slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2019
ශ්‍රී ලංකා ‘ඒ’ ප්‍රබල තත්ත්වයක : සංගීත් කුරේ 104යි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ‘ඒ’ – බංගලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්දින තරගයේ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 360ට පිළිතුරු ලෙස දෙවන දින තරගය නිමවන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 204ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිණි.

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දෙවන දිනයේ විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා ‘ඒ’ ආරම්භක පිතිකරු සංගීත් කුරේ අගනා ශතකයක් (ලකුණු 104යි පන්දු 151යි හතරේ 15යි) ලබා ගැනීමය. බංග්ලාදේශ  ‘ඒ’ කණ්ඩායමේ ජහුරුල් ඉස්ලාම් (90) සහ මොහොමඩ් මිතුන් ද (92) ලකුණු අතරට පිවිසියහ.

කණ්ඩායම් දෙක අතර කටුනායක පැවැත්වීමට නියමීත වූ නිල නොවන සිව්දින ප්‍රථම ටෙස්ට් තරගය අයහපත් කාලගුණය මත අවලංගු කිරීමේන් පසු මෙය දැන් තෙදින තරගයක් ලෙස සූරියවැවදී පැවැවත්වේ.

බංග්ලාදේශ කණ්ඩායම කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කර මුලින් ඉනිමේ ලබාගත් ලකුණු 360 විශාල ලෙස දායකවුයේ මොහොමඩ් මිතුන් (ලකුණු 92 පන්දු 120යි හතරේ 10යි හයේ 6යි) ජහුරුල් ඉස්ලාම් (ලකුණු 90යි පන්දු 210යි හතරේ 8යි) මෙහඩි හසන් මිරාස් (ලකුණු 57යි පන්දු 114යි හතරේ 7යි) සහ ෂඩ්මන් ඉස්ලාම්ය ( ලකුණු 53යි පන්දු 112යි හතරේ 8යි) ජහුරුල් ඉස්ලාම් සහ මිතුන් සිව්වන කඩුල්ලට එක්කළ ලකුණු 137 කණ්ඩායමේ හොදම සබදතාවයයි. දක්ෂ පන්දු යැවීමක නිරතවූ අසිත ප්‍රනාන්දු (59ට කඩුලු තුනයි) සහ කමිදු මෙන්ඩිස් (57ට කඩුලු 3යි) කඩුලු තුන බැගින් දවාලූහ.

ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඔවුන් ලකුණු රැස්කළේ ඕවරයකට ලකුණු හතරක් පමණ වන වේගයකින් යුතුවය. සංගීත් කුරේ පන්දු 151කදී හතරේ 15ක් සමග ලකුණු 104ක්ද කමිදු මෙන්ඩිස් පන්දු 141කදී හතරේ අටක් සමග නොදැවී ලකුණු 79ක්ද ලැබුවේ දෙවන කඩුල්ලට ඕවර 43කදී අගනා ලකුණු 165 සබදතාවයක්ද තබාගනිමිනි.

  • ලකුණු විස්තරය – බංග්ලාදේශය ‘ඒ’ මුල් ඉනිම ලකුණු 360යි (ඕවර 120.1)

මොහොමඩ් මිතුන් 92, ජහුරුල් ඉස්ලාම් 90, මෙහෙඩි හසන් මිරාස් 57,ෂඩ්මන් ඉස්ලම් 53, අසිත ප්‍රනාන්දු 59ට 3, රුමේශ් මෙන්ඩිස් 57ට 3

  • ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන දින තරගය නිමවන විට කඩුලු 2ට 204යි.

සංගීත් කුරේ 104යි, කමිදු මෙන්ඩිස් නොදැවී 79

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar