slc
logo
Home   |    News
ජනවාරි 22, 2020
ටෙස්ට් වරම් ලබන්න සිහින දකින තරගයේ වීරයා

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ දක්ෂතා දැක්වූ අයුරින් ඉදිරි වසර10 ක 15 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීම තම බලාපොරොත්තුව බව පවසන වනිඳු හසරංග, ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලැබීම තම ප්‍රධාන අපේක්ෂාව බවට පත්වී තිබෙන බව සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 2017 වසරේදී සිම්බාබ්වේ පිලට එරෙහිව එක්දින තරග වරම් ලද වනිඳු මේ දක්වා එක්දින තරග 12 කදී සහ විස්සයි-20 තරග 11 කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර තිබේ. වසර 3 කට ආසන්න කාලයක් තිස්සේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළද වනිඳු තවමත් ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්ව නැත. වයස අවුරුදු 19 ක් තරම් වයසේදී මංගල එක්දින තරග වරම් ලද වනිඳු, මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් සිය ජාත්‍යන්තර ආගමනයට සුවිශේෂී මතකයක් එක් කර ගැනීමට සමත්වූ ක්‍රීඩකයෙකි.  

දකුණතින් පිත්ත හසුරුවන 22 හැවිරිදි වනිඳු හසරංග කණ්ඩායමේ අංක හත ස්ථානයෙන් පැමිණ වේගයෙන් ලකුණු රැස්කිරීමට සමත් පා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. අන්තර් සමාජ ආරාධිත 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ඉකුත් අගහරුවාදා (21) එස්.එස්.සී.පිටියේ පැවැති අවසන් මහ තරගය අවසන් පන්දුවාර කීපය මුලුමනින්ම තමන්ගේ සංදර්ශනයක් බවට පත් කර ගත් වනිඳු පන්දු 34 කදී නොදැවී ලකුණු 60 ක් වාර්තා කරමින් සී. සී. සී. පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

පන්දු යැවීමේදී ලකුණු 31කට කඩුල්ලක් දවාලූ වනිඳු දක්වන ලද දක්ෂතා පිළිබඳව අදහස් දක්වමින්, “මේ වගේ තරගයකට මා ක්‍රීඩා කළේ කාලෙකට පසුවයි. ඒ වගේම මෙය මා සහභාගි හොඳම අවසන් මහ තරගය” යි පැවැසූ වනිඳු, “ජාත්‍යන්තර තරගවලදීත් මේ වගේ හොඳින් දක්ෂතා දක්වමින් කොහොම හරි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීම තමයි මගේ ප්‍රධානම බලාපොරොත්තුව” යි පැවැසීය.

ඒ වෙනුවෙන් සිය පන්දු යැවීමේ දක්ෂතාව තව දුරටත් මුවහත් කරගත යුතු බවද හසරංග මෙහිදී අවධාරණය කර සිටියේය. “ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට නම් මගේ පන්දු යැවීම මීට වඩා දියුණු කරගත යුතුයි කියන තැන මම ඉන්නවා. කොහොම වුණත් ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ගැන අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම එහෙ තණතීරුවලට හුරුවීම, විවිධාකාරයේ පන්දු යැවීමටය මෙන්ම කෙටි පන්දු වලට සහ වේග පන්දුවලට මුහුණ දීම කෙරෙහි මම දැන් අවධානය යොමු කරලා තියෙනවා”යි හසරංග වැඩිදුරටත් අදහස් දැක්වීය.

ලකුණු 163 ක ඉලක්කයක් හඹා යෑමේදී ලකුණු 82 කට කඩුලු 5 ක් දැවී ගොස් තිබියදී  පන්දුවට පහර දීමට පැමිණි වනිඳු දියත් කරන ලද පිති ප්‍රහාරය හේතුවෙන් අවසන් පන්දු 6 තුළ ලකුණු 17 ක් ලබා ගැනීමේ අභියෝගය සී.සී.සී. කණ්ඩායම හමුවේ පැවැතිණ. එහෙත් පළමු පන්දු 3 ට හයේ පහරක් සහ හතරේ පහරක් සහිතව ලකුණු 12 ක් රැස් කිරීමට වනිඳුට හැකියාව ලැබිණ නිසා අවසන් පන්දුවේදී මෙම වසරේ විස්සයි-20 ශූරයින් ලෙස කිරුළි පැළඳීමට සී. සී. සී. කණ්ඩායමට හැකියාව ලැබිණ.

“ඇත්තටම මේ වගේ තරගාවලි සංවිධානය කළොත් හොද ක්‍රීඩකයින් සොයා ගන්න තියෙන අවස්ථාව වැඩියි. මේ තරගයේදී අපි අසීරුතාවයකට පත් වුණේ පවර් ප්ලේ අවස්ථාවේදී පිතිකරුවන් තිදෙනකුම දැවී ගිය නිසා”යි ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවකු වන වනිඳු, “එතැනදි ලකුණු ගහන්නත් ඕනෑ. තරගය ඇදගෙන යන්නත් ඕන. ප්‍රශ්න දෙකටම අපි මුහුණ දුන්නා”යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee