slc
logo
Home   |    News
ජනවාරි 21, 2020
ශ්‍රී ලංකාව ලකුණු 316 ක් පිටුපසින්

Sri Lanka Cricket

වඩාත් මන්දගාමී වූ පළමු දිනට වඩා වැඩි ජවයකින් යුතුව පන්දු යැවීමේ නිරත වුණු ලසිත් ඇඹුල්දෙණිය ප්‍රමුඛ සංචාරක ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හරාරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේදී සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 358 කට නවතාලීමට අද (20 දා) සමත්වූහ. දිනය අවසන් වීමට මත්තෙන් යැවුණු පන්දුවාර 14 දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 42 කි ලබා ගනිද්දී එක් කඩුල්ලක් බිඳ හෙළීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් සිටින්නේ සිම්බාබ්වේ පිලට වඩා ලකුණු 316 කින් පසුපසින් වන නමුත් ඕෂධ ප්‍රනාන්දු හැර සෙසු සියළුම පිතිකරුවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය යුතුකම් කොටස ඉටු කිරීමට සැදී පැහැදී සිටිති. දිනය අවසන් වන විට නායක දිමුත් කරුණාරත්න ලකුණු 12 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 06 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

ලකුණු 189 කට කඩුලු 2 ක් දැවී ගොස් තිබියදී දිනය ඇරඹූ සිම්බාබ්වේ පිතිකරුවෝ දිවා ආහාරය සඳහා තරගය නිමා කරද්දී ලකුණු සංඛ්‍යාව 247 ක් දක්වා ඉහළ නංවාගන්නා ලද්දේ එක් කඩුල්ලක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබා දෙමිනි.

දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූ බ්‍රෙන්ඩන් ටේලර් සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. අනතුරුව සීන් විලියම්සන් දවා ගත් වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය තවත් පන්දු 5 ක් ඇතුළත ලකුණු 85 ක් ලබා ගෙන සිටි ක්‍රෙග් ඒර්වින්වද දවා ගනිමින් පීඩනය සිම්බාබ්වේ කණ්ඩායමට තල්ලු කර යැවීය.

ඉන් පසු පිටියට පිවිසි පිතිකරුවන් අතර සිකන්දර් රාසා (41) ක් සහ ඩොනල්ඩ් ටිරිපානෝ (44*) හැරුණු කොට වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු අතරට පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. ඒහිදී කැපී පෙනුණු ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 55 කට කඩුලු 5 ක් දවා ගන්නා ලද්දේ දෙවැනි වතාවටත් කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් දෙවැනි අවස්ථාව සනිටුහන් කර ගනිමිනි.

ඔහුටඅමතරව පන්දුවෙන් දස්කම් දැක්වූ සුරංග ලක්මාල් ලකුණු 53 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ලශ්‍රී ලංකාව අවසන් වරට පාකිස්තානයට ඒරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ඒක්වීමට ලක්මාල්ට නොහැකි වූයේ ඩෙංගු රෝගය ඳවැළීම හේතුවෙනි.

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee