slc
Home   |    News
සැප්තැම්බර් 14, 2019
ආසියානු යොවුන් කිරුළේ ආධිපත්‍ය යළිත් ඉන්දීය අනසට

Sri Lanka Cricket

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් 09 වැනි වරටත් පැවැති වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි අවසන් මහ තරගයේදී බංග්ලාදේශ පිලට එරෙහිව ලකුණු 05 ක තියුණු ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ එම තරගාවලි ඉතිහාසයේ මෙතෙක් පවත්වාගෙන ආ අපරාජිත ආධිපත්‍ය එලෙසින්ම රඳවා ගැනීමට අද (14 දා) සමත්වූහ.

අඩු ලකුණු වාර්තා වෙමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය සැබැවින්ම තියුණු මුහුණුවරක් ගෙන පැවැතිණ. විටෙක තරගයේ ජය බංග්ලාදේශයටද විටෙක ඉන්දියාවටද දෝලනය වුණු මෙම තරගයේදී 33 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද අත්‍රාවා අන්කොලෙකාර් බංග්ලාදේශයේ අවසන් පිතිකරුවන් දෙදෙනා දවා ගනිමින් ඉන්දීය ජයග්‍රහණය සනාථ කළේය.

බංග්ලාදේශ ඉනිමේ නව වැනි පිතිකරුවා ලෙසින් දැවී ගිය ටැන්සිඩ් හසන් (12) කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී ගියේ යැයි විනිසුරු සංඥා කළද එය පිත්තේ ඇතුළත දාරයේ වැදී යෑමක් ලෙස පුනරූපණ වල සටහන් විය. කෙසේ වෙතත් තෙවැනි විනිසුරු විමසීමේ ක්‍රමවේදය මෙම තරගාවලියට අදාළ නොවීම හේතුවෙන් ප්‍රධාන විනිසුරුගේ තීරණයෙහි වෙනසක් නොවීය.

පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක් තරම් අඩු ඉලක්කයක බංග්ලාදේශ පිලට හිමි වුවත්, අත්‍රාවා අන්කොලේකාර්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔවුන්ට ලබා ගත හැකිවූයේ පන්දුවාර 33 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 101 ක් පමණි. ඉන්දියාව අද දිනා ගන්නා ලද්දේ එම තරගාවලි ඉතිහාසයේ 7 වැනි කිරුළ වුණු අතර බංග්ලාදේශය ප්‍රථම වතාවට අනුශූරයින් බවට පත්විය.

අදාළ හඹා යැමේදී පළමු කඩුලු 4 ම ලකුණු 14 කදී දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුවද, ශහදත් හොසේන්ට එක් වූ නායක අක්බර් අලී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 24 ක සම්බන්ධතාවක් පවත්වමින් බංග්ලාදේශ ලකුණු පුවරුව පෝෂණය කළේය. එහෙත් ශහදත් හොසේන් සහ ශමීන් හොසෙන් දෙදෙනාම ලකුණු 11 ක් ඇතුළතදී දවා ගත් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත් ආත්‍රාව අනකොලේකාර් තරගයේ වැඩි වාසි යළිත් ඉන්දීය යොවුන් පිල වෙත නතු කර දුන්නේය.

එහෙත් ධෛයර්ය අත් නොහළ නායක අලී මිතුන්ජෝයි චෞද්‍රි සමඟ එක් වෙමින් 7 වැනි කඩුල්ලට ලකුණු 27 ක් එක් කළේය. බංග්ලාදේශ ඉනිමේ විසි වැනි පන්දුවාරය ක්‍රියාත්මක වද්දී වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය තාවකාලිකව නවතා දමන විට බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 6 ට ලකුණු 77 ක් ලෙස දිස්විය. ඒ අවස්ථාව වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශ පිලේ ඉලක්කය බවට පත්ව තිබුණේ ලකුණු 71 කි.

සියල්ල වෙනස් වූයේ ඉන් පසුවයි. තරගය ආරම්භ වී යවන ලද ඊළඟ පන්දු වාරයේදීම නායක අක්බර් අලීව දවා ගත් ආත්‍රාවා අන්කොලේකාර්, තම කණ්ඩායමට නැවතත් ජයග්‍රාහී බලාපොරොත්තු එක් කිරීමට සමත්විය. බංග්ලාදේශ ඉනිමේ සමස්ථයක් ගෙන බැලීමේදී නම් දරා සිටින පිතිකරුවන් 7 දෙනා 39 ක් ලබා ගනිද්දී අවසන් පිතිකරුවන් සිව් දෙනා ලකුණු 44 ක් එක් කිරීමට සමත්වූහ. එකී පිතිකරුවන් සිව් දෙනාගේ දක්ෂතාවය නොවන්නට මෙම තරගය මීට පෙර ඉන්දීය පිලේ වාසියට හැරෙනවා නොඅනුමානය.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු අන්කොලේකාර් නිලකුණු පන්දුවාර 2 ක්ද සමඟින් යොමු කරන ලද පන්දුවාර 8 ඇතුළත ලකුණු 28 ක් පමණක් ලබා දෙමින් කඩුලු 5 ක් දවා ගත්තේය. ඔහුට අමතරව වේග පන්දු යවන අකාෂ් සිං ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගනිමින් ජයග්‍රහණය වෙනුවෙන් වැඩි කාර්යය භාරයක් ඉටු කළේය.

කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පස්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ආරම්භයේ සිටම පීඩනයකට යටත්ව තබා ගත්තේ ඉන්දීය පිලේ ප්‍රබලම බලාපොරොත්තුව බවට පවත්ව සිටි අර්ජුන් අසාඩ් ඇතුළු ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 08 ක් ඇතුළත දවා ගනිමිනි. ඉදිරි පෙළ විනාශ වුණු ඉන්දීය ඉනිම යළි ගොඩ ගැනීමේ මෙහෙයුමක නිරත වුණු නායක දෘව් ජුරල් ලකුණු 33 ක් ලබා ගත්තද ලකුණු 62 ක් තිබියදී 7 වැනි පිතිකරු ලෙසින් ඔහු පිටියෙන් ඉවත්විය. කෙසේ වෙතත් අංක 8 පිතිකරු ලෙසින් පිටියට පිවිසි කරන් ලාල් ලකුණු 37 ක් රැස් කරමින් ලකුණු 100 සීමාවෙන් ඔබ්බට ඉන්දීය කණ්ඩායම රැගෙන ගියේය.

ලකුණු සාරාංශය – ඉන්දීය යොවුන් පිල පන්දුවාර 32.4 කදී සියලුදෙනා දැවී ලකුණු 106 යි – (කරන් ලාල් 37, දෲ ජුරල් 33, ශාෂ්වත් රාවල් 19, රිතුන්ජෝයි චෞද්‍රි 18/3, ශමීම් හොසේන් 08/3)

බංග්ලාදේශ යොවුන් පිල පන්දුවාර 33 කදී සියලුදෙනා දැවී ලකුණු 101 යි – (අක්බාර් අලී 23, මිතුන්ජෝයි චෞද්‍රි 21, ටන්සිඩ් හසන් 12, රකිබුල් හසන් (නොදැවී) 11, අන්ත්‍රාවා අන්කොලේකාර් 28/5, අකාෂ් සිං 12/3)

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest