slc
logo
Home   |    News
ජූනි 1, 2026
ප්‍රමුඛ ක්‍රීඩකයින් රැසක් සමඟින් LPL ක්‍රීඩක තේරීම තව හෝරා කීපයකින්

sinhala editor

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර සඳහා වන ක්‍රීඩක කෙටුම්පත (Player Draft) අද (01) පස්වරුවේ කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම කෙටුම්පත සඳහා සමස්ත ක්‍රීඩකයින් 421 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, එයින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 179 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 242 දෙනෙකු ඇතුළත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

කලම්බු කැප්ස්, ගෝල් ගැලන්ට්ස්, දඹුල්ල සික්සර්ස්, ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි රෝයල්ස් යන කණ්ඩායම් මෙවර තරගාවලිය නියෝජනය කිරීමට නියමිතය.

මෙවර කෙටුම්පත සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නාම රැසක් ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. විදේශීය ප්ලැටිනම් කාණ්ඩයට රහ්මනුල්ලා ගුර්බාස්, මුජීබ් උර් රහ්මාන්, සිකන්දර් රාසා, ඩේවිඩ් මාලන්, එවින් ලුවිස්, ඉමාඩ් වසීම්, කයිල් ජේමිසන් සහ මාටින් ගප්ටිල් වැනි ක්‍රීඩකයින් ඇතුළත් කර ඇත.

එමෙන්ම දේශීය ප්ලැටිනම් කාණ්ඩයේ කුසල් පෙරේරා, චරිත් අසලංක, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, අවිශ්ක ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංක ඇතුළු ජාතික කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයින් රැසක් ද ලැයිස්තුගත කර ඇත.

මෙවර කෙටුම්පත Platinum, Gold, Classic, Emerging සහ Associate Stars යන ප්‍රධාන කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වේ. ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සඳහා Platinum කාණ්ඩයේ ක්‍රීඩකයින් 17 දෙනෙකු, Gold කාණ්ඩයේ ක්‍රීඩකයින් 34 දෙනෙකු, Classic කාණ්ඩයේ ක්‍රීඩකයින් 80 දෙනෙකු සහ Emerging කාණ්ඩයේ ක්‍රීඩකයින් 48 දෙනෙකු ඇතුළත් කර ඇත.

විදේශීය ක්‍රීඩකයින් සඳහා Platinum කාණ්ඩයේ ක්‍රීඩකයින් 31 දෙනෙකු, Gold කාණ්ඩයේ ක්‍රීඩකයින් 64 දෙනෙකු, Classic කාණ්ඩයේ ක්‍රීඩකයින් 99 දෙනෙකු සහ Associate Stars කාණ්ඩයේ ක්‍රීඩකයින් 48 දෙනෙකු ඇතුළත් කර තිබේ.

මෙම ක්‍රීඩක කෙටුම්පත පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත අතර, සියලුම ෆ්‍රැන්චයිස් හිමිකරුවන්, කණ්ඩායම් කළමනාකාරීත්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් එම අවස්ථාවට එක්වීමට නියමිතය.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී වනු ඇත.

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජූලි 17 වැනිදා ආරම්භ වී අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

LPL තරගාවලිය පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැදගත් තරගාවලියක් බවට පත්ව ඇති අතර, දේශීය දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ගෙනයාමේ වේදිකාවක් ලෙස ද සැලකේ. LPL 2025 තරගාවලිය සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝලීන් අතර දැඩි උනන්දුවක් පවතින අතර, අද පැවැත්වෙන කෙටුම්පතේදී කණ්ඩායම් විසින් තෝරාගනු ලබන ක්‍රීඩකයින් පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ.

විදේශීය ක්‍රීඩකයන්

ප්ලැටිනම් කාණ්ඩය – 1. වියාන් මෝල්ඩර් 2. පියුෂ් චව්ලා 3. රහ්මනුල්ලා ගුර්බාස් 4. මුජීබ් උර් රහ්මාන් 5. ෂෝරිෆුල් ඉස්ලාම් 6. සිකන්දර් රාසා 7. තබ්‍රේෂ් ශම්සි, 9. ඩේවිඩ් මාලන්, 10. අබ්බාස් අෆ්රිඩි 10. හස්රතුල්ලා සාසායි 11. හසන් අලි 12. එවින් ලුවිස් 13. ඩැනියෙල් සෑම්ස් 14. ඉමාඩ් වසීම් 15. කයිල් ජේමිසන් 16. ෆසල්හක් ෆාරුකි 17. ඩබ්ලිව්. නවාස් 19. ඉෆ්ටිකාර් අහමඩ් 20. උස්මාන් ඛාන් 21. සුෆියන් මොකිම් 22. ඕබෙඩ් මැකෝයි 23. ඩොමිනික් ඩ්‍රේක්ස් 24. මාටින් ගප්ටිල් 25. ක්‍රිස් ලින් 26. ඇෂ්ටන් ඒගාර් 27. ෂාන් මැසූඩ් 28. බෙනී හොවෙල්.

ගෝල්ඩ් කාණ්ඩය – 1. තව්හිඩ් රිඩෝයි 2. ෂක් මහේදි හසන් 3. ෂමිම් හොසේන් 4. හර්දස් විල්ජෝන් 5. රූබින් හර්මන් 6. රයන් බර්ල් 7. බෝර්න් ෆෝටූයින් 8. ටෙම්බා බවුමා 19. පර්වේස් හොසේන් එමොන් 11. ෂෙල්ඩන් කොට්‍රල් 12. ඉබ්‍රහීම් සද්‍රන් 13. නජිබුල්ලා සද්‍රන් 14. ගුල්බඩින් නයිබ් 15. කෝල් මැකොන්චි 16. චැඩ් බෝව්ස් 17. මාක් අඩයර් 18. මොහොමඩ් වසීම් ජේ.ආර්. 20. අකිෆ් ජාවෙඩ් 21. ලිසාඩ් විලියම්ස් 22. හසන් නවාස් 23. ටැන්සිඩ් හසන් 24. ටැන්සිම් හසන් සකිබ් 25. එම්ඩී මහ්මුදුල්ලා 26. මිර් හම්සා 27. ඉම්රාන් ඛාන් 28 මුෂ්ෆිකර් රහීම් 29. මුසද්දෙක් හොසේන් සයිකට් 30. සල්මන් ඉර්ෂාඩ් 31. ෆේබියන් ඇලන් 32. ජෝෂ් ලිට්ල් 33. මොහොමඩ් හරිස් 34. මාස් සදකාත් 35. හේඩන් කෙර් 36. බෙන් ලිස්ට්‍රාම් 37. සෙඩිකුල්ලා අටල්, 38 අසාම් ඛාන්, 39. ස්කොට් කුග්ගේලිජන් 40. සන්දීප් ලමිච්චේ 41. කරීම් ජනත් 42. කයිල් ජේමිසන් 43. වකාර් සලාම්ඛෙයිල් 44. ඉෂ් සෝදි 45. එම්.ඩී. නහිඩ් රානා 46. නජ්මුල් හොසේන් ෂැන්ටෝ 47. මාර්ක් ස්ටීකී 48. ෂෝන් විලියම්ස් 49. මොහොමඩ් සයිෆුඩින් 50. බ්‍රයන් බෙනට් 51. සමන් ඛාන් 52. ෂමාර් ජෝස් 53 ඔඩෙන් ස්මිත්, 54. ශමාර් ස්ප්‍රිංගර්, 55. කීමෝ පෝල් 56. කාලෝස් බ්‍රැත්වේට් 57. බාස් ඩි ලීඩ් 58. ස්කොට් එඩ්වඩ්ස් 59. ටිම් රොබින්සන් 60. බෙවන් ජේකොබ්ස් 61. සෑම් හාර්පර් 62. ජෝර්ජ් මුන්සි, 63 ජෝර්ජ් ඩොකරරෝල්, 64 රකීම් කෝන්වෝල්

ක්ලැසික් කාණ්ඩය – 1. හසන් මහමුද් 2. ඩයන් ෆොරෙස්ටර් 3. සයිෆ් හසන් 4. කර්ටිස් කැම්පර් 5. තයාබ් තාහිර් 6. මොහොමඩ් හස්නයින් 7. මුහම්මද් ඉර්ෆාන් ඛාන් නියාසි 8.කුරාම් ශේසාඩ් 9. රිචර්ඩ් එන්ගරාවා, 10. ක්‍රේග් අර්වින් 11. සල්මන් මිර්සා 12. උසාමා මීර් 13. හුසේන් තලාට් 14. අබ්දුල්ලා ෂාෆික් 15. බැක්ස්ටර් හෝල්ට් 16. ටිනොටෙන්ඩා මාපෝසා 17. ඉවාන් ජෝන්ස් 18. සහීර් ඛාන් 19. ඇඩම් රොසිංග්ටන් 20. ක්වාසි නුරුල් හසන් සොහාන් 21. ඩාර්විෂ් රසූලි 22. ඛවාජා නෆේ 23. ගරේත් ඩෙලානි 24. ඩෙලානෝ පොට්ගිටර් 25. ජැක් වයිල්ඩර්මුත් 26. ජෝෂුවා බ්‍රවුන් 27. ඇලික් අතානාසේ 28. ඩේල් ෆිලිප්ස් 29. මුබසීර් ඛාන් 30. කම්රන් ගුලාම් ලූපම් 31 බැරී මැකාර්ති 33. ලෝර්කන් ටකර් 34. ජේකර් අලි අනික් 35. රොස් ඇඩෙයාර් 36. මාර්ක් ඇකර්මන් 37. ටොම් බ්ලන්ඩෙල් 38. දයාන් ගලීම් 39. ශැඩ්‍රැක් ඩෙසකාර්ට්, 40. ජූනියර් ඩලා, 41. කොනර් එස්ටර්හුයිසන් 42. ජෝර්ඩන් හර්මන් 43. ප්‍රෙනෙලන් සුබ්‍රේන් 44. ෆර්හාන් යූසාෆ් 45. ෂමිල් හුසේන් 46. අබු හයිඩර් රෝනි 47. මොහොමඩ් මිට්‍ටුන්ජෝයි චෞද්‍රි නිපුන් 48. යසීර් අලි චෞද්‍රි 49. තන්වීර් ඉස්ලාම් 50. එම්ඩී සකීර් හසන් 51. බෙන් ඩන්ක් 52. මැත්ව් හම්ප්‍රේස්, 53. ශෆර්ඩුන් අශ්රාෆ්, 54, සියුර් රෙහ්මාන්, 55, හස්මටුල්ලා ශහිඩි, 56. ෂහිදුල්ලා කමාල් 57. ඉමාම් උල් හක් 58. හසීබුල්ලා ඛාන් 59. රොහයිල් නසීර් 60. අහමඩ් ඩනියල්, 61. මැතිව් ෆෂර්, 62. හැරී ටෙක්ටර්, 63. විල් යංග්, 64. බෙන් කැලිට්ස් 65. කැම් ෆ්ලෙචර් 66. විහාන් ලුබ්බේ 67. සෙනුරන් මුත්තුසාමි 68. ෆරීඩ් මලික් 69. වේන් පාර්නෙල් 70. ටොම් බෲස් 71. මිචෙල් හේ 72. ජොමෙල් වොරිකන් 73. මෙහිඩි හසන් මිරාස් 74. තායිජුල් ඉස්ලාම් 75. කීසි කාර්ටි 76. ටිම් ටෙක්ටර් 77. නසුම් අහමඩ් 78. සෞම්‍යා සර්කාර් 79. එම්ඩී සබ්බීර් රහ්මාන් රෝමන් 80. ඇලෙක්ස් රොස් 81. බ්‍රයිස් පාර්සන්ස් 82. මිචෙල් වැන් බුරන් 83. මාර්චන්ට් ඩි ලාන්ජ් 84. බ්‍රැඩ් එවන්ස් 85. මොහොමඩ් ඉම්රාන් 86. මුහම්මද් බැසිත් 87. රිපන් මොන්ඩෝල් 88. අෆිෆ් හොසේන් 89. තෝමස් රොජර්ස් 90. ලොයිඩ් පොප් 91. රකිබුල් හසන් 92. කලීම් සානා 93. ඕෂාන් තෝමස් 94. හේඩන් වොල්ෂ් 95. මුකිදුල් ඉස්ලාම් 96. ෂෝහිදුල් ඉස්ලාම් 97. කයිස් අහමඩ් 98. කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්

අසෝෂියේටඩ් ස්ටාර් – 1. බ්‍රැන්ඩන් එම්සීමුලන් 2. මර්වේ ගර්හාර්ඩ් ඉරැස්මස් 3. හැරී මැනෙන්ටි 4. ෂයාන් ජහන්ගිර් 5. හයිඩර් අලි 6. රිචඩ් බෙරින්ටන් 7. හර්ෂියාන් ෂරීෆ් 8. හාර්ෂ් තකාර්, 9. ශැඩ්ලි වැන්, 10. බෙන් මැනෙටි, 11. ඩිපෙනන්ද්‍රා සිං, 12. බැසිල් හමීඩ්, 13. ජුනයිඩ් සිද්දික්, 14, සහූර් ඛාන්, 16. ස්ටීව් ටේලර්, 16. ක්‍රිෂ්නා කලුගමගේ, 17. අර්යන් දත්, 18, විනයක් ශක්ලා, 19. අලිෂාන් ශරුෆු, 20. අයන් අෆ්සාල් ඛාන් 21. විරන්දීප් සිං 22. සයිතේජා මුක්කමල්ල 23. සාද් බින් සෆාර් 24. ජස්ටින් මොස්කා 25. සයිඩ් අසීස් බින් සයිඩ් මුබාරක් 26. බිලාල් තහීර් 27. මයිකල් ලෙවිට් 28. ෂාකීල් අහමඩ් 29.මොහොමඩ් ඉස්ලාම්, 30. අලී ඛාන්, 31. ටිම් ප්‍රින්ග්ල් 32. මුහම්මද් වසීම් 33. නෝවා ක්‍රෝස් 34. ගුල්ෂන් කුමාර් ජා 35. මොනන්ක් පටෙල් 36. හර්මීට් සිං බද්දන් 37.  මීට් භව්සාර් 40. ෂෙහාන් ජයසූරිය 41. ජෝන් ජෝන් ට්‍රෙවර් ස්මට්ස් 42. මුහම්මද් ජවදුල්ලා 43. විට්යා අරවින්ද්, 44, නොෂ්තොෂු කෙන්ජිජි, 45. ෂහයිබ් සුබර්ෂ. 46. කොරේ ඇන්ඩර්ස්න්, 47. ලෝගන් වෑන් බීක්.

දේශීය ක්‍රීඩකයන්

ප්ලැටිනම් කාණ්ඩය – 1. කුසල් පෙරේරා 2. බිනුර ප්‍රනාන්දු 3. නුවන් තුෂාර 4. විජයකාන්ත් වියස්කාන්ත් 5. දුෂාන් හේමන්ත 6. අවිශ්ක ප්‍රනාන්දු 7. අසිත ප්‍රනාන්දු, 8. අකිල ධනංජය, 9. චරිත් අසලංක 10. පවන් රතනයක 11. කමිල් මිෂාර 12. මහීෂ් තීක්ෂණ 13. ඩිල්ෂාන් මධුශංක

ගෝල්ඩ් කාණ්ඩය – 1. ලසිත් කෲස්පුල් 2. ජනිත් ලියනගේ 3. මිලන් රත්නායක 4. සහන් ආරච්චිගේ 5. ලහිරු උදාර 6. නුවනිදු ප්‍රනාන්දු 7. තනුක දාබරේ 8. සොහාන් ද ලිවේරා, 9. ට්‍රෙවීන් මැතිව්, 10. තරිඳු රත්නායක 11. ගරුක සංකේත 12. ෂෙවෝන් ඩැනියෙල් 13. නිශාන් මධුෂ්ක 14. ධනංජය ලක්ෂාන් 15. ධනංජය ද සිල්වා 16. වනුජ සහන්, 18 ජෙෆ්රි වැන්ඩර්සි, 18. චාමික ගුණසේකර 19. ලහිරු කුමාර 20. මිනෝද් භානුක 21. ලහිරු සමරකෝන් 22. අශේන් බණ්ඩාර 23. ඉසිත විජේසුන්දර 24. විශාද් රන්දික 25. මොහොමඩ් ෂිරාස් 26. තික්ෂිල ද සිල්වා 27. චතුරංග ජයතිලක 28. විශ්ව ප්‍රනාන්දු 29 සොනාල් දිනූෂ, 30. කසුන් රජිත, 31. ප්‍රමෝද් මධුෂාන් 32. විෂේන් හැලඹගේ 33. සධීර සමරවික්‍රම 34. නිරෝෂන් දික්වැල්ල 35. රමේෂ් මෙන්ඩිස් 36. චාමික කරුණාරත්න

ක්ලැසික් කාණ්ඩය – 1. නිපුන් ධනංජය 2. රවිඳු ප්‍රනාන්දු 3. අහන් වික්‍රමසිංහ 4. ලහිරු මධුශංක 5. සිනෙත් ජයවර්ධන 6. සචිත ජයතිලක 7. තනුක දාබරේ, 8 නිමේෂ් විමුක්ති, 9. මොවින් සුබසිංහ 10. ප්‍රභාත් ජයසූරිය 11. මුදිත ලක්ෂාන් 12. සම්මු අශාන් 13. චමෝද් බට්ටගේ 14. කවිඳු පතිරත්න 15. දිලුම් සුදීර 16 ඔෂධ ප්‍රනාන්දු, 17. කසුන් අදිකාරි 18. නිම්සර අතරගල්ල 19. කවිඳු නදීශාන් 20. ප්‍රියමාල් පෙරේරා 21. පුලිඳු පෙරේරා 22. දුලාජ් සමුදිත 23. මිහිරංග සිල්වා 24. රවීන් ද සිල්වා 25. තීසන් විතුෂන් 26. කෙවින් පෙරේරා 27. සහන් කෝසල 28. ශක්ති උදාර 29. මොහමෙඩ් ශමාස්, 30. ළහිරු දවටගේ, 31. නවෝද් පරණවිතාන 32. පවන්ත වීරසිංහ 33. අසංක මනෝජ් 34. අසිත වන්නිනායක 35. තරින්ද නිර්මාල් 36. චමිඳු වික්‍රමසිංහ 37. දුවිඳු තිලකරත්න, 38. නවිඳු ප්‍රභාෂ්, 3. විනුක රූබසිංහ 40. ගයාන් මනීෂන් 41.චමිකර එදිරිසිංහ 42. ඇන්තනි අරුල් ප්‍රගසම් 43. ඔමේෂ් මෙන්ඩිස් 44. ශිරාන් ප්‍රනාන්දු 45. හංසමන ද සිල්වා 46. ඒ.ඒ.එස්. සිල්වා 47. රවිජ සඳරුවන් ද සිල්වා 49. හංසජ රොද්‍රිෙගා්, 49. සම්පත් නිශ්ශංක, 40. සඳුන් මෙන්ඩිස්, 51. අෂෙයින් ඩැනියෙල් 52. මලිඳු සංගීත් කුරේ 53. ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 54. රනේෂ් සිල්වා 55. කේ.ඩබ්ලිව්.එම්.එස්. හපුහින්න 56. එස්.ටී.එස්. සේනාරත්න 57. රනුද සෝමරත්න 58. ජී.කේ. ඩී. ද සිල්වා 59. ප්‍රවීන් ජයවික්‍රම 60. සචිඳු කොළඹගේ 61. ශලින් ද මෙල් 62. කවින් බණ්ඩාර 63. පී.එම්. පුෂ්පකුමාර, 64. චමිදු විජෙසිංහ 65. නිපුන් ප්‍රේමරත්න 66. හසිත අමරසිංහ 67. රොමේෂ් සුරංග 68. සාලිඳු පතිරණ 69. කෙවින් කොත්තිගොඩ 70. කවින්ද ඊශ්වර 71. දනෝෂ් ද සිල්වාත් 72. යශෝද මේඩිස්, 73. සිතුම් දිසානායක 74. කසුන් විදුර අදිකාරි 75. ෂෙහද සොයිසා 76. ලිලාන් රංගන 77. විනුජ රන්පුල් 78. තීක්ෂණ සංජීව 79. පූර්ණ චාරුක. 80. වරුණ මයන්ත, 81. අමිල ලක්්ෂිත, 82. තෙවිඳු දික්වැල්ල, 83. මලේෂා සිල්වා.

එමර්ජිං කාණ්ඩය  – 1. දිනුර කළුපහන 2. ඉනුක කරන්නාගොඩ 3. අංජල බණ්ඩාර 4. ශාරුජන් ෂන්මුගනාදන් 5. කුගදාස් මාතුලන් 6. ගයන වීරසිංහ 7. රසිත් නිම්සර, 8. නිසල අබේරත්න 9. දුවිඳු රණතුංග 10. විහස් තෙව්මික 11. මෙලන් හංසක 12. ප්‍රවීන් මනීෂ 13. අනුක විජේවර්ධන 14. අබ්දුල් හකම් 15. සහන් මිහිර අක්ෂර 16.අක්මල් ෆස්ලි, 17. සෙන්ත හැළඹගේ, 18. මල්ෂ තරුපති 19. කාංචන ද ලිවේරා 20. තරින්ද නිර්මාල් ගුරුගේ 21. කවීන් ප්‍රනාන්දු 22. මල්ෂා ප්‍රනාන්දු 23. ඩී.එච්.ජේ.පී. දනුජ ඉඳුවර 24. තීකර රණතුංග 25. ජීවක සෂින් සම්මු 26. තිසරු වන්නිනායක 27. දේව පවන් සන්දේශ් ද සිල්වා 28. විශ්ව ළහිරු 29 උරි කොත්තිගොඩ. 30. පෙසඳු සංජන. 31. කවීෂ ඉඳුවර 32. කොෂේන්ද්‍ර ස්ටෙෆාන් ප්‍රනාන්දු 33. පොතුපිටියගේ මංජුල චන්තුක 34. නිපුන් මෙන්ඩිස් 35. රශීඩ් නයන්, 36. ළහිරු බේසිිංහ 37. තෙවිඳු රශ්මික.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee