slc
logo
Home   |    News
ඔක්තෝබර් 3, 2019
ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවනට අත්දැකීම් රැසක්, ඕස්ට්‍රේලියාව 3-0කින් ජයගනී

Sri Lanka Cricket

සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා කාන්තා තෙවන 20-20 තරගයද ජයගත් ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම තරගාවලිය ජය ගත්තේ 3-0ක් ලෙසිනි.

මාස හයකට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහභාගිවූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක සූරියන් වන ඕස්ට්‍රේලියාව වෙතින් පරාජය වුවත් එම තරගාවලියෙන් අත්දැකීම් රැසක්ම ලබාගැනීමට සමත්විණි. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තෙවන තරගයේදීද ලකුණු 30ක් ලබා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අතර මේ තරගාවලියේ ඇයගේ ඉනිමක සමාන්‍ය ලකුණු සංඛ්‍යාව 53ක් වැනි ඉහළ මට්ටමක පැවැතිණි. තෙවන තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දැවීගිය කඩුලු දෙකම චමරි අතපත්තු දවාගත්තේ තමාගේ නියමීත ඕවර හතරේ දී ලකුණු 27ක් පමණක් දීමෙනි.

තෙවන 20-20 තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 226ක් ලබාගත් අතර එය ඕවරයකට 11.3ක සාමාන්‍යයකි. ආරම්භක පිතිකාරිණිය ඇලිසා හීලී පන්දු 61කදී හයේ හතක් හා හතරේ 19ක් සමග නොදැවී ලකුණු 148ක් රැස්කර 20-20 තරගයක පිතිකාරිණියක ලැබූ වැඩිම ලකුණු ලබා ලෝක වාර්තාව පිහිටුවුවාය. හීලි සහ නායිකා ලැනිනි තෙවන කඩුල්ලට නොදැවී ලකුණු 58ක් ලබාගත්තේ ඕවර 3.2කදීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හතකට ලකුණු 94ක් ලබාගත්තේ ඕවරයකට 4.7ක සාමාන්‍යයකිනි. ලකුණු දහය ඉක්මවූයේ නායිකා චමරි අතපත්තු (ලකුණු 30යි පන්දු 39යි හතරේ පහයි) හර්ෂිකා මාධවී (ලකුණු 28යි පන්දු 33යි හතරේ පහයි) හා ශෂිකලා සිරිවර්ධනය (ලකුණු 11යි පන්දු 9යි හතරේ දෙකයි) දෙවන විකට්ටුවට චමරි සහ මාධවී ලකුණු 46ක් ලබාගත්තේ ඕවර අටක් තුළදීය.

ලකුණු විස්තරය

  • ඕස්ට්‍රේලියාව ඕවර 20දී කඩුලු 2ට 226යි.

ඇලිසා හීලී 148, රසෙල් හේන්ස් 41, චමරි අතපත්තු 27ට 2

  • ශ්‍රී ලංකාව ඕවර 20දී කඩුලු 7ට 94යි.

චමරි අතපත්තු 30යි, හර්ෂිකා මාධවී 28, ශෂිකලා සිරිවර්ධන 11, ජේ.කේරි 15ට 3යි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee