ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (25) නිමාවට පත්වූ අතර, එහිදී පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
එහිදී යුද හමුදා ක්‍රීඩා සමාජය යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය ලකුණු 156කින් පරාජය කරමින් දැවැන්ත ජයක් වාර්තා කළ අතර, ලියෝ ක්‍රිකට් සමාජය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කුරුණෑගල ක්‍රීඩා සමාජය ලකුණු 76කින් පරාජය කළේය. මොරටුව ක්‍රීඩා සමාජයද නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණක තියුණු ජයක් වාර්තා කළේය.
දිනයේ පිතිකරුවන් අතරින් ලියෝ ක්‍රිකට් සමාජයේ අශාන් ප්‍රනාන්දු ලකුණු 67ක්, නෙත්ම කරුණාරත්න ලකුණු 57ක් සහ නෙලුක හේෂාන් ලකුණු 51ක් ලබා ගනිමින් අර්ධ ශතක වාර්තා කළහ. යුද හමුදා ක්‍රීඩා සමාජයේ සුඛිත දෙව්තිළිණ ලකුණු 61ක් සහ හර්ෂජිත් රුශාන් ලකුණු 65ක් ලබාගත් අතර පැතුම් ඩිල්ශාන් ලකුණු 53ක් රැස් කළේය.
කුරුණෑගල ක්‍රීඩා සමාජය වෙනුවෙන් කේශාන් වන්නිආරච්චි ලකුණු 51ක් ලබාගනිමින් අර්ධ ශතකයක් වාර්තා කළේය.
පන්දු යැවීමේදී ගාල්ල ක්‍රිකට් සමාජයේ සුභානු රාජපක්ෂ ලකුණු 30කට කඩුලු 5ක් දවාගනිමින් දස්කම් දැක්වූ අතර, යුද හමුදා ක්‍රීඩා සමාජයේ මල්ක මදුශංක ලකුණු 49කට කඩුලු 5ක් දවාගත්තේය. ඔහුට අමතරව එම කණ්ඩායමේ ලිලාන් රංගන ලකුණු 41කට කඩුලු 4ක් දවාගනිමින් විශිෂ්ට දස්කමක් දැක්වීය.
තරගයේ විසඳුමක් නොමැත.
චිලව් මේරියන්ස් ක්‍රිකට් සමාජය – 88/8 (පන්දුවාර 26.1)
මහීෂ සිතුම් 19, සුභානු රාජපක්ෂ 30/5
නාවික හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 38ක ජයක්.
නාවික හමුදා ක්‍රීඩා සමාජය – 123 (පන්දුවාර 40.3)
පුලස්ති අතපත්තු 46, අවිඳු තීක්ෂණ 26, කසුන් කරුණාතිලක 32/3, කාවින්ද ඊශ්වර 19/3
රාගම ක්‍රිකට් සමාජය – 85 (පන්දුවාර 32)
හසිත් පෙරේරා 19, ඩිලංක අවර්ඩ්ට් 26/3, කොශාන් ජයවික්‍රම 23/2
තරගයේ විසඳුමක් නොමැත.
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – 174/5 (පන්දුවාර 36)
තෙවිඳු දික්වැල්ල 32, ලහිරු අත්තනායක 32, යශෝධ මෙන්ඩිස් 28, ඉරුත් ගිම්ශාන් 22, හසිඳු වික්‍රමාරච්චි නොදැවී 19, පුන්සර සඳරුවන් 32/2
සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලියෝ ක්‍රිකට් සමාජයට ලකුණු 76ක ජයක්.
ලියෝ ක්‍රිකට් සමාජය – 232/4 (පන්දුවාර 44)
අශාන් ප්‍රනාන්දු 67, නෙත්ම කරුණාරත්න 57, නෙලුක හේෂාන් 51, රොමේෂ් සුරංග නොදැවී 20
තීක්ෂණ සංජීව 35/3
කුරුණෑගල ක්‍රීඩා සමාජය – 139/7 (පන්දුවාර 31.5)
කේශාන් වන්නිආරච්චි 51, ඩිල්ශාන් කොල්ලුරේ 25, ගිත්මින් කොළඹගේ 27/3
ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව මොරටුව ක්‍රීඩා සමාජයට ලකුණක ජයක්.
මොරටුව ක්‍රීඩා සමාජය – 187 (පන්දුවාර 44.5)
උශේන් සිල්වා 42, සංජන සෙනෙවිරත්න 30, මයුර මල්ශාන් 26, දිනෙත් සිතුමිණ 21, චනුර ප්‍රනාන්දු 31/3, හංසජ හිරුණ 35/2, සසික ඩිල්ශාන් 40/2
නිගම්බු ක්‍රීඩා සමාජය – 163/9 (පන්දුවාර 36)
මොහොමඩ් මුර්ශාද් 42, රශ්මික මෙවන් 32, දිනිත සිරිවර්ධන 31, රිශ්ම අමරසිංහ 25, මදුසංක ප්‍රේමරත්න 33/3, සංජන සෙනෙවිරත්න 13/2
යුද හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 156ක ජයක්.
යුද හමුදා ක්‍රීඩා සමාජය – 387/8 (පන්දුවාර 44.5)
හර්ෂජිත් රුශාන් 65, සුඛිත දෙව්තිළිණ 61, පැතුම් ඩිල්ශාන් 53, අශාන් සුදර්ශන 33, මනුශ්ක සමිත් 27
ලිඳුල නුවංග 78/3, ශැරෝන් අභිශේක් 30/3
යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය – 131 (පන්දුවාර 32.1)
කවිඳු එදිරිවීර 26, ලිඳුල නුවංග 25, අසන්ත බස්නායක 23, දෙනුවන් රාජකරුණා 20, මල්ක මදුශංක 49/5, ලිලාන් රංගන 41/4



