slc
Home   |    News
ඔක්තෝබර් 8, 2019
පැතුම් 192යි සංගීත් 89යි, ශ්‍රී ලංකා ‘ඒ’ 357/2යි

Sri Lanka Cricket

සූරියවැව පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර තරගයේ අවසාන දිනයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා පැතුම් නිශ්ශංක (192) සහ සංගීත් කුරේ (89) ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී මුල් විකට්ටුවට ලකුණු 219ක වාර්තාගත සබදතාවයක් තබාගැනීම මත සිව්වන හා අවසාන දින තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු දෙකකට ලකුණු 357ක් ලබා ප්‍රබලම තත්ත්වයක පසුවීමට අවස්ථාව උදාවිණි.

තුන්වන දින තරගය නිමාවනවිට කිසිවෙකු නොදැවී ලකුණු 126ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන දිනයේදී කඩුලු දෙකක් පමණක් දැවී තවත් එක්කළ ලකුණු ප්‍රමාණය ලකුණු 231කි. බංග්ලාදේශ පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් නොදී පැතුම් සහ සංගීත් මෙදින ලකුණු රැස් කළේ තමන්ට රිසිලෙසිනි.

මේ සිව්දින නිල නොවන ටෙසට් තරගයද නිමාවට පත්වූයේ විසදුමකින් තොරවය. තරගාවලියද තරග 0-0ක් ලෙස නිමාවිණි. කණ්ඩායම් දෙක අතර එක්දින තරග තුනක තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිශ්ශංඛ පන්දු 307කදී හතරේ 20ක් සහ හයේ පහරක් සමග ලකුණු 192ක්ද සංගීත් කුරේ පන්දු 188කදී හතරේ 12ක් සමග ලකුණු 89ක්ද ලැබීම විශේෂත්වයකි. තරගය නිමාවට පත්වන විට කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 67ක් ලබා සිටියේ පන්දු 134කට මුහුණදී හතරේ හයක් සමගය පැතුම්,සංගීත් හා කමිදු මේ තරගාවලිය පුරාම ලකුණු අතර සිටි අතර දැන් ඔවුන් ජාතික කණ්ඩායමේ දොරටුවටද තට්ටු කරන අවස්ථාවක පසුවෙති.

පසුගියදා දකුණු අප්‍රිකාවේ සංචාරය කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පිතිකරුවන්ද මෙලෙසම ලකුණු අතරට පැමිණෙමින් සිටීමද දක්නට ලැබිණි. ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන්නේ පන්දුයැවීම තව මදක් ප්‍රබල කර ගැනීම පමණී.

  • ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම 268යි බංග්ලාදේශ මුල් ඉනිමේ 330යි
  • ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිම කඩුලු 2ට 357යි (ඕවර 107යි)

          පැතුම් නිශ්ශංඛ 192, සංගීත් කුරේ 89,කමිදු මෙන්ඩිස් නොදැවී 67

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest