ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය වාර්තා කිරීමට චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත්විය. සෙබස්ටියනයිට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ඉනිමක සහ ලකුණු 17ක විශිෂ්ට ජයක් වාර්තා කළ චිලව් මේරියන්ස් පිල සතියේ කැපී පෙනෙන කණ්ඩායම බවට පත්විය.
චිලව් මේරියන්ස් ජයග්‍රහණයට දර්ශක සංදීප්ගේ ලකුණු 93, ගිම්හාන් රසාංජනගේ අර්ධ ශතකය (53) සහ තිමිරි ඉරුෂිකගේ සමස්ත කඩුලු 8 (49/3 හා 33/5) තීරණාත්මක විය.
මෙම සතියේ පන්දු යැවීමේ දස්කම් අතරින් ඉනිමක කඩුලු 7ක් දවාගැනීම් දෙකක් වාර්තා විය. එන්.සී.සී. කණ්ඩායමේ ශක්ති උදාර බදුරලියට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 64කට කඩුලු 7ක් දවාගත් අතර, බී.ආර්.සී. කණ්ඩායමේ තරුක්ෂ අෂේල් නාවික හමුදාවට එරෙහි දෙවැනි ඉනිමේදී ලකුණු 52කට කඩුලු 7ක් බිඳ හෙළීය.
එමෙන්ම සතියේ කැපී පෙනුණු තවත් දස්කම් අතරට පානදුර ක්‍රීඩා සමාජයේ විශ්ව ළහිරු සහ බී.ආර්.සී.හි තරුක්ෂ අෂේල් තරගයකදී කඩුලු 10 බැගින් දවාගැනීම විශේෂත්වයක් විය. විශ්ව ළහිරු පොලිස් කණ්ඩායමට එරෙහිව ඉනිම් දෙකේදී 72/4 සහ 16/6 ලෙස සමස්ථ තරගයේදී කඩුලු 10ක් දවාගත් අතර, තරුක්ෂ අෂේල් 55/6 සහ 52/7 ලෙස නාවික හමුදාවට එරෙහිව සමස්ථ තරගයේදී කඩුලු 13ක් දවාගෙන සතියේ සාර්ථකම පන්දු යවන්නා බවටද පත්විය.
පිතිකරණයේදී එස්.එස්.සී. කණ්ඩායමේ රනුද සෝමරත්න නොදැවී ලකුණු 101ක් සහ නෙත්සර යස්මිත් ලකුණු 115ක් රැස් කළ අතර, බී.ආර්.සී. පිලේ පවන් සංදේශ් ලකුණු 122ක් ලබා ගත්තේය. යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ සෙහාන් අශිංස ලකුණු 100ක් වාර්තා කළ අතර, ලියෝ කණ්ඩායමේ අවින්ත ද අල්විස් ශතකය පෙනෙන මානයේදී ලකුණු 99කට දැවී ගියේය.
සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් අංජල බණ්ඩාර (91), සෙනුල් වීරරත්න (81), සරිත් සුදීන (70 හා 72) සහ රශ්මික පෙරේරා (55 හා නොදැවී 50) පිත්තෙන් කැපී පෙනුණු අතර, ඉනුක කරන්නාගොඩ මොරටුවට එරෙහිව ලකුණු 90කට කඩුලු 5ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
රාගම සහ ටැමිල් යුනියන් අතර තරගයේදී විහස් තෙව්මික ලකුණු 98කට කඩුලු 5ක් සහ හිමරු දේශාන් ලකුණු 49කට කඩුලු 5ක් දවා ගනිමින් රාගම පළමු ඉනිමේ ජය තහවුරු කළහ.
එස්.එස්.සී. වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ පළමු ඉනිමේදී ලකුණු 118කට කඩුලු 6ක් දවාගනිමින් කුරුණෑගල ඉනිම සීමා කළ අතර පසුව එස්.එස්.සී. පිල ලකුණු 356/4ක් රැස් කරමින් පළමු ඉනිමේ ජය හිමිකර ගත්තේය.
අනෙකුත් තරගවලදී නුගේගොඩ, එස්.එස්.සී., බී.ආර්.සී., රාගම, එන්.සී.සී., සී.සී.සී., ලියෝ, පානදුර සහ යුද හමුදා කණ්ඩායම් පළමු ඉනිමේ ජය වාර්තා කළ අතර, යුනයිටඩ් සදර්න් සහ මුවර්ස් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
- චිලව් මේරියන්ස්ට ඉනික සහ ලකුණු 17 ක ජයක්
සෙබස්ටියනයිට්ස් පළමු ඉනිම පන්දුවාර 48.4 කදී ලකුණු 139 යි – (රුසිරු විලෝචන 22, ජොෂුවා සෙබස්තියන් 23, චමිදු පෙරේරා 23, සුතාර්සන් සුබාර්නන් 40, තිමිර ඉරුෂික 49/3, මෙලන් හංසක 34/3, සසංක නිර්මාල් 24/3)
චිලව් මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 74 කදී කඩුලු 9 කට ලකුණු 277 යි – (ගිම්හාන් රසාංජන 53, දර්ශක සංදීප් 93 කෙවින් සැමුවෙල් 38, තිමිරි ඉරුෂික 20*, සුතර්සන් සුබාර්නන් 80/4, දිනෙත් සමරවීර 51/2, රශීඩ් නහයන් 26/34)
සෙබස්ටියනයිට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 45.1 කදී ලකුණු 121 යි – (රශීඩ් නහයන් 36, මානස ද සිල්වා 17, චමිදු පෙරේරා 16, දිනෙත් සමරවීර 16, තිමිරි ඉරුෂික 33/5, දිනිත ද සිල්වා 21/3)
• නුගේගොඩට පළමු ඉනිමේ ජයක්
නුගේගොඩ පළමු ඉනිම පන්දුවාර 90 කදී ලකුණු 287 යි – (අභිෂේක් ජයවීර 50, ළිරු දවටගේ 56, විශ්මික සංංදීප් 16, ජනෙත් කෞෂාල් 31, සඳුන් මෙන්ඩිස් 19, විදුනෙත් විල්සන් 54*, අබ්දූල් ශිරාඩ් 12, ඔහස් සදෙව් 88/5, තරණ විමලධර්ම 70/3)
කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 57 කදී ලකුණු 168 යි – (හිරාන් ජයසුන්දර 41, රුසඳ ගමගේ 28, රිෂ්ම අමරසිහ 25, ඉෂිර ආයුපාල 22, තරණ විමලධර්ම 21, බ්‍රයන් හංසජ 50/4, විශ්මික සංදීප් 25/3, සඳුන් මෙන්ඩිස් 40/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 32 කදී කඩුලු 2 කට ලකුණු 127 යි – (රන්දුණු ගංගනාත් 47, හිරාන් ජයසුන්දර 57*, ආරොන් කොඩිතුවක්කු 16*, යසිරු යුගත් 31/2)
• එස්.එස්.සී. පිලට පළමු ඉනිමේ ජය
කුරුණෑගල පළමු ඉනිම පන්දුවාර 99.4 කදී ලකුණු 299 යි – (දිනුග අබේසේකර 78, කුෂාන් සුබසිිංහ 15, අශාන් ශනිල්ක 44, ජනිත් රවිශක 39, සොනාල් අශවින් 74, දුනිත් වෙල්ලාලගේ 118/6)
එස්.එස්.සී. පළමු ඉනිම පන්දුවාර 76.4 කදී කඩුලු 4 ට ලකුණු 356 යි – (රනුද සෝමරත්න 101*, දුනිත් වෙල්ලාලගේ 628, නදීෂ ආකාෂ් 48, නෙත්සර යස්මිත් 115, නිශුධ චන්ද්‍රසිරි 65/2)
• බී.ආර්.සී.ට පළමු ඉනිමේ ජයක්
බී.ආර්.සී. පළමු ඉනිම පන්දුවාර 74.2 කදී ලකුණු 304 යි – (පවන් සංදේශ් 122, යසිරු රුද්‍රිගෝ 67, විශ්ව සුපුන් 11, තරුක්ෂ අශෙල් 10, ලිත්ම පෙරේරා 37*, දුමිඳු සෙව්මිණ 32, ජනිත් ප්‍රනාන්දු 46/3, තිනෙත් සාලිංග 29, රුවින් සංකල්ප 75/2)
නාවික හමුදාම පළමු ඉනිම පන්දුවාර 43 කදී ලකුණු 170 යි – (කවීෂ සඳරුවන් 26, උවිඳු පෙරේරා 14, සුමල්ක ප්‍රනාන්දු 26, ජනිත් ප්‍රනාන්දු 52, යසුරු රුද්‍රිගෝ 27/2, ශාරධ ජයරත්න 51/2, තරුක්ෂ අශේල් 55/6) සහ දෙවැනි ඉනිම පන්දුවාර 54.5 කදී ලකුණු 188 යි – (කවීෂ සඳුරුවන් 20, උවිඳු පෙරේරා 25, යුනෙත් සෙනෙවිරත්න 96*, තරුක්ෂ අෂේල් 52/7, ශාරද ජයරත්න 75/3)
• යුනයිටඩ් සදර්න් සහ මුවර්ස් ප්‍රතිඵල රහිතයි
යුනයිටඩ් සදර්න් පළමු ඉනිම පන්දුවාර 110.5 කදී ලකුණු 342 යි – (සෙහාන් අශිංස 100, දමේෂ් මතිෂන් 50, තත්සර දෙව්මිත් 37, තමිඳු ප්‍රදීප්ත 60, කවීෂ කල්පන 23, විදුර ලක්ෂාන් 24*, ඉඳුවර උදේන 103/4, මල්ෂ තරුපති 49/3,
මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 68.2 කදී කඩුලු 9 ට ලකුණු 251 යි – (රවීෂාන් ද සිල්වා 99, ඔමේෂ් මෙන්ඩිස් 24, මල්ෂ තරුපති 15, සිතුම් සත්සිඳු 40, දිනෝෂ් ගමගේ 20, සඳරු මල්ෂාන් 14, ඉඳුවර උදේන 20*, කවීෂ කල්පන 473, කවීෂ ගීත්මාල් 54/2)
• රාගමට පළමු ඉනිමේ ජයක්
රාගම පළමු ඉනිම පන්දුවාර 71.2 කදී ලකුණු 212 යි – (සහන් කෞෂල්‍ය 37, දෙනුර දම්සිත් 53, විරංග යෙෂාන් 35, තෙමිර කුමාරගේ 47, විහස් තෙව්මික 98/5, හිමරු දේශාන් 49/5)
ටැමිල් යුනියන් පළමු ඉනිම දෙවැනි ඉනිම පන්දුවාර 49.3 කදී ලකුණු 170 යි – (ටෙහාන් බිටාර් 29, සචිරු හංසල 16, සචිර වෙලිවත්ත 27, නෙමිඳු අක්මීමන 39, සාරුජන් ශන්මුගනාදන් 16, විහස් තෙව්මික 19, තෙමිර කුමාරගේ 18/2, කෙවින් නානායක්කාර 38/2, දසිත් ගුණතිලක 53/4)
රාගම දෙවැනි ඉනිම පන්දුවාර 38 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 126 යි – (දෙනුර දිමන්සිත් 37, සහන් කෞෂල්‍ය 42, ළහිරු අබේසිංහ 30*, හිමරු දේශාන් 31/2)
• එන්.සී.සී. ට පළමු ඉනිමේ ජයක්
බදුරලිය පළමු ඉනිම පන්දුවාර 59.1 කදී ලකුණු 171 යි – (හිරුන් කපුරුබණ්ඩාර 69. කූජන පෙරේරා 14, එනෝෂ් පීටර්සන් 26, මනස මදුභාෂණ 37, ශක්ති උදාර 64/7)
එන්.සී.සී. පළමු ඉනිම පන්දුවාර 49 කදී ලකුණු 247 යි – (ජීවකසහින් 62, යෙනුල දෙව්තුස 38, දිනෙත් ගුණවර්ධන 28, චන්දූප සේනාරත්න 35, ශක්ති උදාර 20, රුසඳ සිල්වා 53/3, තරුෂ් දමිඳු 30/3, මානස මදුභාෂණ 46/2)
බදුරලිය දෙවැනි ඉනිම පන්දුවාර 66.4 කදී ලකුණු 227 යි – (කූජන පෙරේරා 36, ඉනෝෂ් පීටර්සන් 26, හිරුන ගාල්ලගේ 35, ෂෙහාන් මදුශංක 82, රුසඳ සිල්වා 19, ශක්ති උදාර 107/4, යෙනුල දෙව්තුස 15/2)
• සී.සී.සී. ට පළමු ඉනිමේ ජයක්
සී.සී.සී. පළමු ඉනිම පන්දුවාර 65.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 379 යි – (සරිත් සුදීන 70, වෙනුර විතානගේ 45, අංජල බණ්ඩාර 91, සනුල් වීරත්න 81, රශ්මික පෙරේරා 55, ඉනුක කරන්නාගොඩ 12, ලෙස්ටර් ජයවීර 19/2)
මොරටුව පළමු ඉනිම පන්දුවාර 67.3 කදී ලකුණු 203 යි – (ලෙස්ටර් ජයවීර 17, ප්‍රෙම්ෂ් මදුභාෂණ 19, වගීෂ පෙරේරා 65, දිනෙත් සිතුමිණ 10, රුසිත් ජයවර්ධන 19, අදේෂ් අල්මේදා 19, මනුජ චන්තුක 19, ඉනුක කරන්නාගොඩ 90/5, දුවිඳු රණතුංග 21/2, තිසරු වන්නිනායක 37/2)
සී.සී.සී. දෙවැනි ඉනිම පන්දුවාර 44 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 261 යි – (සරිත් සුදීන 72, වෙනුර විතානගේ 51, සෙනුල් වීරරත්න 68, රශ්මික පෙරේරා 50*, මයුර මල්ෂාන් 19/3)
• ලියෝ ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයක්
ගාල්ල පළමු ඉනිම පන්දුවාර 70.3 කදී ලකුණු 237 යි – (යුතික ද සිල්වා 35, දුල්සිත් දර්ශන 67, තෙවිඳු රශ්මික 19, මනිත රාජපක්ෂ 43, හසිත සුරංග 15, චතුම් ලක්ප්‍රිය 22, අරෝෂ උදයංග 20, විසල් භාරත 12*, විශ්ව පීරිස් 75/4, සදෙව් දිනරු 20/2, පූරුණ කල්හාර 52/3)
ලියෝ පළමු ඉනිම පන්දුවාර පන්දුවාර 64.1 කදී කඩුලු 7 ට ලකුණු 283 යි – (අවින්ත ද අල්විස් 99, නෙලුක හේෂාන් 24, නෙත්ම කරුණාරත්න 51, විශ්ව රාජපක්ෂ 33, පුර්ණ කල්හාර 58, අරෝෂ උධයංග 46/2, මනිත රාජපක්ෂ 77/2)
ගාල්ල දෙවැනි ඉනිම පන්දුවාර 37 කදී කඩුලු 8 ට ලකුණු 175 යි – (තෙවිඳු රශ්මික 60, යුතික ද සිල්වා 14, හසිත සුරංග 45, දුල්සිත් දර්ශන 18, නෙත්ම කරුනාරත්න 12/4)
• පානදුරට පළමු ඉනිමේ ජයක්
පොලිස් පළමු ඉනිම පන්දුවාර 79.2 කදී ලකුණු 297 යි – (ධනුජ ඉඳුවාර 135, ගගන් පෙරේරා 57, සෙනුක චෙරාන් 56, විශ්ව ළහිරු 72/4, රන්දික මිහිරංග 65/4)
පානදුර පළමු ඉනිම පන්දුවාර 62.4 කදී ලකුණු 301 යි – (අසදිස ද සිල්වා 91, සුවහස් ප්‍රනාන්දු 28, සිත්රු ගුණරත්න 28, කාංචන ද ලිවේරා 27, විශ්ව ළහිරු 65, මිහින් සොයිසා 18, රන්දික මිහිංග 24, සුපුන් ප්‍රනාන්දු 83/3, තුෂාන් ජයසේකර 71/3, චතුම් කුලසේකර 38/2)
පොලිස් දෙවැනි ඉනිම පන්දුවාර 41.3 කදී ලකුණු 86 යි – (මලීෂ සඳරුවන් 29, ගගන් පෙරේරා 24, විශ්ව ළහිරු 16/6, රන්දික මිහිරංග 44/4)
• යුද හමුදාවට පළමු ඉනිමේ ජයක්
යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 53.2 කදී ලකුණු 153 යි – (ශෙනෙශ්ක නෙත්සර 21, නෙත්මාල් ද සොයිසා 13, ක්‍රිෂේන් බණ්ඩාර 15, උමෙෂ ද සිල්වා 34, පැතුම් විහංග 20, වෙන්කට් රාජේන්ද්‍ර 55/5, නදුන් සිල්වා 37/3)
කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම පන්දුවාර50.3 කදී ලකුණු 238 යි – (හෙලිත් එදිරිසිංහ 24, අසාර් මාජිඩ් 41, දිදුල එදිරිසූරිය 16, කවීෂ ඉඳුවර 39, ටෙනූෂ නිම්සර 22, හසිඳු වික්‍රමාරච්චි 66, ඉනුක ද සිල්වා 39/5, පැතුම් විහඟ 85/2)
යුද හමුදාව දෙවැනි ඉනිම පන්දුවාර 40.2 කදී ලකුණු 176 යි – (අශාන් සුදර්ශන 50, ෂෙනෙෂ්ක නෙත්සර 18, සුකිත දෙව්තිලිණ 17, නෙත්මාල් ද සොයිසා 45, උමේෂ ද සිල්වා 31, නදුන් සිල්වා 37/5, කවීෂ ඉඳුවර 57/2, වෙන්කට් රාජේන්ද්‍රන් 35/2)
කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 18.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 92 යි – (අසාර් මාජිඩ් 27, දිදුල එදිරිසූරිය 19, පුල්ජිත් වත්සුක 17, පැතුම් විහඟ 35/3, උමේෂ් ද සිල්වා 19/2)




