slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2019
අපේ දක්ෂතා ජාත්‍යන්තරයට නැවතත් සනාථ කරයි

Sri Lanka Cricket

මාසයක කාලයක් තුළ පැවැති ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේ ටෙස්ට් තරගාවලිය 1-1 ලෙසත් 20-20 තරගාවලිය 2-1 (නවසීලන්ත) ලෙසත් සිකුරාදා (6) නිමාවට පත්වුයේ කණ්ඩායම් දෙකම බොහෝ දුරට සමාන දස්කම් දැක්වීමකින් පසුවය. මෙය ශ්‍රී ලංකාව දෙසින් බලන කළ බෙහෙවින් වාසිදායක වන්නේ වසර තුන හතරක්ම ජයග්‍රහණ නොමැතිව, ප්‍රබල සටනක් ප්‍රතිවාදීනට දීමට නොහැකි තත්ත්වයෙන් මිදී නැවතත් අපටම ආවේනික වු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමෙනි.

එංගලන්තයේ පැවැති පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට තේරී එහි ලකුණු තත්ත්වයන් සම කිරීමට තරම් ප්‍රබල කණ්ඩායමක් වන නවසීලන්ත සමග කරට කර සිටින සේ දස්කම් පෑමෙන් ශ්‍රී ලංකා දක්ෂතා නැවත වතාවක් ජාත්‍යන්තර ඉදිරියේ ඔප්පු කැරිණි.

ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් මේ ක්‍රීඩාවට කොතරම් සමීපද යන්න පල්ලේකැලේ තරග තුනේදීම සෑම දිනකම විසපන්දහස ඉක්මවා පැමිණීමෙන් ද ගාල්ල හා කොළඹ තරග නැරඹු විශාල ජනකාය කණ්ඩායම දිරිමත් කළ ආකාරයෙන්ද මනාව පැහැදිලිවිය.

මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින කණ්ඩායම් එකම ක්‍රීඩකයන් නියෝජනය කළ අතර දක්ෂයෙකුට වුවද කණ්ඩායමට ඇතුළු වීම බෙහෙවින් අසීරු වූයේ ජාතික කණ්ඩායම ප්‍රබලම තත්ත්වයක පැවැතීමෙනි. වත්මන්ටෙස්ට් හා සීමිත ඕවර කණ්ඩායම්වලට ද ඇතුලු වීමට ක්‍රීඩකයෙකුට අසීරු තත්ත්වයක් දැන් නැවත ක්‍රම ක්‍රමයෙන් උදාවීමෙන් පැහැදිලි වන්නේද කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් තුල ඇති දක්ෂතාවයන්ය.

වත්මන් ටෙස්ට් කණ්ඩායම පළපුරුදු ක්‍රීඩකයන් රැසකින් සමන්විත වුවද 20-20 කණ්ඩායමට බොහෝදුරට නවයකයන් සමූහයක් ද ඇතුළත්ව සිටියහ. ඔවුන් තුළ දක්නට ලැබුණු සටන්කාමිත්වය සහ තරගකාරීත්වය ද පැසසිය යුතුවේ. මේ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ශ්‍රේණිගත කිරීමේ දි ඉදිරියට පැමිණ සිටීම සුබ පෙර නිමිත්තකි.

මේ මස අගදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් පාකිස්තාන සංචාරයකටත් ඉන්පසුව ඕස්ට්‍රේලියාවේ තරගාවලියකටත් සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම් පසුගිය ලෝක කුසලාන තරගාවලියේ තරග තුනක් ජය ගැනීමෙන් ද ඊට පෙර දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලියේදී එහිදී පරාජය කිරීමෙන් ද මෙරට බංග්ලාදේශය එක්දින තරග 3-0කින් පරදා නවසීලන්තය සමග දස්කම් පෑමෙන් දක්ෂතා අතරට පැමිණ සිටිති. අවශ්‍ය වන්නේ මෙය තව තවත් ප්‍රගුණ කිරීමකි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee