slc
Home   |    News
ජනවාරි 20, 2020
හලාවත මේරියන්ස්-සී.සී.සී. විස්සයි-20 අවසන් සටනට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටනට සුදුසුකම් ලබා ගැනීමට හලාවත මේරියන්ස් සහ සී.සී.සී (කොළඹ ක්‍රිකට් සමාජය) අද (19 දා) සුදුසුකම් ලැබූහ.

කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව තරග වලදී රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 33 ක ජයක් ලද හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයද,  එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු දහයකින් සී. සී. සී. කණ්ඩායමද ජයග්‍රහණ වාර්තා කරමින් අදාළ අවසන් මහ තරග වරම උදා කරගත්හ. දෙපිළ අතර අවසන් මහ මෙම මස අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.

අද පැවැති අවසන් පූර්ව තරග වලදී පිතිකරුවන් අතුරින් අර්ධ ශතකයක් රැස් කරමින් කැපී පෙනෙන දක්ෂතා පෙන්වූයේ හලාවත මේරියන්ස් කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ සහ එන්. සී. සී, කණ්ඩායමේ ළහිරු උදානය.  අර්ධ අවසන් පූර්ව තරගයේදීද අර්ධ ශතකයක් ලද කෲස්පුල්ලේ අද දිනයේදී ලකුණු 67 ක් ලබා ගත් අතර උදාන ලකුණු 65 ක් රැස් කළේය.

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ පුලින තරංග ලකුණු 33 ක් ලබා ගනිද්දී අනෙක් ජයග්‍රාහී කණ්ඩායම වූ සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් මලිදු මදුරංග (38) සහ වනිදු හසරංග (33) ලකුණු 30 සීමාව ඉක්මවූහ. පරාජිත කණ්ඩායම් වූ රාගම ක්‍රිකට් සමාජයේ උදාර ජයසුන්දර (35) සහ නිශාන් ප්‍රනාන්දු (33) ලකුණු 39 සීමාව පසුකර යද්දී එන්.සී.සී.කණ්ඩායමේ මහේල උඩවත්තය ලකුණු 23 ක් ලබා ගත්තේය.

පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු රාගම ක්‍රීඩා සමාජයේ උදාර ජයසුන්දර ලකුණු 16ට කඩුලු 4යික් දවා ගනිමින් දිනයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වද්දී හලාවත මේරියන්ස් සමාජයේ පුලින තරංග ලකුණු 18ට කඩුලු 3 ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනිණ. එන්.සී.සී. සමාජයේ චාමික ගුණසේකර ලකුණු 23ට කඩුලු 4 ක් සහ කොළඹ ක්‍රිකට් සමාජයේ මලින්ද පුෂ්පකුමාරය ලකුණු 25ට කඩුලු 2 දවා ගත්හ.

ලකුණු සාරාංශය

හලාවත මේරියන්ස් – රාගම

හලාවත මේරියන්ස්ට ලකුණු 33 ක ජයක්

හලාවත මේරියන්ස් පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 168යි (ලසිත් කෲස්පුල්ලේ 67, පුලින තරංග 33, කමිදු මෙන්ඩිස් 25, ෂෙහාන් ජයසූරිය 13, උදාර ජයසුන්දර 16/4, ඉෂාන් ජයරත්න 40/2)

රාගම ක්‍රිකට් සමාජය පන්දුවාර 20 කදී ලකුණු 135යි – (උදාර ජයසුන්දර 35, නිශාන් මධුෂ්ක 33, සුපේෂ ජයතිලක 24, පුලින තරංග 18/3)

_____________________________________________________________________________________

සී.සී.සී – එන්. සී. සී.

සී.සී.සී.ට ලකුණු 10 ක ජයක්

සී.සී.සී.පන්දුවාර 20 දී ලකුණු 144යි – (මලිදු මදුරංග 38යි, වනිදු හසරංග 33, මිනෙල්කර් සිල්වා 19, මිනෝද් භානුක 14, රොන් චන්ද්‍රගුප්ත 12, චාමික ගුණසේකර 23/4,සවිදු කොළඹගේ 21/2, ඩිලේෂ් ගුණරත්න 33/2)

එන්.සී.සී. පන්දුවාර 20 කදී කඩුලු 8ට 134යි – (ළහිරු උදාන 65, මහේල උඩවත්ත 23, උපුල් තරංග 18, මලින්ද පුෂ්පකුමාර 25/2)

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest