slc
Home   |    News
ජූලි 27, 2019
“මෙරටෙන් හෝ විදේශයකින් ආරාධනයක් ලදොත් පුහුණුකරුවකු වනවා” ලසිත් මාලිංග

Sri Lanka Cricket

දක්ෂතාව ඕනෑම අයෙකු සතුය. එය ප්‍රගුණකර විශේෂිතවූ පුහුණුවීම් තුළින් වර්ධනය කර ගැනීමෙන් විශිෂ්ට හැකියාවන් මතුවේ. එවැනි අයගේ පීඩනය ඉවත් වී පහසුවෙන් ජාත්‍යන්තරයට යා හැකි යැයි එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සිකුරාදා (16) විශ්‍රාමගත් ලසිත් මාලිංග බංග්ලාදේශය සමග සමුගැනීමේ තරගයෙන් පසුව මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේය.

 මේ ආකාරයෙන් දක්ෂ පන්දු යවන්නන්ට ජාත්‍යන්තර තත්ත්වයට පිවිස උපරිම හැකියාවන් ප්‍රදර්ශනය කළ හැකි යැයි පැවසු ලසිත් මාලිංග ශ්‍රී ලංකාවේ හෝ විදේශීය රටක තරුණ ක්‍රීඩකයන්ට උපදෙස් හා පුහුණුව ලබාදී ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට කිසිවෙකු තමාට ආරාධනය කරන්නේ නම් තමා එය සතුටෙන් භාරගන්නා බවද ප්‍රකාශ කළේය. අවුරුදු 15-17 ක්‍රීඩකයන් ඊට වඩාත් උචිත වන්නේ යැයිද හේ කීය.

යෝකර් පන්දු, බවුන්සර් පන්දු ,වේගයෙන් දුවවිත් සෙමින් පන්දු යැවීම (ස්ලෝ බෝල්) ගුවනේ දෝලනය වන පන්දු පිතිකරු මුලාවන ආකාරයේ පන්දු යැවීමට තමා දීර්ඝ ලෙස නිරන්තරයෙන් පුහුණුවක් ලැබූ හෙයින් තරගයකදී කඩුලු ලබා ගැනීමේ අවස්ථාව උදාවූ බවද මාලිංග කීවේය.

මා දැන් වයසට ගිය (අවුරුදු 36යි) වේග පන්දු යවන්නෙක්. තරුණ අවධියේ මෙන් වේගය තිබුණා නම් මා විවිධාකාරයෙන් යවන පන්දු සමග මීටත් වඩා දස්කම්පෑමට ඉඩ තිබුණා. එහෙත් දැන් තිබෙන අඩු වේගයත් සමග මා සතු කුසලතාවයන් ස්වල්පය ප්‍රයෝජනයට ගෙන මා කඩුලු ලබා ගන්නවා  යැයි ද මාලිංග පැවසීය. ආරම්භක පන්දු යවන්නන් සෑම අවස්ථාවක දීම අදිටන් කරගත යුත්තේ පළමු ඕවර දහයේදී කඩුලු දෙකක්වත් දවාලීමටය. එසේ වුවහොත් කණ්ඩායම සාර්ථක වනවා. වත්මන් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් අතුරින් ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු දක්ෂයි. ඒත් ඔවුන් තවත් පුහුණුව ලැබිය යුතුයි. පිතිකරුවකු පන්දුවට පහරදෙන අවස්ථාවේ ඔහු හැසිරෙන ආකාරයෙන් ඔහු දවා ගැනීමට ක්‍රියාකළ හැකි යැයිද හේ කීය.

තමා පවුලේ සාමාජිකයන් සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පැතිර යන කට කතාවන්හි කිසිදු සත්‍යයක් නැතැයි පැවසු මාලිංග බංග්ලාදේශ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකනට පිළිතුරු දෙමින් ලසිත් මාලිංග කෙනෙකු වීමට අවශ්‍ය නම් අධිෂ්ඨානයෙන් කැපවීමෙන් උපරිමයෙන් ක්‍රියා කළ යුතුව ඇතැයි කීවේය.

තමාට මෙම තත්ත්වයට ඒමට උපකාර කළ දෙමාපියන්ටද, බිරිදට හා ප්‍රධාන පුහුණුකරු චම්පක රාමනායක ඔහු කෘතවේදීතාවය පළ කළේය. චම්පක රාමනායක දකුණු පළාතේ දී මාව සොයාගෙන ඔහු ක්‍රීඩා කරන ගාල්ල ක්‍රීඩා සමාජයට ඇතුළත් කරගත්තා. පසුව ඔහුගේ පන්දු යවන ස්ථානය මා හට පිරිනමා ඔහු පුහුණුකරුවෙකු වූ බව චම්පකව ස්තූති පූර්වකව සිහිපත් කරමින් මාලිංග කීය.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest