slc
logo
Home   |    News
ජනවාරි 31, 2020
මෙන්ඩිස්ගේ 7 වැනි ටෙස්ට් ශතකයෙන් සිම්බාබ්වේ බලාපොරොත්තු බිඳ වැටෙයි

sinhala editor

පන්දුවට පහර දීමට අසීරු පස්වැනි දිනයේදී පන්දුවාර 96 කදී කඩුලු ආරක්ෂා කර ගැනීම හෝ ජයග්‍රහණය සඳහා ලකුණු 361 ක ඉලක්කයක් හඹා යෑමේ අභියෝගය කර මත තබා ගනිමින් පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවෝ සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේහි හරාරේහි නිමාව දුටු දෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට අද (31 දා) සමත්වූහ. ඒ අනුව තරය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 204 ක් රැස් කරගෙන සිටියහ.

කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ බැවින් තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගනිමින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

තරගය නිමා වන විටත් මිනිත්තු 291 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් පන්දු 233 කට මුහුණ දෙමින් ලකුණු 116 ක්ද පැයකට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 13 ක්ද ලබා සිටියහ.

කුසල් මෙන්ඩිස් අද වාර්තා කර ගන්නා ලද්දේ ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 7 වැනි ශතකය විය. ඉනිම 20 කට පසු ලබාගත් මෙම වටිනා ශකතය සඳහා මෙන්ඩිස් හයේ පහරක් සහ තවත් හතරේ පහර 13 ක් ඇතුළත් කර තිබුණි. කුසල්ගේ මෙම වටිනා ඉනිම හේතුවෙන් ටෙස්ට් තරග අංශයේ ලකුණු 3000 ආසන්නයට පැමිණීමටද මෙන්ඩිස්ට අද අවස්ථාව ලැබිණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 3000 සීමාව ඉක්මවා යන 14 වැනි පිතිකරුවා බවට පත්වීම සඳහා මෙන්ඩිස්ට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 05 ක් පමණි.

ආරම්භයේ සිටම මනා සැලසුමක් සහිතව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ජය පැරදුමෙන් තොර තරගයක් වෙනුවෙන් පන්දුවට පහර දෙනු දැකීම කැපී පෙනුණි. පෙර තරගාවලි මෙන් නොව දිනූ දේ රැක ගැනීමේ අදිටනින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් මෙන්ඩිස් සහ ඕෂධ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් පවත්වා ශ්‍රී ලංකා පිල ස්ථාවරත්වයක් කරා රැගෙන ගියහ. එහිදී මෙන්ඩිස්ට පසු වැඩිම ලකුණු ලාභියා වූ ඕෂධ ප්‍රනාන්දු දෙවැනි ඉනිමේදීද අර්ධ ශතකයට ලකුණු 3 ක් තිබියදී සිකන්දර් රාසාගේ ගොදුරක් ලෙසින් දැවී ගියේය.

පෙර දිනයේදී ලකුණු 47 ක් ලබා සිටි ෂෝන් විලියම්ස්ට අර්ධ ශතකය ලබා ගැනීම සඳහා ඉඩ පහස සලසාලීම වෙනුවෙන් අද දිනයේදීද සිම්බාබ්වේ පිල පන්දුවට පහර දුන් අතර ලක්මාල් විසින් යවන ලද පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් එය සපුරා ගැනීමට සිම්බාබ්වේ නායකයා සමත්විය. ඒ සැනින් ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දුන්නේ කෙසේ හෝ ඉතිරිව තිබෙන පන්දුවාර 96 දී සංචාරකයින්ව අමාරුවේ දැමීමේ අභිප්‍රායෙනි.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් අහිමි කර ගනිමින් ලකුණු 105 ක් රැස් කරගත්තේය. කෙසේ වෙතත් දිවා ආහාරයත් තේ පානයත් අතර කාලයේදී ඕෂධ සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාම දැවී යෑමත් ඒ අතරතුර කාලයේදී ලකුණු 51 ක් පමණක් ලකුණු පුවරුවට එක්වීම නිසා ඉලක්කය හඹා යෑමට අසීරු කරුණක් විය. මෙම තත්ත්වය මත අවසන් පැය 2 ක ඇතුළත ලකුණු 205 ක් ලබා ගැනීමේ අභියෝගය ශ්‍රී ලංකාව හමුවේ පැවැතිණ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීම මත අවසන් හෝරාව එළැඹෙත්ම දෙපිළේම නායකයන්ගේ කැමැත්ත ඇතුව නතර කර දැමීමට විනිසුරුවෝ කටයුතු කළහ. ඒ අවස්ථාව වන විටත් ශ්‍රී ලංකාවට ලකුණු 157 ක් අවශ්‍යව තිබූ අතර කඩුලු 7 ක් අත ඉතිරිව තිබිණ. 

සිම්බාබ්වේ පළමු ඉනිම 406 යි

ශ්‍රී ලංකාව පළමු ඉනිම 293 යි

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest