සූරියවැව පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’- බංග්ලාදේශ ‘ඒ’ සිව්දින නිලනොවන ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී කණ්ඩායම් දෙකම සමබර දක්ෂතා පෙන්වමින් සිටින හෙයින් මේ තරගය තියුණු තරගයක් බවට පෙරැළෙමින් පවතී.
තරගයේ දෙවන දින නිමවන විට ශ්‍රී ලංකා මුල් ඉනිමේ ලකුණු 268ට පිළිතුරු ලෙස බංග්ලාදේශ ‘ඒ’ මුල් ඉනිමේදී ඉදිරිපෙළ පිතිකරුවන් හයදෙනෙකු දැවී ලකුණු 283ක් ලබාසිටියේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවට පහරදෙද්දී වරක් ලකුණු 188කට කඩුලු 2ක් පමණක් ලබා ප්‍රබලම තත්ත්වයක පසුවුවද අවසාන කඩුලු අට දැවී ගියේ ලකුණු 95කටය. ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන කඩුල්ලට පැතුම් නිශ්ශංක (85) සහ කමිදු මෙන්ඩිස් (62) ලකුණු 121ක් (ඕවර 33) ලබා ගත්තත් මෙහෙදි මිරාස්ගේ ප්‍රබල පන්දුයැවීම හමුවේ අවසාන පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීගියහ. පැතුම් පන්දු 166කදී හතරේ 11ක් සමග ලකුණු 85ක්ද කමිදු පන්දු 121කදී හතරේ 8ක් හයේ පහරක් සමග ලකුණු 62ක්ද ලැබූහ.
පැතුම් නිශ්ශංක සහ කමිඳු මෙන්ඩිස් මේ ඉනිමේදී පන්දුවට පහරදුන්නේ ඕවරයකට සාමාන්‍ය ලකුණු හතරකට ආසන්න වේගයකිනි. මෙහිදී හසන් මිරාස් ඕවර 37ක් යවා ඉන් ඕවර 14කට ලකුණු නොදී ලකුණු 84කට කඩුලු හතක් දවාලූවේය.
බංග්ලාදේශ ඉනිමේ හයවන ඕවරය වන විට ලකුණු 22කට කඩුලු 2ක් දැවී ගියත් තෙවන කඩුල්ලට නායක මොනිමුල් හක් (117) සහ ෂඩ්මන් ඉස්ලාම් (77) එක්ව ලකුණු 154ක් (ඕවර 44) රැස්කිරීමේන් ඔවුනට ලංකා මුල් ඉනිම ආසන්නයට යාමට අවස්ථාව උදාවිණි. මොහොමඩ් ශිරාෂ් ශ්‍රී ලංකා ‘ඒ’ වෙනුවෙන් ලකුණු 56කට කඩුලු 3ක් දවාලූවේය.
- ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම ලකුණු 268යි.(ඕවර 90.2යි)
පැතුම් නිශ්ශංක 85, කමිදු මෙන්ඩිස් 62, චරිත් අසලංක 44, අෂාන් ප්‍රියංජන් 28, මෙහදි හසන් 84ට 7යි.
- බංග්ලාදේශය මුල් ඉනිම දෙවන දින තරගය නිමවන විට කඩුලු 6ට 283
මොනුමුල් හක් 117, ෂඩ්මන් ඉස්ලාම් 77, මොහොමඩ් ශිරාෂ් 56ට 3, ප්‍රභාත් ජයසූරිය 87ට 2
බන්දුල මොල්ලිගොඩ
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-