slc
logo
Home   |    News
දෙසැම්බර් 1, 2019
ශ්‍රී ලංකව නියෝජනය කරන අපව කවදාවත් දැක නැති තරුණ ළමුන් අද අප සමග කරට කර තරග කරනවා – ඕෂදී රණසිංහ කියයි

Sri Lanka Cricket

ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන අපට කවදාවත් දැකලාවත් නොසිටි තරුණ ළමුන් අද අපත් සමග කරට කර හරි හරියට ක්‍රීඩා කරනවා.ඔවුන් ඉතාමත් දක්ෂයි.අපගේ කොළඹ පළාත් කණ්ඩායමට එවැනි පාසල් සහ නැගී එන ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුම අයත් වනවා යැයි කොළඹ කණ්ඩායමේ නායිකාව ඕෂදී රණසිංහ පවසයි.

ක්‍රිකට් ආයතනය දැන් හොඳ කාන්තා තරගාවලි සකස් කරනවා.ඒ ව‍ගේම හොඳම ක්‍රීඩාංගන ප්‍රවීන පුහුණු කරුවන් පෝෂ්‍ය ආහාර පාන සහ නවාතැන් ආදී පහසුකම් සැපයීමෙන් ඉදිරියේදී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල සංවර්ධනයක් අපේක්ෂා කළ හැකියි.විශේෂයෙන්ම තරුණ ක්‍රීඩිකාවන්ට මෙයින් විපුල ප්‍රයෝජන අත් කර ගැනීමට පුළුවනි.

මෙම ක්‍රමය මා දකින්නේ ඉන්දියාව කාන්තා ක්‍රිකට් සංවර්ධනයට අනුගමනය කරන වැඩපිළිවෙලට සමාන ක්‍රමයක් ලෙසටයි. ඔවුන් කරන්නේ වයස් මට්ටමෙන් කුඩා කල සිට තරගාවලියන්ට සහභාගී කරවා ජාතිත කාන්තා පිලට ඇතුලත් කිරීමයි.තරුණ ක්‍රීඩිකාවන් හැඩගැස්වීම දැන් අප රටේ සැලැස්මක් ඇතිව ක්‍රමානුකූලව සිදු කරගෙන යාම පිළිබඳව සතුටු විය හැකි කරුණකි.මෙම අන්තර් පළාත් කාන්තා තරගාවලියට සහභාගිවන අපගේ කාන්තා කණ්ඩායමට සිත්මි, නෙත්මා, රිෂ්මි සහ සදුනි යන අඩුවයස්වල තරුණ ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුම අයත්වනවා. අන්තර් පළාත් කාන්තා තරගාවලිය ක්‍රිකට් ආයතනය ගත් කාලෝචිත පියවරක් ලෙස තමා දකින්නේ යැයි කොළඹ කණ්ඩායමේ නායිකාව ඕෂදී රණසිංහ වැඩිදුරටත් පැවසුවාය.

කොළඹ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේෂ් වීරසිංහ මෙසේ කියයි.

ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ අඩක් පමණම ඉන්නේ අපගේ කණ්ඩායමෙයි.ඕෂදී රණසිංහ,හසනි පෙරේරා,අමා කාංචනා,අචිනි කුලසූරිය,ඉනෝෂි ප්‍රනාන්දු හිටපු නායිකාවක වන කඩුලු රකින ඩිලානි මනෝදරා සහ ඉමල්කා මෙන්ඩිස් වැනි ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවනට මා උපදෙස් දී තිබෙන්නේ අපගේ වැඩිපිරිසකට ලබන පෙබරවාරියේ පැවැත්වෙන මීළග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවන බවයි. මේ ක්‍රීඩිකාවන් සමග තරගවැදීමෙන් තරුණ ක්‍රීඩිකාවනට අත්දැකීම් රැසක්ම ලබාගත හැකියි.

අන්තර් පළාත් තරගාවලියට පෙර බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය වෙනුවෙන් එහි ලේකම් අනුර වීරසිංහ අපට පුහුණු තරග අටක්ම සංවිධානය කර දුන්නා. මග්ගොන සරේ ක්‍රීඩාංගණය පුහුණුවට ලබාදුන් දුමිදු හේමාල්ටත් ෂෙරිනා රවි කුමාර්ටත් අප ස්තූතිවන්තවනවා. ජාතික පුහුණුකරු හර්ෂ ද සිල්වා තරග අධීක්ෂණය කිරීමත් ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ආම්පන්න ඇතුලු සියලු පහසුකම් සැපයීම පිළිබදවත් ස්තූතිවන්ත වන බව හේ කීය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar