slc
logo
Home   |    News
ජූලි 18, 2019
“යන්න කළින් බොහෝදෙනා කීවේ අපට තරගයක්වත් දිනන්න බැහැ කියලයි” ඉසුරු උදාන කියයි

Sri Lanka Cricket

ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන් …………

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යාමට පෙර මෙහිදී බොහෝදෙනා ප්‍රකාශ කළේ  ශ්‍රී ලංකාවට එකම තරගයක්වත් දිනන්න බැහැ කියලයි. එම මතය වෙනස් කරලා අප තරග තුනක්ම ජයගත්තා. මට දුක අපට අවසාන පූර්ව තරගයට ඒමට බැරිවීම ගැනයි.ඊට සුදුසුකම් ලැබීමට තරම් අපහට දස්කම් තිබුණා යැයි 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව්වේම දස්කම් දක්වන ක්‍රීඩක ඉසුරු උදාන ප්‍රකාශ කරයි.

මෙයට පෙර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන් (2015 හා ඊට පෙර ) පැවැත්වුයේ කණ්ඩායම් කොටස් දෙකකට බෙදා එහි ඉහළින් සිටින කණ්ඩායම් හතර අවසාන පූර්ව තරගයට සහභාගි කරවීමයි. එය පහසු නිසා අවසාන පූර්ව තරගයට ඒමට ලෙහෙසියි. මෙවර කණ්ඩායම් නවයක් සමග තරග කිරීම මදක් අසීරු කරුණක් වුවා යැයි තමා පෞද්ගලිකවම සිතන බව ඉසුරුඋදාන පැවසීය.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම පුද්ගලික දක්ෂතා පිළිබදව ඉසුරු මෙසේ අදහස් දැක්වීය. ලෝක කුසලාන තරගාවලියට පෙර දකුණු අප්‍රිකා සංචාරයේ දී මා පන්දුවට පහර දීමේදී හා පන්දු යැවීමේ දී හොදින් දස්කම් දැක්වූවා. මා සාමාන්‍යෙයන් පන්දුවට පහරදීමට පිටියට යන්නේ අංක අට හෝ නවය ස්ථානයන්වලයි. දකුණු අප්‍රිකා සංචාරයේ මම පන්දුවට පහරදීමට කළ සැලසුම හොදින් සාර්ථක වුවා. ලෝක කුසලානයේ දීත් මම පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ සැළසුමක් ඇතිවයි.එය කළින් මෙන් හොදින් ක්‍රියාත්මක වුයේ නැතිවීම ගැන කණගාටුයි. ඊට කිසිවකු වගකියන්න අවශ්‍ය නැහැ. වැරැද්ද ඇත්තේ මගේ අතේමයි ඉසුරු උදාන ප්‍රකාශ කරයි.

ඉසුරු උදාන පිළිබදව ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් කිසිවෙකු නොදන්නා කරුණු කිහිපයක් ද ඔහු අනාවරණ්‍ය කළේය. 2005 වසර සිට වසර පහක් යනතුරු අවුරුදු 17න් 19න් හා 21න් පහළ සමස්ත ලංකා තුන් පිම්ම පැනීමේ සූරයා වුයේ ද ඉසුරු උදානය. ඔහු එම වයස් මට්ටමෙන් හයවරක් සමස්ත ලංකා සූරයා වී තිබේ. එම අවධියේ ඒ වයස් කාණ්ඩයන්හි දුරපැනීමේ දෙවන තෙවන සමස්ථ ලංකා සූරයා වුයේද ඔහුය.

1988 පෙබරවාරි 17 බලංගොඩ උපත ලද ඉසුරු උදාන තිලකරත්න අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්වන තුරු අධ්‍යාපනය ලැබුවේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය විදුහලෙනි. ඔහු කොළඹ ඩී.එස්.සේනානායක විදුහලට ඇතුලු වූයේ උසස් පෙළ හැදෑරීම සදහාය. ආනන්ද මෛත්‍රී විදුහලේ 13න් පහල කණ්ඩායමට ක්‍රීඩා කරමින් ඔහු ප්‍රථමවරට ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේය. එහිදී සාමාන්‍ය පෙල තෙක් සුසන්ත කුලරත්නත් , ඩී.එස්.සේනානායක විදුහලේ සම්පත් පෙරේරාත් ඔහුගේ පුහුණුකරුවන් ලෙස ක්‍රීයා කළහ. ප්‍රථම වරට ලංකා 19න් පහළ පිල නියෝජනය කර මැලේසියාවේ සංචාරයකට සහභාගිවී ජාත්‍යන්තර පිටියට පිවිසියේය. 2009 එංගලන්තයේ දී 20-20 කණ්ඩායම නියෝජනය කර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළේය.

වමතින් වේග පන්දු යවන ඉසුරු උදාන ජාත්‍යන්තර තලයට පැමිණි පසු පුහුණුකරුවන් වූයේ දර්ශන ගමගේ සහ චමින්ද වාස්ය. ලසිත් මාලිංග තරගයක් පැවැත්වෙන විටත් ඉන් පිටදීත් ඔහුට උපදෙස් රැසක්ම ලබාදී ඇතැයි ඉසුරු පවසයි. පිතිකරණයේ පුහුණුකරුවන් වූයේ සුමිත්‍ර වරණකුලසූරිය , අවිශ්ක ගුණවර්ධන සහ ලංකා ද සිල්වාය. වසර හයක් පමණම ඔහු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමද නියෝජනය කර සිටී.

          31 හැවැරිදි ඉසුරු උදාන තිලකරත්න මාස පහක පුත්‍ර‍යෙකුගේ දයාබර පියෙකි. ඉසුරුගේ පියා නිමල් තිලකරත්න සවුදි අරාබියේ යුද හමුදා ඉංජිනේරු අංශයේ පරීක්ෂවරයෙකි.මව ලංකා බැංකුවේ බලංගොඩ ශාඛාවේ සේවය කරයි. ඉදිරියේ එන බංග්ලාදේශ සහ නවසීලන්ත තරගාවලියන්හි හොදින් සේවය කර අනාගතයේ මව්බිම වෙනුවෙන් දක්ෂතා දැක්වීම ඔහුගේ අපේක්ෂාවන්ය.

          ඉසුරු උදාන එක්දින තරග 13කට සහභාගිවී වමතින් වේගපන්දු යවමින් කඩුලු 9ක් දවා(සාමාන්‍ය 57) අංක 8 හෝ 9 ස්ථානවල දකුණතින් වේගයෙන් පන්දුවට පහරදෙමින් තරග 13දී ලකුණු 170ක් (සාමාන්‍ය 18.9) ලබා සිටී.ඔහු ද්‍රවිඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරයි.

බන්දුල මොල්ලිගොඩ.

Active filters

Recent Posts

  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එක්දින තරගාවලියත් කළින්ම ජය ගනිති
    ශ්‍රී ලංකා ‘ඒ ‘ – ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් ද අද (03) කඩුලු හතරක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා ‘ඒ […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අමෙරිකාවත් පරාජය කරයි
    අබුඩාබිහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිකුරාදා (03) අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීය. […]
  • නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් ශූරතාව ගාල්ලට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ශූරතාව ගාල්ල කණ්ඩායම දිනා ගැනීටම සම්තවිය.  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee