slc
Home   |    News
ජනවාරි 16, 2020
කලකට පසු පැමිණෙන ටෙස්ට් තරගාවලිය චටාරාට අහිමි වෙයි

Sri Lanka Cricket

සිම්බාබ්වේ කණ්ඩායම සතු වේග පන්දු බලඇණියේ පුරුකක් වන ටෙන්ඩායි චටාරාට ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 19 වැනිදා හරාරේ හි ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය අහිමිව තිබේ. එරට පැවැති දේශීය ක්‍රිකට් තරගාවලිය අතරතුරදී අතෙහි මස්පිඬු ඉරී යෑමේ ආබාධයකට ගොදුරු වූ අතර එය තවමත් සුව අතට පත් නොවී තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

2018 වසරේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමෙන් පසු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරනු ලබන පළමු තරගාවලිය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ කණ්ඩායමට ටෙස්ට් වරම් දිනා නැති ක්‍රීඩකයෙන් 5 දෙනෙකු ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.

ඒ අතර චටාරා වෙනුවට නම් කරන ලද නවක වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන වික්ටර් යයුචි සහ චාල්ටන් ෂූමා, ආරම්භක පිතිකරු කෙවින් කසුසා,  බ්‍රයන් මුඩ්සිගන්‍යබා සහ වමත් දඟ පන්දු යවන අයිනස්ලි ඩොලුවා එසේ කණ්ඩායමට අළුතින් එකව සිටින ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

නම් කරන ලද කණ්ඩායමේ නායකයා ලෙසින් ෂෝන් විලියම්සන් කටයුතු කරන නමුත් හිටපු නායකයකු වන බ්‍රෙන්ඩන් ටෙල්ර් ද සංචිතයට ඇතුළත්ව සිටියි. ඊට අමතරව පළපුරුදු ක්‍රීඩකයින් වන ක්‍රෙග් එර්වින්, කයිල් ජාවේස්, රේගිස් චකබ්වා සහ සිකන්දර් රාසාද ඇතුළත්ව සිටිති. 33 හැවිරිදි වියේ පසුවන විලියම්ස් ටෙස්ට් තරග 10 කට සහභාගි වෙමින් මුලු ලකුණු 553 ක් රැස්කරගෙන සිටින අතර පන්දු යැවීමෙන්ද කඩුලු 17 ක් බිඳ දැමීමට සමත්ව තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායම – ෂේන් විලියම්ස් (නායක), සිකන්දර් රාසා, රේගිස් චකබ්වා, කයිල් ජාර්වේස්, ටිම්කැන් මරුමා, ක්‍රෙක් එර්වින්, කෙවින් කසුසා, ප්‍රින්ස් බස්වව්රේ, චාල්ටන් සූඹා, බ්‍රයන් මුඩ්සිගන්‍යබා, කර්ල් මුබ්බා, අයින්ස්ලි ඩොලුවා, වික්ටර් යයුචි, බ්‍රෙන්ඩන් ටේලර්, ඩොනල්ඩ් ටිරිපානෝ.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest