ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතක වාර්තා කිරීමට සමත් වූහ.
මුවර්ස් ක්‍රීඩා සමාජය සහ සී.සී.සී. සමාජය අතර කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මුවර්ස් කණ්ඩායමේ නායක සොහාන් ද ලිවේරා පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 108ක් රැස් කළේය. ඔහුගේ ශතකය මුවර්ස් කණ්ඩායමට ලකුණු 276ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කර ගැනීමට ද මහත් පිටිවහලක් විය.
මේ අතර එන්.සී.සී. සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කවින් බණ්ඩාර ද විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සිය මංගල එක්දින ශතකය වාර්තා කළේය. පන්දු 70කට පමණක් මුහුණ දුන් ඔහු හතරේ පහර 6ක් සහ දැවැන්ත හයේ පහර 7ක් සමඟ ලකුණු 108ක් රැස් කළේය. ඔහුගේ වේගවත් ඉනිම හේතුවෙන් එන්.සී.සී. කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 326ක් ලබා ගැනීමට හැකියාව ලැබිණ.
පිතිකරණයෙන් කැපී පෙනුණු තවත් ක්‍රීඩකයකු වූයේ පානදුර ක්‍රීඩා සමාජයේ විශේන් හැළඹගේය. ඔහු ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 15කදී ලකුණු 50ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟිනි. එම ඉනිමත් සමඟ ඔහුගේ ප්‍රහාරාත්මක පිතිහරඹය කැපී පෙනුණි.
මීට අමතරව මුවර්ස් කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා ලකුණු 51ක්, සී.සී.සී. සමාජයේ පවන් රත්නායක නොදැවී ලකුණු 50ක්, පානදුර ක්‍රීඩා සමාජයේ තවීෂ අභිශේක් ලකුණු 54ක් සහ විමත් දින්සර ලකුණු 61ක් රැස් කළහ. ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ සිනෙත් ජයවර්ධන ලකුණු 62ක් ලබා ගත් අතර, එන්.සී.සී. කණ්ඩායමේ විනුක රූබසිංහ ලකුණු 58ක් සහ ගවිරු සෙන්හස් ලකුණු 61ක් රැස් කළහ. බී.ආර්.සී. කණ්ඩායමේ ඉසුරු ප්‍රනාන්දු ද ලකුණු 72ක් ලබා ගනිමින් කැපී පෙනුණි.
පන්දු යැවීමේදී දවසේ හොඳම දක්ෂතාව වාර්තා කළේ එන්.සී.සී. කණ්ඩායමේ චාමික ගුණසේකරය. ඔහු පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 20කට කඩුලු 6ක් දවා ගනිමින් ප්‍රතිවාදී ඉනිම ලකුණු 143කට සීමා කිරීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය.
මේ අතර මුවර්ස් ක්‍රීඩා සමාජය, පානදුර ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. කණ්ඩායම් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණ වාර්තා කළ අතර, කොල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 5ක ජයක් හිමි කර ගත්තේය. එස්.එස්.සී. සහ බී.ආර්.සී. අතර තරගය විසඳුමකින් තොරව අවසන් විය.
මුවර්ස් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 25ක ජයක්
මුවර්ස් එස්.සී. – කඩුලු 9ක් දැවී ලකුණු 276යි (පන්දුවාර 50)
සොහාන් ද ලිවේරා 108, ජනිශ්ක පෙරේරා 51, සිතාර ගිම්හාන් 47, මිලාන් රත්නායක නොදැවී 28; විශ්ව ප්‍රනාන්දු 58/3.
සී.සී.සී. – සියලු දෙනා දැවී ලකුණු 157යි (පන්දුවාර 36.3)
පවන් රත්නායක නොදැවී 50, අංජල බණ්ඩාර නොදැවී 26; ශිරාන් ප්‍රනාන්දු 17/2.
පානදුර කණ්ඩායමට ලකුණු 37ක ජයක්.
පානදුර එස්.සී. – කඩුලු 8ක් දැවී ලකුණු 225යි (පන්දුවාර 36)
විමත් දින්සර 61, තවීෂ අභිශේක් 54, විශේන් හැළඹගේ 50, ඔෂද ප්‍රනාන්දු 25; ලහිරු සමරකෝන් 42/4, විජයකාන්ත් වියස්කාන්ත් 41/4.
ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 188යි (පන්දුවාර 32.5)
සිනෙත් ජයවර්ධන 62, නවෝද් පරණවිතාන 25, ශාරුජන් ශන්මුගනාදන් 25, විහස් තෙව්මික 20; කළණ පෙරේරා 36/3, විශ්ව ලහිරු 13/2.
එන්.සී.සී. කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 173ක ජයක්.
එන්.සී.සී. – කඩුලු 8ක් දැවී ලකුණු 326යි (පන්දුවාර 50)
කවින් බණ්ඩාර 108, ගවිරු සෙන්හස් 61, විනුක රූබසිංහ 58, ජීවක සශීන් 28, යෙනුල දෙව්තුස 26; තිලකරත්න සම්පත් 66/2, ධනුජ ඉඳුවර 35/2.
පොලිස් ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 143යි (පන්දුවාර 33.5)
මොහොමඩ් ශමාස් නොදැවී 42, කිත්ම විතානපතිරණ 23; චාමික ගුණසේකර 20/6.
කොල්ට්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 5ක ජයක්.
බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම – සියලු දෙනා දැවී ලකුණු 98යි (පන්දුවාර 32.1)
ජනිත් ලියනගේ 34; ඩිල්ශාන් මධුශංක 18/3, ධනංජය ලක්ෂාන් 24/2.
කොල්ට්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 99යි (පන්දුවාර 18.1)
ධනංජය ලක්ෂාන් 37; ඒශාන් මාලිංග 35/3.
එස්.එස්.සී. සහ බී.ආර්.සී. අතර තරගයේ විසඳුමක් නැත.
බී.ආර්.සී. – කඩුලු 6ක් දැවී ලකුණු 228යි (පන්දුවාර 40)
ඉසුරු ප්‍රනාන්දු 72, පවන් සංදේශ් 41, දුලාජ් අශේන් 29, ලිත්ම පෙරේරා 26, මොවින් සුබසිංහ නොදැවී 28; ප්‍රමෝද් මධුෂාන් 31/2.
එස්.එස්.සී. – කඩුලු 2ක් දැවී ලකුණු 70යි (පන්දුවාර 19.5)
අවිශ්ක ප්‍රනාන්දු 28.




