slc
Home   |    News
අගෝස්තු 6, 2019
සැඟව සිටි ක්‍රීඩකයන් 19න් පහළ තරගාවලියෙන් එළියට ආවා – නිපුන් ධනංජය

Sri Lanka Cricket

කුශලතාවයන්ගෙන් පිරිපුන් අවුරුදු 19න් පහළ රටපුරා විසිර සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පසුගියදා පැවැති 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදි ඉදිරියට ඒමට අවස්ථාව උදාවූ බව 19න් පහළ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි පහකදී ලංකා පිලට නායකත්වය දුන් නිපුන් ධනංජය පවසයි.

අප කෙදිනකවත් දැක නොසිටි පිට පළාත් වල දක්ෂ ක්‍රීඩකයන් මෙවර මූලික සංචිතයට ඇතුලු වි තිබුණා. යාපනයේ වියාස් කාන්ත් සහ ඩී.විනෝෂන් දඹුල්ල කණඩායමට ඇතුලු වී වියාස් කාන්ත් තරගවලට ද සහභාගිවූවා. පිට පළාත් වලින් පැමිණි සියළුම ක්‍රීඩකයනට ජාතික 19න් පහළ සංචිතයේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩාකර අත්දැකීම් රැසක්ම ලබා ගැනීමට අවස්ථා උදාවූ බවද නිපුන් ධනංජය පවසයි.

මේ තරගාවලියේ දී නිපුන් ධනංජය දඹුල්ල කණ්ඩායමට නායකත්වය දුන් අතර සූරතාව හිමි කරගත්තේ කමිල් මිෂාරගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායමයි. කමිල් පසුගිය ජාත්‍යන්තර තරගාවලදී ලංකා කණ්ඩායමේ උප නායකයා විය.

කණ්ඩායමේ සංචිතය 28 දක්වා අඩුවනතුරු තරුණ පිරිස් බොහෝදෙනෙකුට දස්කම් පෙන්වීමට අවස්ථාව සැලසුණු බව කී නිපුන් ධනංජය මෙවැනි අන්තර් පළාත් තරගාවලියන් වාර්ෂිකව සංවිධානය වුවහොත් සැගව සිටින දක්ෂයන්ට පහසුවෙන් එළියට ඒමට අවස්ථාව සැළසෙන බවද කීවේය. අන්තර් පළාත් තරගාවලිය සංවිධානය කර සංචිතයක් පිහිටුවීමට ප්‍රධාන හේතුව වූයේ ලබන මස (සැප්තැම්බර්) මෙහි පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ ලබන වසරේ මුල (2020) දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන මීළග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ලංකා කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණිනි.

නිපුන් ධනංජය 2018 සහ 2019 වසරයන්හි ලංකා 19න් පහළ කණ්ඩායමේ ජාත්‍යන්තර තරගාවලි පහකට නායකත්වය ලබාදී ඇත. එම තරගාවලියන් වනුයේ 2018 මෙහි පැවැති ඉන්දීය කණ්ඩායමේ සංචාරය 2018 බංග්ලාදේශයේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය එම වසරේ බංග්ලාදේශ කණ්ඩායම මෙහි පැමිණි අවස්ථාව 2019 වසරේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සහ මේ වසරේ පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග වැදුණු අවස්ථාවයි.

2000 සැප්තැම්බර් 28 වැනිදා නාත්තණ්ඩිය බාදුරාවදී උපත ලද නිපුන් ධනංජයගේ පියා මංජුල සංජීව පෙරේරා වඩු කාර්මිකයෙකි. මව දයානි සමන්ති ගෘහණියකි. ධනංජය තෙවන වසර තෙක් නාත්තණ්ඩිය ධම්මිස්සර විදුහලේ අධ්‍යාපනය ලබා පසුව ජෝශප්වාස් විදුහලට ඇතුලුවිය. 2017දී ඔහු කමිදු මෙන්ඩිස් නායකත්වය දැරූ ශ්‍රී ලංකා 19න් පහළ පිල නියෝජනය කර ආසියානු සහ ලෝක කුසලාන තරගාවලියන්ට ද සහභාගිවිණි. පාසල්වියේ ඔහුගේ පුහුණුකරුවන් වූයේ වසන්ත විජේසූරිය සහ තරංග ලියනපතිරණය. වත්මන් පුහුණුකරු වන්නේ හෂාන් තිලකරත්නය.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest