slc
Home   |    News
අගෝස්තු 25, 2019
සිව්වැනි දිනයේත් ආරම්භය පමාවෙයි

Sri Lanka Cricket

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (25 දා) දිනයේදීත් වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා දිවා ආහාරය තෙක් තරගය ආරම්භ කිරීමට විනිසුරුවන්ට නොහැකි වී තිබේ.  මුළු ක්‍රීඩාංගණයම මේ වන විට වසා තිබෙන අතර ආරම්භ කරන වේලාව තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතියි.

උදෑසන සිටම විටින් විට ඇද වැළුණු සුලු වැසි තත්ත්වය හේතුවෙන් මුළු ක්‍රීඩාංගණයම වැසි ආවරණවලින් වසා තැබීමට ක්‍රීඩාංගණ බලධාරීන් ඇතුළු සේවක පිරිස කටයුතු  කළහ.  කෙසේ වෙතත් තරගය ආරම්භ කිරීම බලාපොරොත්තුව වෙනුවෙන් උදෑසන කාලයේ අවස්ථා කීපයකදීම යාර 30 සීමාවෙන් එපිට වැසි ආවරණ කීපයක් ඉවත් කිරීමට සේවක පිරිස කටයුතු යෙදුවත් තණතීරුව සහිත ආවරණ ඉවත් කිරීමට කටයුතු නොකළහ. එහෙත් ඒ අතර ද නැවතත් සිහින් පොද සහිත වැසි තත්ත්වයක් හට ගත් හෙයින් විවෘත කරන ලද ස්ථානද යළි වසා දැමීමට පියවර ගැණිනි.

සත්කාරක ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 244 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායම තෙවැනි දිනය අවසනදී කඩුලු 4 කට ලකුණු 196 ක් ලබා සිටින අතර ටොම් ලතම් ලකුණු 111 ක් සහ බී.ජේ. වොට්ලින් ලකුණු 25 ක් ලබා පන්දුවට පහර දීමේ සූදානමින් පසුවෙති.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest