slc
logo
Home   |    News
ජූලි 1, 2026
ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා යොවුන් සංචිත ප්‍රකාශයට පත් කෙරේ

sinhala editor

2028 වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ද්විපාර්ශ්වික තරගාවලිය සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ජූලි 3 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම සංචාරය එක්දින තරග තුනකින් සහ සිව්දින තරග දෙකකින් සමන්විත වේ.

2026 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් විමත් දින්සර නම් කරන ලද කණ්ඩායම් දෙකේම නායකයා වන අතර කවීජ ගමගේ උප නායකයා ලෙසින්ම කටයුතු කරනු ඇත.

කපිල විජේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සහ සිව්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සංචිත නම් කර තිබේ.

එමෙන්ම ගිම්හාන් මෙන්ඩිස් සහ දිමත් අබේසිංහ පළමු වරට මෙම මට්ටමේ සංචිතයට කැඳවා ඇති අතර, රෙහාන් පීරිස් සහ කිත්ම විදානපතිරණ යළිත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ සංචිතයට එක් කර ඇත.

තරගාවලිය ජූලි 04 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භ වේ. දෙවැනි එක්දින තරගය ජූලි 06 වැනිදාත්, තෙවැනි එක්දින තරගය ජූලි 09 වැනිදාත් එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

එක්දින තරගාවලියෙන් අනතුරුව දෙපිළ සිව්දින තරග දෙකකට ක්‍රීඩා කරන අතර පළමු සිව්දින තරගය ජූලි 13 සිට 16 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් දෙවැනි සහ අවසන් සිව්දින තරගය ජූලි 20 සිට 23 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.

ලෝක කනිෂ්ඨ ක්‍රිකට් පිටියේ ඉදිරි තරු බිහිකරන වේදිකාවක් ලෙස සැලකෙන මෙම තරගාවලිය, දෙරටේම නැගී එන ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට මහඟු අවස්ථාවක් වනු ඇත. විශේෂයෙන්ම ඉදිරි වයස අවුරුදු 19න් පහළ ජාත්‍යන්තර තරගාවලි සහ ජාතික කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් සූදානම් කිරීමේදී මෙම සංචාරයට විශේෂ වැදගත්කමක් හිමිව තිබේ.

එක්දින සංචිතය
 ක්‍රීඩකයාපාසල
 රෙහාන් පීරිස්රාජකීය විදුහල – කොළඹ
 දිමන්ත මහවිතානත්‍රිත්ව විදුහල – මහනුවර
 සෙනුජ වෙකුණගොඩශාන්ත ජෝෂප් විදුහල – මරදාන
 විමත් දින්සර (නායක)රාජකීය විදුහල – කොළඹ
 කවීජ ගමගේ (උප නායක)කිංග්ස්වුඩ් විදුහල – මහනුවර
 චාමිික හීනටිගලමහානාම විදුහල – කොළඹ
 චමරිඳු නෙත්සරශාන්ත ශර්වේෂස් විදුහල – මාතර
 දුල්නිත් සිගේරාමහානාම විදුහල – කොළඹ
 සෙත්මික සෙනෙවිරත්නත්‍රිත්ව විදුහල – මහනුවර
 විග්නේෂ්වරන් ආකාශ්ශාන්ත ජෝශප් විදුහල – මරදාන
 කුගදාස් මාතුලන්ශාන්ත ජෝන් විදුහල – යාපනය
 ජේසන් ප්‍රනාන්දුශාන්ත පීතර විදුහල – බම්බලපිටිය
 ගිම්හාන් මෙන්ඩිස්ශාන්ත තෝමස් විදුහල – ගල්කිස්ස
 දිමත් අබේසිංහමලියදේව විදුහල – කුරුණෑගල
 කිත්ම විදානපතිරණආනන්ද විදුහල – කොළඹ
සිව්දින සංචිතය
 ක්‍රීඩකයාපාසල
 දිමන්ත මහවිතානත්‍රිත්ව විදුහල – මහනුවර
 රෙහාන් පීරිස්රාජකීය විදුහල – කොළඹ
 සෙනුජ වෙකුණගොඩශාන්ත ජෝෂප් විදුහල – මරදාන
 විමත් දින්සර (නායක)රාජකීය විදුහල – කොළඹ
 කවීජ ගමගේ (උප නායක)කිංග්ස්වුඩ් විදුහල – මහනුවර
 චාමික හීනටිගලමහානාම විදුහල – කොළඹ
 ජේසන් ප්‍රනාන්දුශාන්ත පීතර විදුහල – බම්බලපිටිය
 දුල්නිත් සිගේරාමහානාම විදුහල – කොළඹ
 එස්.ඒ. ඉඳුවරරාජකීය විදුහල – කොළඹ
 විග්නේෂ්වරන් ආකාෂ්ශාන්ත ජෝසප් විදුහල – මරදාන
 ලතේන්ද්‍ර ආකාශ්ශ්‍රී සුමංගල විදුහල – හික්කඩුව
 රමිරු පෙරේරාරාජකීය විදුහල – කොළඹ
 ඕෂධ මනහරඩී.එස්. සේනානායක – කොළඹ
 දිමත් අබේසිංහමලියදේව විදුහල – කුරුණෑගල
 චමරිඳු නෙත්සරශාන්ත ශර්වේෂස් විදුහල – මාතර
 විරාන් චමුදිතශාන්ත ශර්වේෂස් විදුහල – මාතර

තරග කාලසටහන

ජූලි 04 – පළමු එක්දින තරගය හම්බන්තොටදී

ජූලි 06 – දෙවැනි එක්දින තරගය හම්බන්තොටදී

ජූලි 09 – තෙවැනි එක්දින තරගය හම්බන්තොටදී

ජූලි 13–16 – පළමු සිව්දින තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ජූලි 20–23 – දෙවැනි සිව්දින තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee