slc
logo
Home   |    News
ජූලි 3, 2026
LPL හයවැන්නේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ කර තිබේ. ජූලි 17 වැනිදා ආරම්භ වන LPL තරගාවලියේ සියලුම තරග සඳහා ප්‍රවේශපත්‍ර BookMyShow වෙබ් අඩෙිවියට පිවිසෙමින් මිලදී ගත හැක.

තරගාවලියේ හයවැනි අදියර ජූලි 17 වැනිදා ආරම්භවී අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර, සමාරම්භක තරගය ජූලි 17 වැනිදා සවස 7.30ට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය. එදින තරගය ආරම්භ වීමට පෙර ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විශේෂ ඩ්‍රෝන සංදර්ශනයක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර මිල ගණන් ක්‍රීඩාංගණ අනුව වෙනස් වන අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණය සඳහා රුපියල් 300, 1000 සහ 1500 ලෙසත් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සඳහා රුපියල් 300, 500, 1000, 2000, 2500 සහ 3000 ලෙසත් නියම කර ඇත.

එමෙන්ම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (PICS) සඳහා ප්‍රවේශපත්‍ර රුපියල් 400, 1000, 2500 සහ 5000 ලෙසත්, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සඳහා රුපියල් 500, 1000, 1500, 2500, 5000 සහ 7500 ලෙසත් අලෙවි කෙරේ.

මෙවර LPL තරගාවලියත් තරගකාරීත්වයෙන් මෙන්ම විනෝදාස්වාදයෙන්ද පිරිපුන් ක්‍රිකට් සැණකෙළියක් බවට පත් කිරීමට සංවිධායකයන් සැලසුම් කර ඇති අතර තරගාවලියේ ආරම්භක දිනයේ සිටම ප්‍රේක්ෂකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

Active filters

Recent Posts

  • උදාරගේ විශිෂ්ඨ ඉනිමෙන් ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථායකට
    කැරිබියන් බිමේදී සිය ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලහිරු උදාර, ද්විත්ව ශතකය ලකුණු 12 කින් මඟහැර ගියද ශ්‍රී ලංකාව පළමු දිනයේදී ප්‍රභල ස්ථානයකට […]
  • ශ්‍රී ලංකා–ඉන්දියා යොවුන් එක්දින සටන හෙට හම්බන්තොටින් ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ ඉන්දීය අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (04) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. […]
  • LPL හයවැන්නේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹෙයි
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ කර තිබේ. ජූලි 17 වැනිදා ආරම්භ වන LPL තරගාවලියේ සියලුම තරග […]
  • මෙත්සරාගේ උත්සාහය අපතේ යයි
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම අතර පුදුචෙරිහිදී සිකුරාදා (03) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 49ක […]
  • මල්ෂ තරුපති දෙවැනි ශතකයත් වාර්තා කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ ජූලි 2 වැනිදා නිමාවට පත් වූ තරග අතරින් කැපී පෙනෙන දක්ෂතාව දැක්වීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee