slc
Home   |    News
ජනවාරි 13, 2020
ෂෙහාන් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දු අංක 1 ට එයි

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි-20 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ‘බී’ සහ ‘සී’ කාණ්ඩ යටතේ අවසන් කණ්ඩායම් 8 අතර තරග වටය හෙවත් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට හලාවත මේරියන්ස්, යුදහමුදාව, එන්. සී. සී. සහ එස්.එස්.සී. කණ්ඩායම් සමත්වී සිටිති.

කාණ්ඩ 4 ක් යටතේ ක්‍රියාත්මක වන මෙම විස්සයි-20 තරගාවලියේ ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ වල මූලික තරග වටය යටතේ තවත් තරග 12 ක් පැවැත්වීමට නියමිත බැවින් එම තරග අවසානයෙන් පසු ඉතිරි කණ්ඩායමට 4 කවුරුන්ද යන්න තීරණය වනු ඇත. එම තරග මෙම මස 14 සහ 15 යන දෙදිනදී පැවැත්වෙනු ඇත. මෙවර තරගාවලියට කණ්ඩායම් 26 ක් තරග වදිනු ලබන බැවින් කාණ්ඩ ගත කිරීමේදී ‘බී’ සහ ‘සී’ කාණ්ඩ වලට කණ්ඩායම් 6 බැගින්ද ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ යටතේ කණ්ඩායම් 7  බැගින් ද නම් කර තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

ප්‍රසාද ලකුණු සටහනට අනුව අවසන් කණ්ඩායම් 8 අතරට පැමිණීම සඳහා ඒ කාණ්ඩයෙන් මුවර්ස් සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ඉදිරියෙන් සිටින නමුත් බදුරලිය ක්‍රීඩා සමාජයට තවත් තරග 2 ක් ඉතිරිව තිබෙන බැවින් එම කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරග අවස්ථාව උදාකර ගැනීම තුන්කොන් සටනක් බවට නිර්මාණය වී තිබේ.

‘ඩී’ කාණ්ඩය යටතේ තරග වදින කොළඹ ක්‍රීඩා සමාජය සහභාගිවී සිටින තරග 5 න් 5 ම ජයග්‍රහණය කරමින් අවසන් කණ්ඩායම් 8 අතරට තේරීමට වැඩි අවස්ථාවක් නිර්මාණය කරගෙන තිබේ. මේ අතර දෙවැනි ස්ථානයේ පසුවන රාගම ක්‍රීඩා සමාජය ද තරග වැදි තරග 4 න් 4 ම ජය ලබා සිටිති. කෙසේ වෙතත් තෙවැනි ස්ථානයේ පසුවන ලංකන් ක්‍රීඩා සමාජය තරග වැදි තරග 5 න් 2 ක්ම පරාජයට පත්ව තිබෙන බැවින් ඔවුන්ට අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට ඇත්තේ විරළම අවස්ථාවකි.

අර්ධ අවසන් වටයේ තරග ලබන 17 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේ සහ කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන අතර අර්ධ අවසන් තරග 19 වැනිදා කටුනායක මේරියන්ස් පිටියේදී පැවැත්වෙනු ඇත. අවසන් මහ තරගය ලබන 21 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙනු ඇත.

පිතිකරුවන්ගේ දක්ෂතා

මෙතෙක් පැවැති තරග අතරින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ෂෙහාන් ජයසූරිය සමත්ව සිටියි. ඔහු තරග 5 කදී ලකුණු 259 ක් රැස් කරමින් එම සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 51.8 ක් රඳවා තබා ගනිමිනි. මෙතෙක් පැවැති තරගවලදී ශතක ලාභී පිතිකරුවන් තිදෙනා අතරට ජයසූරිය වාර්තා කරන ලද ශතකයද ඇතුළත්ව තිබෙන අතර ඊට අමතරව අර්ධ ශතක 2 ක්ද ඔහුගේ නම ඉදිරියෙන් සටහන්ව තිබේ.

ඔහුට අමතරව මිලින්ද සිරිවර්ධන තරග 5 කදී ලකුණු 236 ක් සහ එන්. සී. සී. කණ්ඩායමේ පැතුම් නිස්සකර තරග 3 කදී ලකුණු 230 ක් ලබා මෙවර තරග වාරයේ ලකුණු 200 සීමාව ඉක්මවා ඇති පිතිකරුවෝ බවට පත්ව සිටිති. ෂෙහාන්ට අමතරව සැරසන්ස් ක්‍රීඩා සමාජයේ අෂේන් බණ්ඩාර සහ නුගේගොඩ ක්‍රීඩා සමාජයේ ඉරෝෂ් සමරසූරිය ශතක ලාභී පිතිකරුවෝ බවට පත්ව සිටිති.

පන්දු යවන්නන්ගේ දක්ෂතා

පන්දු යවන්නන් අතර තරග 5 කදී කඩුලු 12 ක් බිඳ හෙළා ඇති පන්දු යවන්නන් සිව් දෙනෙකුම පසුවන නමුත් ඔවුන් අතරින් කඩුල්ලක් දවා ගැනීම සඳහා අවම අගයක් ලබා දී ඇති පන්දු යවන්නා බවට හලාවත මේරිය්ස් ක්‍රීඩා සමාජයේ අසිත ප්‍රනාන්දු පත්ව සිටියි. මෙවර තරගාවලිය යටතේ කඩුලු 5 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දවා ගෙන සිටින පන්දු යවන්නන් 5 දෙනා අතරට එකතුව සිටින අසිතගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 7.08 ක් ලෙසින් සටහන්ව තිබේ. එම දක්ෂතාව මත අදාළ කඩුලු ලාභීන් අතර පළමු තැන අසිතගේ නම වෙනුවෙන් වෙන්ව තිබේ.

ඊට අමතරවම සී. සී. සී. කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර, ගුවන් හමුදා කණ්ඩායමේ ලසඳ රුක්මාල් සහ සංජය රණවීර කඩුලු 12 බැගින් බිඳ හෙළා සිටින සෙසු පන්දු යවන්නෝ වෙති.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest