්නන් පන්දුවාර 103.1ක් යොදා ඇති අතර, ඉන් දඟ පන්දු යවන්නන් ක්‍රියාත්මක කර ඇත්තේ පන්දුවාර 5ක් පමණක් වීම විශේෂත්වයකි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට දඟ පන්දු යැවීමේ දායකත්වය ආසන්න වශයෙන් 4.8%ක් පමණක් වේ.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 71.5 කදී සියලු දෙනා දැවී ලකුණු 308 යි – (ධනංජය ද සිල්වා 120, දිනේෂ් චන්දිමාල් 54, නිශාන් මදුෂ්ක 23, පැතුම් නිස්සංක 02, කමිදු මෙන්ඩිස් 00, කුසල් මෙන්ඩිස් 00, සොනාල් දිනූෂ 43, මිලාන් රත්නායක 27, කසුන් රජිත 08, ළහිරු කුමාර 12, අසිත ප්‍රනාන්දු 00, ජස්ටින් ග්‍රීව්ස් 39/3, ශමාර් ජෝසප් 79/2, අල්සාරි ජෝසප් 60/2, කෙමාර් රෝච් 32/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම පන්දුවාර 160.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 626 යි – (ජෝන් කැම්බෙල් 39, බ්‍රෙන්ඩන් කිං 31, කවෙම් හොජ් 16, අමීර් ජැංගූ 233, ජෝෂුවා දා සිල්වා 20, ජස්ටින් ග්‍රීව්ස් 03, රොස්ටන් චේස් 194, අල්සාරි ජෝශප් 21, ශමාර් ජෝෂප් 17, කෙමාර් රෝච් 00, මිලාන් රත්නායක 124/5, අසිත ප්‍රනාන්දු 56/2,  සොනාල් දිනූෂ 234/1)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 31.2 කදී සියලු දෙනා දැවී ලකුණු 101 යි – (දිනේෂ් චන්දිමාල් 43, පැතුම් නිස්සංක 03, නිශාන් මදුෂ්ක 02, කසුන් රජිත 04, කමිඳු මෙන්ඩිස් 09, ධනංජය ද සිල්වා 00, කුසල් මෙන්ඩිස් 08, සොනාල් දිනූෂ 12*, මිලාන් රත්නායක 00, අසිත ප්‍රනාන්දු 00, ළහිරු කුමාර 09, කැමාර් රෝච් 51/4, ජේඩ්න් සීල්ස් 14/3, ශමාර් ජෝසප් 19/2, අල්සාරි ජෝසප් 11/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar