slc
logo
Home   |    News
ජූලි 4, 2026
නිමාලි පෙරේරාට ලෝක කුසලාන අවසන් මහ තරගයේ විශේෂ වගකීමක්

sinhala editor

ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරියක වන නිමාලි පෙරේරා 2026 අයි.සී.සී. කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිව්වැනි විනිසුරුවරිය ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත. ලෝක ක්‍රිකට් වේදිකාවේ මෙවැනි තීරණාත්මක අවස්ථාවක ශ්‍රී ලාංකික නාමයක් ඇතුළත් වීම මෙරට විනිසුරු ක්ෂේත්‍රයටත් කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයටත් විශාල ගෞරවයක් ලෙස සැලකේ.

එම අවසන් මහා තරගය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල විනිසුරු මණ්ඩලය යටතේ විනිසුරුවන් පත් කර ඇති අතර පන්දුවාර තුළ විනිසුරුවන් ලෙස ජැකලින් විලියම්ස් සහ වින්ද රති කටයුතු කරති. තෙවැනි විනිසුරුවරිය ලෙස කිම් කොටන් කටයුතු කරන අතර සිව්වැනි විනිසුරුවරිය ලෙස ශ්‍රී ලංකාවේ නිමාලි පෙරේරා නම් කර තිබීම විශේෂත්වයකි. තරග තීරක ලෙස ජී. එස්. ලක්ෂ්මි කටයුතු කරනු ඇත.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඉංග්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ජූලි මස 05 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර දෙපිලම තරගාවලිය පුරා අජය ලෙස අවසන් තරගයට පිවිසීමද විශේෂ කරුණකි.

නිමාලි පෙරේරාගේ ක්‍රීඩා ගමන්මගද විශේෂත්වයකින් යුක්තය. ඇය කලුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සිය පාසල් දිවිය අවසන් කළ අතර පසුව කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා දිවිය ඉදිරියට ගෙන ගොස් ඇත. එමෙන්ම ඇයට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමටද අවස්ථාව ලැබී ඇති අතර එය ඇගේ ක්‍රීඩා හැකියාව සහ කැපවීම පිළිබඳ වැදගත් සාක්ෂියකි.

ක්‍රීඩිකාවක ලෙස ආරම්භ කළ ක්‍රිකට් ගමනක් අද ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයක විනිසුරුවරියක ලෙස වගකීම් දරන තත්ත්වයට පැමිණීම, නිමාලි පෙරේරාගේ නොනවතින කැපවීම දිගුකාලීන අත්දැකීම් සහ ක්‍රීඩාවට ඇති ගැඹුරු ආදරය ඉතා පැහැදිලිව පෙන්වයි.

මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයට මෙන්ම මෙරට විනිසුරු ක්ෂේත්‍රයටද විශාල ගෞරවයක් එක් කරන අතර, අනාගතයේ තවත් ක්‍රීඩිකාවන් සහ විනිසුරුවන් ජාත්‍යන්තර වේදිකාවට පිවිසීමට පෙළඹවීමක් සපයන ආදර්ශමත් අවස්ථාවක් ලෙසද සැලකේ.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee