slc
logo
Home   |    News
නොවැම්බර් 8, 2019
“ඉවසීමෙන් හා කැපවීමෙන් අපට රටට ගෞරවයක් ගෙන ඒමට හැකිවුවා” නිපුන් ධනංජය කියයි

Sri Lanka Cricket

ඉවසීම දරා ගැනීමේ ශක්තිය (endurance) හා රටවෙනුවෙන් සාමූහිකව ක්‍රීඩා කිරීම යන කරුණු මත ශ්‍රී ලංකා අවුරුචු 19න් පහළ කණ්ඩායමට බංග්ලාදේශය සමග දෙවන සිව්දින ටෙස්ට් තරගය ජය පැරදුමින් තොරව කෙළවර කර තරගාලිය සමකර (0-0) ගෞරවනීය තත්ත්වකට පත්වීමට අවස්ථාව උදාවූ බව ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් නායක් නිපුන් ධනංජය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ප්‍රථම ටෙස්ට් තරගය අයහපත් කාලගුණයේ බලපෑමෙන් ජය පැරැදුමෙන් තොරව නිමාවුවත් එම තරගයේ ඉදිරියෙන් සිටියේ අප කණ්ඩායමයි. දෙවන ටෙස්ට් තරගයේ මුල් ඉනිමේචී තණතිල්ල පිතිකරුවනට වාසිගෙන දුන්නේ නෑ. ඒත් දෙවන ඉනිමේ දී තණතිල්ල හැසිරු‍ණේ හාත්පසින්ම වෙනත් ආකාරයකටයි. එය පිතිකරුවනට යෝග්‍ය වුවා. අවසාන දිනයේදී අප පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ හොද තරග සැලැස්මක් ඇතිවයි. එය නියමාකාරයෙන් ක්‍රියාත්මකවුවා යැයි නිපුන් ධනංජය කීය.

අපගේ අරමුණ වූයේ අවසාන දිනයේ හැකි තරම් වේලාවක් කඩුල්ලේ රැදී සිටීමයි. එය සාර්ථක වූවා. කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගෙන් ලැබුණු සහයෝගය මා ඉතා අගේ කරනවා. විශේෂයෙන්ම මේ තරගය බේරා ගැනීමට ලැබුණේ හයවන හා හත්වන කඩුලුවලට හොද සබදතා දෙකක් වාර්තා කිරීමට උදාවූ නිසායැයි ද ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායකයා පැවසීය.

අවසාන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා මුල් ඉනිමේ ලැබූ ලකුණු 184ට පිළිතුරු ලෙස බංග්ලාදේශය ලකුණු 354ක් (මුල්ඉනිමේදී) ලැබීය. අවසාන දින තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී කඩුලු 5කට ලකුණු 187ක් ලබා බංග්ලාදේශයට වඩා ලකුණු 17ක් පමණක් දෙවන ඉනිමේදී ඉදිරියෙන් සිටියේ කඩුලු පහක් පමණක් ඉතිරිවය.නායක නිපුන් ධනංජය හයවන කඩුල්ලට ලක්ෂාන් ගමගේ (45) සමග ලකුණු 68ක්ද හත්වන කඩුල්ලට දුලිත් වෙල්ලාලගේ (45) සමග ලකුණු 82ක් ලබා ශ්‍රී ලංකාව ගෞරවනීය තත්ත්වයකට ගෙන ආහ. නිපුන් ධනංජය මිනිත්තු 483 (පැය අටක්) කඩුල්ලේ රැදී පන්දු 318කට මුහුණ දී ලකුණු 81ක නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් කණ්ඩායමේ ගැලවුම්කරු ලෙසින් ක්‍රීඩා කළේය.

          19න් පහළ කණ්ඩායමේ අනාගත තරගාවලියන් සම්බන්ධයෙන්ද නිපුන් ධනංජය මේ සාකච්ඡාවේදී තම අදහස් දැක්වීය. මේ මස අවසානයේ සිට ලබන මස මුල දි අප බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ශ්‍රී ලංකා, එංගලන්ත හා කොදෙව් කණ්ඩායම් සමග තුන්කොන් එක්දින තරගාවලියකට සහභාගිවනවා. එහි වේගවත් තණතිලිවල හොදින් ක්‍රීඩා කිරීමට අප පුහුණුවක් ලබනවා.

          ඉන්පසු 2020 ජනවාරි මස දකුණු අප්‍රිකාවේදී අප 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවනවා. ඊටත් හොදින් මුහුණදීම අපගේ තවත් අපේක්ෂාවක්. 19න් පහළ මාගේ කාර්යයභාර්යය ලබන අප්‍රේල් මස අවසානවනවා. කණිෂ්ට හා ජ්‍යෙෂ්ට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයනට මට කීමට ඇත්තේ හොදින් පුහුණුව ලබා ඉවසීමෙන් කඩුල්ලේ රැදී රටට දැයට ගෞරවයක් අත්කරදීමේ පරමාර්ථයෙන් සාමූහිකව ක්‍රීඩා කරන ලෙසටයි.

          බංග්ලාදේශ සංචාරයේදී ඔවුනගේ තණතිලිවල ඔවුනගේ ක්‍රීඩාලෝලීන් ඉදිරියේ අප දැක්වූ දස්කම් පිළිබදව මා සතුටුවනවා. තරගයක් පවතින තත්ත්වය අනුව රට වෙනුවෙන් එකාවන්ව ක්‍රීඩා කිරීමට කුඩා කළ සිටම ක්‍රීඩකයන් අදිටන් කරගත යුතුව ඇතැයි ද නිපුන් ධනංජය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බන්දුල මොල්ලිගොඩ.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee