slc
logo
Home   |    News
ජූලි 17, 2026
ක්‍රීඩාවත් ආර්ථිකයත් එක්කරමින් ලංකා ප්‍රිමියර් ලීග් හයවැනි අදියර අදින් ඇරඹෙන වගයි

sinhala editor

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන ‘ලංකා ප්‍රිමියර් ලීග්‘ හෙවත් LPL තරගාවලියේ හයවැනි සංස්කරණය අද (17) නිල වශයෙන් ආරම්භ වෙයි. ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වෙන මෙවර තරගාවලිය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ක්‍රිකට් තරගාවලියක් පමණක් නොව, සංචාරක ව්‍යාපාරය, හෝටල් කර්මාන්තය, ප්‍රවාහන සේවා, විකාශන කර්මාන්තය සහ දේශීය ව්‍යාපාර රැසකට සෘජු හා වක්‍ර ආර්ථික ප්‍රතිලාභ රැගෙන එන ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක් බවට ද පත්ව තිබේ.

තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, නිලධාරීන්, විකාශන කණ්ඩායම් සහ ජාත්‍යන්තර මාධ්‍ය නියෝජිතයන්ගේ පැමිණීම මෙන්ම, තරග නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වය හේතුවෙන් සත්කාරක නගරවල ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් සක්‍රීය වීම අපේක්ෂා කෙරේ. එමෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ද මෙම තරගාවලිය වැදගත් වේදිකාවක් බවට පත්ව ඇත.

තරගාවලියේ සමාරම්භක තරගයේදී පසුගිය සංස්කරණයේ ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයන් වූ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අද (17) පස්වරු 7.30ට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය. ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ තරගයක් පැවැත්වෙන නවතම ක්‍රීඩාංගණය ලෙස එස්.එස්.සී. ක්‍රීඩාංගණය ඉතිහාසගත වන අතර සමාරම්භක තරගයට පෙර වර්ණවත් සමාරම්භක උත්සවයක්ද පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ කණ්ඩායම් පහටම විවිධ රටවල් නියෝජනය කරන ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් එක්ව සිටීමත්, විදෙස් ආයෝජකයන් සිව්දෙනකු කණ්ඩායම් හිමිකාරිත්වය දරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා ආයෝජනය කිරීමත් තරගාවලියේ ජාත්‍යන්තර වටිනාකම තවදුරටත් ඉහළ නංවා තිබේ.

මෙවර කණ්ඩායම් නායකයන් ලෙස භානුක රාජපක්ෂ (ජැෆ්නා කිංග්ස්), කුසල් මෙන්ඩිස් (කලම්බු කැප්ස්), ඇන්ජලෝ මැතිව්ස් (කැන්ඩි රෝයල්ස්), දසුන් ශානක (ගාල්ල ගැලන්ට්ස්), සහ දිනේෂ් චන්දිමාල් (දඹුල්ල සික්සර්ස්) කටයුතු කරන අතර, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් සමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රසිද්ධ තරු ක්‍රීඩකයන් රැසක් ද මෙවර තරගාවලියට එක්ව සිටිති.

වසර හයක් පුරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දින දර්ශනයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය, දේශීය ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරු ක්‍රීඩකයන් සමඟ තරග කිරීමේ අවස්ථාවක් ලබාදෙන අතරම, තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ලෝකයට හඳුන්වා දෙන වැදගත් වේදිකාවක් බවටද පත්ව තිබේ.

ඒ සමඟම ජාත්‍යන්තර විකාශන ඔස්සේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ක්‍රීඩා සංස්කෘතිය ලොව පුරා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් වෙත ගෙන යමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, විදෙස් ආයෝජන දිරිගැන්වීමටත්, ක්‍රීඩා ආශ්‍රිත ව්‍යාපාර, සේවා සහ රැකියා අවස්ථා සක්‍රීය කිරීමටත් මෙම තරගාවලිය සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee