slc
logo
Home   |    News
ඔක්තෝබර් 9, 2019
ශ්‍රී ලංකා ‘ඒ’ විශිෂ්ට ජයග්‍රාහණයක් අත්කරගනී.

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ‘ඒ’ – බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ බදාදා(9) පැවැති ප්‍රථම නිලනොවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හතක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ තවත් පන්දු 145ක් ඉතිරිව තිබියදීය.

බංග්ලාදේශ කණ්ඩායම සියලුම පිතිකරුවන් ඕවර 33.3කදී දැවී ලබාගත් ලකුණු 116ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලකුණු 120ක් රැස්කර ජයගත්තේ ඕවර 25.5ක් වැනි ඉනිමේ අඩක් පමණක් ගතවද්දීය.

එක්දින තරග කළින් සූරියවැව පැවැත්වීමට නියමිතව තිබුණත් පසුව එය ප්‍රේමදාස ක්‍රීඩාංගණයට මාරුකැරිණි. බංග්ලාදේශය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළද ඔවුනට කිසිදු අවස්ථාවක ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් නොදිමට ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන්ද මෙහිදී විශිෂ්ට කාර්යයන් හි නිරතවනු දක්නට ලැබිණි. චාමික කරුණාරත්න ලකුණු 17කට කඩුලු 2ක්ද රමේෂ් මෙන්ඩිස් ලකුණු 17කට කඩුලු 2ක්ද දවාලූහ.

ශ්‍රී ලංකා ‘ඒ’ නායක අෂාන් ප්‍රියංජන් නායකත්ව ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 62කදී නොදැවී අර්ධ ශතකයන් (ලකුණු 50යි) ලබාගත්තේ හතරේ තුනක් හා හයේ දෙකක් සමගය. ඊට අමතරව ප්‍රියමාල් පෙරේරා නොදැවී ලකුණු 24ක් ලබාගත්තේ පන්දු 37කට මුහුණදෙමින් හතරේ පහරක් හා හයේ පහරක් සමගිනි.මොවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට ඕවර 12.2කදී නොදැවී එක්කළ ලකුණු ප්‍රමාණය 69කි. කමිදු මෙන්ඩිස් පන්දු 28කට මුහුණදී හතරේ තුනක් හයේ පහරක් සමග ලැබූ ලකුණු සංඛ්‍යාව 23කි.බංග්ලාදේශයේ වැඩිම ලකුණු ලාභියා වූ සයිෆ් හසන් පන්දු 47කදී හතරේ හතක් සමග ලකුණු 32ක් ලැබීය.

  • බංග්ලාදේශය ‘ඒ’ ඕවර 33.3කදී 116යි.

සයිෆ් හසන් 32, නජ්මුල් හොසේන් 24, චාමික් කරුණාරත්න 17ට 2යි, රමේෂ් මෙන්ඩිස් 17ට2

  • ශ්‍රී ලංකා ‘ඒ’ ඕවරය 25.5දී කඩුලු තුනට 120යි.

අෂාන් ප්‍රියංජන් නොදැවි 50යි ප්‍රියමාල් පෙරේරා නොදැවී 24,කමිදු මෙන්ඩිස් 23,සදුන් වීරක්කොඩි 16

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee