slc
logo
Home   |    News
ජූලි 25, 2026
දවටෙගේ මංගල ත්‍රිත්ව ශතකය වාර්තා රද්දී අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් ස්ථීර වෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග ඊයේ (24) නිමාවට පත්වීමත් සමඟ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අට තහවුරු විය. ඒ අනුව A කාණ්ඩයෙන් බ්ලූම්ෆීල්ඩ් සහ මුවර්ස්, , B කාණ්ඩයෙන් සී.සී.සී. සහ චිලව් මේරියන්ස්, C කාණ්ඩයෙන් කුරුණෑගල යූත් සහ බී.ආර්. සී. සහ D කාණ්ඩයෙන් එස්.එස්.සී. සහ නිගම්බු කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. එම අතර එම තරග ජූලි 26 සහ 27 දෙදින පැවැත්වීමට නියමිතය.

පළමු වටයේ අවසන් දිනයේ කැපී පෙනුණු දස්කම වාර්තා කළේ නුගේගොඩ කණ්ඩායමේ ලහිරු දවටගේ වන අතර ඔහු නාවික හමුදා කණ්ඩායමට එරෙහිව පන්දු 321කදී හතරේ පහර 36ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 314ක් රැස් කරමින් තරගාවලියේ වාර්තා වූ පළමු ත්‍රිත්ව ශතකය තම නම ඉදිරියේ සටහන් කර ගත්තේය.

දවටගේ, සඳුන් මෙන්ඩිස් සමඟින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 298කදී ලකුණු 267ක දැවැන්ත සබඳතාවක්ද ගොඩනැඟූ අතර, සඳුන් මෙන්ඩිස් නොදැවී ලකුණු 124ක් රැස් කළේය.

දිනයේ තවත් ශතක පහක්ද වාර්තා වූ අතර ඒස් කැපිටලන්හි. තිසර ඒකනායක (143), රාගම කණ්ඩායමේ  දෙනුර දිමන්සිත් (137), එස්.එස්.සී. කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියෙල් (121), එන්.සී.සී. කණ්ඩායමේ දිනෙත් ගුණවර්ධන (107) සහ ලියෝ කණ්ඩායමේ සලිඳු පතිරණ (100) ශතක ලබා ගත්හ.

පන්දු යැවීමේදී සී.සී.සී. කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ ලකුණු 56කට කඩුලු 7ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

අර්ධ ශතක ඉනිම් වාර්තා කළ ක්‍රීඩකයන් අතර පානදුර ක්‍රීඩා සමාජයේ ලිවිරු ප්‍රනාන්දු (85), යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ පෙසඳු සංජන (66), එන්.සී.සී. කණ්ඩායමේ යෙනුල දෙව්තුස (64), පොලිස් ක්‍රීඩා සමාජයේ තරුන් පෙරේරා (60), නිගම්බු ක්‍රීඩා සමාජයේ තත්සර ඒශාන් (95) සහ නොදැවී ලකුණු 52ක් රැස් කළ කවින් දෙනෙත්, මහනුවර කස්ටම්ස් ක්‍රීඩා සමාජයේ හේලිත් එදිරිසිංහ (87) සහ කවීෂ ඉඳුවර (52), රාගම ක්‍රීඩා සමාජයේ  ලහිරු අබේසිංහ (62) මෙන්ම මුවර්ස් ක්‍රීඩා සමාජයේ නොදැවී ලකුණු 71ක් රැස් කළ සඳරු මල්ශාන් ද කැපී පෙනෙන දස්කම් දැක්වූහ.

පන්දු යැවීමේදී එස්.එස්.සී.  කණ්ඩායමේ මල්ෂ ප්‍රනාන්දු ලකුණු 74කට කඩුලු 5ක් ද,  පානදුර ක්‍රීඩා සමාජයේ මලින්ත සිල්වා ලකුණු 86කට කඩුලු 5ක් ද,  ටැමිල් යූනියන් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජයේ විහස් තෙව්මික ලකුණු 67කට කඩුලු 6ක් ද, නිගම්බු ක්‍රීඩා සමාජයේ අමිත පෙරේරා ලකුණු 58කට කඩුලු 6ක් ද, මුවර්ස් ක්‍රීඩා සමාජයේ සඳරු මල්ශාන් ලකුණු 89කට කඩුලු 5ක් ද දවා ගනිමින් දිනයේ විශිෂ්ට පන්දු යැවීමේ දස්කම් ප්‍රදර්ශනය කළහ.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්.

ටැමිල් යූනියන් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය – පළමු ඉනිම: සියලුම දෙනා දැවී 152 (පන්දුවාර 62.1)
සචිර වැලිවත්ත 43, සචිරු හංසල 25, තරිඳු ගුරුගේ 38/5

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය – පළමු ඉනිම: සියලුම දෙනා දැවී 204 (පන්දුවාර 62.2)
මිනෙත් ප්‍රේමරත්න 39, හසිත අමරසිංහ 36, විහස් තෙව්මික 67/6

ටැමිල් යූනියන් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය – දෙවැනි ඉනිම: සියලුම දෙනා දැවී 104 (පන්දුවාර 34.3)
විහස් තෙව්මික 27, හිමරු දේශාන් 20, කවීෂ පියුමාල් 31/2

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය – දෙවැනි ඉනිම: කඩුලු 5ක් දැවී 54 (පන්දුවාර 11.5)
තරින්ද ගුරුගේ 25, හිමරු දේශාන් 25/3

පළමු ඉනිමේ ජය යුනයිටඩ් සදර්න්ට

එන්.සී.සී. – පළමු ඉනිම: සියලුම දෙනා දැවී 131 (පන්දුවාර 27.4)
ශවීන් පෙරේරා 53, ගවිරු සෙන්හස් 30, සුමේධ සම්පත් 29/4

යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – පළමු ඉනිම: සියලුම දෙනා දැවී 153 (පන්දුවාර 47.3)
රනුදුල් මාබරණ නොදැවී 40, සෙහස් ආශිංස 29, සන්තුල් විජේරත්න 22/3

එන්.සී.සී. – දෙවැනි ඉනිම: කඩුලු 7ක් දැවී 244 (පන්දුවාර 46.0)
දිනෙත් ගුණවර්ධන 107, යෙනුල දෙව්තුස 64, දමේස් මතිසාන් 82/4

යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – දෙවැනි ඉනිම: කඩුලු 9ක් දැවී 214 (පන්දුවාර 51.0)
පෙසඳු සංජන 66, ශක්ති උදාර 83/3

පළමු ඉනිමේ ජය සී.සී.සී. කණ්ඩායමට

සී.සී.සී. – පළමු ඉනිම: සියලුම දෙනා දැවී 348 (පන්දුවාර 96.1)
අංජල බණ්ඩාර 157, සනුල් වීරරත්න 70, නෙත්ම කරුණාරත්න 72/5

ලියෝ ක්‍රිකට් සමාජය – පළමු ඉනිම: සියලුම දෙනා දැවී 241 (පන්දුවාර 60.4)
සලිඳු පතිරණ 100, අවින්ත ද අල්විස් 46, ඉනුක කරන්නාගොඩ 75/6

සී.සී.සී. – දෙවැනි ඉනිම: කිසිවෙක් නොදැවී 15 (පන්දුවාර 2.5)

පළමු ඉනිමේ ජය ඒස් කැපිටල්ට

බී.ආර්.සී. – පළමු ඉනිම: කඩුලු 6ක් දැවී 387 (පන්දුවාර 86.0)
ඉසුරු ප්‍රනාන්දු 201, ලිත්ම පෙරේරා නොදැවී 109, කෞෂික කුමාරසිංහ 75/4

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – පළමු ඉනිම: කඩුලු 9ක් දැවී 391 (පන්දුවාර 85.4)
තිසර ඒකනායක 143, තනුජ රාජපක්ෂ 46, අසීම් මොහොමඩ් 42, තරුෂ අශේල් 108/4

නුගේගොඩ සහ නාවික හමුදා අතර තරගය විසඳුමකින් තොරයි

නුගේගොඩ පළමු ඉනිම: කඩුලු 6ක් දැවී 661 (පන්දුවාර 131.0)
ලහිරු දවටගේ 314, දසිස් මංචනායක 81, සඳුන් මෙන්ඩිස් නොදැවී 124

නාවික හමුදාව පළමු ඉනිම: කඩුලු 7ක් දැවී 149 (පන්දුවාර 51.0)
කවීෂ සඳරුවන් 38, චාමික රණසිංහ 28, අබ්දුල් ශිරාඩ් 20/2

පළමු ඉනිමේ ජය නිගම්බුට

පොලිසිය පළමු ඉනිම: සියලුම දෙනා දැවී 207 (පන්දුවාර 50.1)
ධනුජ ඉඳුවර 97, තරුන් පෙරේරා 39, ශෙහාන් ප්‍රමෝද් 64/5

Negombo CC – පළමු ඉනිම: කඩුලු 7ක් දැවී 283 (පන්දුවාර 86.0)
තත්සර ඒශාන් 95, කවින් දෙනෙත් නොදැවී 52, දමිත් කප්පාගොඩ 86/4

Police SC – දෙවැනි ඉනිම: කඩුලු 9ක් දැවී 124 (පන්දුවාර 42.0)
තරුන් පෙරේරා 60, අමිත පෙරේරා 58/6

පළමු ඉනිමේ ජය කැන්ඩි කස්ටම්ස්ට

කුරුණෑගල ක්‍රීඩා සමාජය – පළමු ඉනිම: සියලුම දෙනා දැවී 314 (පන්දුවාර 83.1)
ජනිත් රවිශ්ක 128, යශ්මිත් ජයසුන්දර 67, අදීශ පබසර 100/5

Kandy Customs SC – පළමු ඉනිම: සියලුම දෙනා දැවී 339 (පන්දුවාර 81.4)
හේලිත් එදිරිසිංහ 87, කවීෂ ඉඳුවර 52, නඳුන් සිල්වා 40

පළමු ඉනිමේ ජය එස්.එස්.සී. ට

පානදුර පළමු ඉනිම: සියලුම දෙනා දැවී 177 (පන්දුවාර 51.5)
අසදිස ද සිල්වා 50, චාර්ය පරණවිතාන 43, මල්ෂාන් ප්‍රනාන්දු 7/39

එස්.එස්.සී. පළමු ඉනිම: සියලුම දෙනා දැවී 292 (පන්දුවාර 63.4)
ශෙවෝන් ඩැනියෙල් 121, රිවිත් ජයසූරිය 56, මලින්ත සිල්වා 5/86

පානදුර දෙවැනි ඉනිම: කඩුලු 9ක් දැවී 199 (පන්දුවාර 53.0)
ලිවිරු ප්‍රනාන්දු 85, මල්ෂ ප්‍රනාන්දු 5/74

පළමු ඉනිමේ ජය රාගමට

රගම – පළමු ඉනිම: සියලුම දෙනා දැවී 183 (පන්දුවාර 55.3)
දසිත් ගුණතිලක 53, ලහිරු අබේසිංහ 50, දිනිත් කුමාරසිංහ 32/4

මුවර්ස් – පළමු ඉනිම: සියලුම දෙනා දැවී 153 (පන්දුවාර 37.2)
සඳරු මල්ශාන් නොදැවී 71, මලීෂ සිල්වා 28/4

රාගම – දෙවැනි ඉනිම: කඩුලු 8ක් දැවී 338 (පන්දුවාර 72.0)
දෙනුර දිමන්සිත් 137, ලහිරු අබේසිංහ 62, සඳරු මල්ශාන් 89/5

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee