slc
Home   |    News
ජනවාරි 20, 2020
එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය එස්. එස්. සී. පිටියට ගෙනෙයි

Sri Lanka Cricket

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි ටෙස්ට් තරගය කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය තුළ මේ වන විටත් සිදුකරගෙන යනු ලබන නවීකරණ කටයුතු අවසන් කිරීම ප්‍රමාද වී තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ නව තරග කාල සටහනට අනුව පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද දෙවැන්න කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේදීද පැවැත්වෙනු ඇත.  ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සෑම ජයග්‍රහණයක් සඳහාම ප්‍රසාද ලකුණු 60 ක් හිමිවනු ඇත.

තරගාවලිය ආරම්භයට පෙර ජෝ රූට්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත ටෙස්ට් කණ්ඩායම තෙදින සහ සිව්දින පුහුණු තරග 2 කට සහභාගිවීම නියමිත අතර එම තරග දෙකම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනු ඇත. එම පුහුණු තරග 2 පිළිවෙළින් කටුනායක මේරියන්ස් ක්‍රීඩා සමාජ පිටියේ සහ පී. සරා ඕවල් පිටියේදී පැවැත්වෙනු ඇත.

එංගලන්ත කණ්ඩායම අවසන් වරට ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2018-19 තරගාවලියේදී වන අතර තරග 3 කින් සමන්විතව පැවැති එම තරගාවලිය 3-0 ක් ලෙස ජය ලැබීමට එංගලන්ත පිල සමත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2014 වසරේ කරන ලද තරග සංචාරයේදී ලීඩ්ස්හි පැවැති තරගය ජය ගැනීමෙන් පසු එංගලන්තයට එරෙහිව මේ දක්වා පැවැති එකම ටෙස්ට් තරගයක් හෝ ජයගැනීමට අපොහොසත් වී සිටියි.

ලොව ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානයේ රැඳී සිටින එංගලන්ත කණ්ඩායම මේ දිනවල දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයේ පවත්වා ගැනීමටසමත්වසිටියි. තරගාවලියේ තවත් තරග 2 ක ප්‍රතිඵල ලැබීමට නියමිත බැවින් මේ වන විට ඒ අනුව එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 86 ක් ලබාගෙන සිටියි. ටෙස්ට් ලෝක ශූරතාව යටතේ නවසීලන්තයට එරෙහිව එක් ටෙස්ට් තරගයක් ජය ගෙන සිටින ශ්‍රී ලංකා පිල මේ වන විට ප්‍රසාද ලකුණු 80 ක් ලබා සිටියි.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලබන මාර්තු මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීද දෙවැන්න මාර්තු මස 27 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත. ඒ අනුව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර එකහමාරක කාලයකට පසුව වීම කැපී පෙනෙයි. අවසන් වරට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ එංගලන්ත කණ්ඩායමට එරෙහිවම 2018 වසරේ නොවැම්බර් මස පැවැති ටෙස්ට් තරගයයි. එම තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වී තිබේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest