ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ඇලන් බෝඩර් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා කාන්තා එක්දින සීමිත ඕවර 50 ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පහසු ජයක් අත්කර ගත්තේ ලකුණු 157කිනි.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලබාගත් ලකුණු 281ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 41.3කදී සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 124ක් පමණෙකි. තරගයේ දක්ෂම ක්‍රීඩිකාවලෙස තේරුණේ ඕස්ට්‍රේලියාවේ මෙග් ලැනින්ය.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දෙවැනි කඩුල්ලට ඕවර 20.4කදී රසෙල් හේන්ස් (56) මෙග් ලැනින් (73) ලකුණු 126ක් ලබා හොදම සබදතාව වාර්තා කළහ. උදේශිකා ප්‍රබෝධනී දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 46කට කඩුලු දෙකක් බිද දැමුවාය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා ශෂිකලා සිරිවර්ධන (30) හර්ෂිකා මාධවී (22) කැපී පෙනුණු දක්ෂතා දැක්වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හොදම සබදතාවයන් වූයේ චමරි අතපත්තු (13) සහ හර්සිතා මාධවී (22) දෙවන කඩුල්ලට ඕවර හයකදී එක්කළ ලකුණු 32 සහ පස්වන කඩුල්ලට ශෂිකලා සිරිවර්ධන (30) සහ ඩිලානි මනෝදරා (14) ඕවර හතකදී එක්කළ ලකුණු 25ක සබදතාවයයි. ශ්‍රී ලංකා නායිකාව ශෂිකලා සිරිවර්ධන තම ඕවර 10දී ලකුණු 44කට කඩුල්ලක් දවා පසුව ලකුණු 30ක් රැස්කර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනියවූවාය.
- ඕස්ට්‍රේලියාව ඕවර 50දී කඩුලු 8ට 281යි.
රසෙල් හේන්ස් 56 මෙග් ලැනින් 73 බෙත් මුනි 66 උදේශිකා ප්‍රබෝධනී 46ට 2 ඕෂදී රණසිංහ 67ට 2
- ශ්‍රී ලංකාව ඕවර 41.3 දී 124යි
ශෂිකලා සිරිවර්ධන 30,හර්ෂිතා මාධවි 22, හංසිමා කරුණාරත්න 17, ඩිලානි මනෝදරා 14, චමරි අතපත්තු 13, ඒ.ගාඩ්නර් 9ට 2
බන්දුල මොල්ලිගොඩ
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-