slc
logo
Home   |    News
ජූනි 9, 2026
ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට ඉන්දීය අභියෝගයක්

sinhala editor

ඉන්දීය කාන්තා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ද්වී පාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල ජූනි 18 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. විස්සයි-20 තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත් මෙම තරගාවලිය දින 15ක කාලයක් පුරා චෙන්නායි සහ පොන්ඩිචෙරි නගරවලදී පැවැත්වේ.

තරගාවලියේ විස්සයි-20 අංශය ජූනි 22, 24 සහ 27 දිනවල චෙන්නායිහිදී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජූනි 30, ජූලි 3 සහ 6 දිනවල පොන්ඩිචෙරිහිදී පැවැත්වේ. ඉන්දීය තත්ත්වයන් යටතේ ප්‍රබල ප්‍රතිවාදීන්ට එරෙහිව තරග කිරීම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනයට හා ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට වැදගත් අවස්ථාවක් වනු ඇත.

විස්සයි-20 තරග ජූනි 22, 24 සහ 27 දිනවල චෙන්නායිහිදී පැවැත්වෙන අතර, එක්දින තරග ජූනි 30, ජූලි 03 සහ 06 දිනවල පොන්ඩිචෙරිහිදී පැවැත්වීමට නියමිතය.

ජූනි 22 – පළමු විස්සයි-20 තරගය චෙන්නායිහිදී

ජුනි 24 – දෙවැනි විස්සයි-20 තරගය චෙන්නායිහිදී

ජුනි 27 – තෙවැනි විස්සයි-20 තරගය චෙන්නායිහිදී

ජුනි 30 – පළමු එක්දින තරගය පොන්ඩිචෙරි

ජූලි 03 – දෙවැනි එක්දින තරගය පොන්ඩිචෙරි 

ජූලි 06 – තෙවැනි එක්දින තරගය පොන්ඩිචෙරි

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee