slc
logo
Home   |    News
ජූලි 17, 2026
වෙනස්කම් තුනක් සමඟ පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය නම් කෙරේ

sinhala editor

බංග්ලාදේශය කාන්තා පිලට එරෙහි අවසන් එක්දින තරගාවලියට එක්වූ සංචිතය හා සැසඳීමේදී වෙනස්කම් තුනක් සමඟ පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට විශ්මි ගුණරත්න සහ අනුෂ්කා සංජීවනී යළි කැඳවා ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩිකා රශ්මිකා සෙව්වන්දිට ද අවස්ථාව හිමිව තිබේ.

එක්දින ජාත්‍යන්තර තරග 3 ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 ක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය සඳහා මෙම සංචිතය නම් කර ඇති අතර, කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තු දරයි.

බංග්ලාදේශයට එරෙහි අවසන් එක්දින තරගාවලියට එක්වූ සංචිතය සමඟ සසඳන විට මෙම සංචිතයට සිදුකර ඇති ප්‍රධාන වෙනස්කම් අතරින් කැපී පෙනෙන්නේ ආබාධයක් හේතුවෙන් එම සංචාරය අහිමි වූ ආරම්භක පිතිකාරිණිය වන විශ්මි ගුණරත්නගේ නැවත පැමිණීමයි. ඇයගේ එක්වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ ඉහළ පෙළ තවදුරටත් ශක්තිමත් වනු ඇත.

එමෙන්ම අත්දැකීම් බහුල කඩුලු රකින ක්‍රීඩිකාව වන අනුෂ්කා සංජීවනීද යළි සංචිතයට කැඳවා තිබේ. ඒ අනුව පසුගිය සංචාරයේ කඩුලු රකින්නිය ලෙස කටයුතු කළ කෞෂානි නුත්‍යාංගනාට මෙවර සංචිතයේ ස්ථානය අහිමි වී ඇත.

දේශීය තරග බිමේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් තුන් ඉරියව් ක්‍රීඩිකා රශ්මිකා සෙව්වන්දිටද සංචිතයේ ස්ථානයක් හිමිව තිබීම විශේෂත්වයකි. ඇය මෙම සංචිතයේ නව මුහුණුවර බවට පත්ව සිටී.

කෙසේ වෙතත්, බංග්ලාදේශ සංචාරයට එක්ව සිටි වේග පන්දු යවන්නිය මල්කි මදාරා සහ තුන් ඉරියව් ක්‍රීඩිකා පියුමි වත්සලා මෙවර සංචිතයෙන් ඉවත් කර තිබේ. ඒ අනුව පසුගිය එක්දින සංචිතයට සාපේක්ෂව විශ්මි ගුණරත්න, අනුෂ්කා සංජීවනී සහ රශ්මිකා සෙව්වන්දි සංචිතයට එක්ව ඇති අතර, මල්කි මදාරා, පියුමි වත්සලා සහ කෞෂානි නුත්‍යාංගනා සංචිතයෙන් ඉවත් වී තිබේ.

දෙරට අතර එක්දින තරගාවලිය ජූලි මස 23 වැනිදා ආරම්භ වන අතර වෙැනි තරගය 25 වැනිදාත් තෙවැනි තරගය 28 වැනිදාත් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය

චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂි සිල්වා, අනුෂ්කා සංජීවනී, චේතනා විමුක්ති, ඉනෝකා රණවීර, නිමාෂා මීපගේ, ඉමේෂා දුලානි, දෙව්මි විහංගා, රශ්මිකා සෙව්වන්දි සහ කාව්‍යා කාවින්දි.

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar