slc
Home   |    News
දෙසැම්බර් 5, 2019
කාන්තා ලෝක කුසලානයට පෙර අප එංගලන්තය හා දකුණු අප්‍රිකාව සමග පුහුණු තරග දෙකකට සහභාගී වනවා – හර්ෂ ද සිල්වා කියයි

Sri Lanka Cricket

කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පෙබරවාරි මස 16 සහ 18 දිනවල දී  දකුණු අප්‍රිකාව(16) සහ එංගලන්තය(18) සමග පුහුණු තරග දෙකකට ඇඩිලේඩ් නගරයේ දී  සහභාගිවීමට නියමිත බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා ප්‍රකිශ කරයි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 14 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන අතර ශ්‍රී ලංකාව අයත් වන ‘ඒ’ කොටසට නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළත් වේ. “බී” කොටසට අයත් රටවල් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්, දකුණු අප්‍රිකාව,එංගලන්තය,පාකිස්තානය සහ තායිලන්තයයි .

අපගේ අපේක්ෂාව වන්නේ මූලික වටයේ දී ඉන්දියා බංගලාදේශයත් තවත් එක් රටක් සමග පෙරළිකාර ජයග්‍රහණයක් ලබා අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීම බව කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 22 වැනිදා පර්ත් නගරයේ දී නවසීලන්තය සමගත් (රාත්‍රී තරගයක්) 24 වැනි දා පර්ත් නගරයේ දී ඕස්ට්‍රේලියාව සමගත් (දිවා කාලයේ තරගයක්) 29 වැනි දා මෙල්බන් නගරයේ දී ඉන්දියාව සමගත් (රාත්‍රි තරගයක්) මාර්තු 2වැනිදා මෙල්බර්න් නගරයේ දී බංග්ලාදේශය සමගත් (දිවා කාලයේ) තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකාරියන් අටක් පන්දු යවන්නියන් පහක් සහ තුන්ඉරියව් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ද ඇතුලත් කිරීමට අපේක්ෂා කරන බව හර්ෂ ද සිල්වා පවසයි. දැනට ක්‍රීඩිකාවන් 20ක් යොදවා අප පුහුණු කරවන අතර එය ජනවාරි මුල් සතිය වන විට ක්‍රීඩිකාවන් 15 කගේ සංචිතයකට ගෙන ඒමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා පුහුණුකරු පවසයි.

ඕස්ට්‍රේලියාවේ තණතිලි දේශගුණය අපට වඩා වෙනස්.වේග තණතිලි වල වේග පන්දු වලට මුහුණ දීමට අප ක්‍රීඩිකාවන් සූදානම් කරනවා.අවුරුදු 16න් පහළ 17න් පහළ පිරිමි ළමුන්ගේ පන්දුවලට මුහුණදීමටත් ඉඩසලසනවා.ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම් ඉතා ශක්තිමත් අප ඔවුන් ක්‍රීඩා කරනවා දැක තිබෙනවා. ඔවුනගේ ප්‍රබල අංශත් දුර්වල අංශත් අප දන්නවා.ඊට සූදානම්ව අප එහි යායුතුයි. ඕස්ට්‍රේලියාව දැනට ලෝක සූරියන්වනවා. ඕස්ට්‍රේලියාවේදී අපට උදව් කිරීමටත් අපගේ ප්‍රවීණයන් රැසක් බලාසිටිනවා. ඒ සමගම පෙරහුරු තරගාවලියක් ලෙස ජනවාරි පමණ බංග්ලාදේශය මෙහි ගෙන්වා ගැනීමටත් අපේක්ෂා කරනවා. මේ සියලු කටයුතු සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපට උපරිම සහය ලබා දෙන්නේ යැයි ද හර්ෂද සිල්වා කීවේය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest