slc
logo
Home   |    News
පෙබරවාරි 13, 2020
ගාල්ලේදී ශතක රැස් කළ ෆෝක්ස් සහ ජෙනිංග්ස් යළි ලංකාවට එති

Sri Lanka Cricket

ශ්‍රී ලංකාවට එරෙහිව 2018 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයග්‍රහණය කරන ලද ටෙස්ට් තරග සංචාරයේදී තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත් කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් එළැඹෙන මාර්තු මසදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත කණ්ඩායමට යළිත් ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

අදාළ තරග සංචාරය යටතේ ගාල්ලේ පැවැති තරගය ෆෝක්ස්ගේ මංගල ටෙස්ට් තරගය වූ අතර එහිදී ඔහු ශතකයක් වාර්තා කිරීම කැපී පෙනිණ. එම ශතකය වාර්තා කිරීමත් සමඟ ලොව සිටින හොඳම කඩුලු රකින්නා ලෙසින් ෆෝක්ස්ව හඳුන්වනු ලැබූ නමුත් මීට මාස 12 කට පෙර පැවැති බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ වූ ටෙස්ට් තරගාවලියෙන් පසුව ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට එංගලන්ත තේරීම් බලධාරීහු පියවර ගත්හ.

කෙසේ වෙතත් ඔහුව කණ්ඩායමට නම් කර ඇත්තේ නිත්‍ය කඩුලු රකින්නා වන ජෝස් බට්ලර් ද සංචිතයේ සිටියදීමය. ඉකුත් ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන කාර්යය භාරයක් සිදුකළ පිතිකරුවකු වන ජෝස් බට්ලර් ඉන් අනතුරුව පැවැති ටෙස්ට් තරග වලදී පිතිකරුවකු සිය වගකීම් කොටස ඉටු කිරීමට අපොහොසත් විය. එම කාලය ඇතුළත ඔහු ක්‍රීඩා කරන ලද තරග වලදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 17.55 ක් ලෙසින් සටහන් වී තිබෙන නමුත්, ඔහුට තවත් අවස්ථාවක් ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මොවුන් දෙදෙනා අතරින් පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල තරගයේදී එංගලන්ත පිලේ කඩුලු රකින්නා ලෙස කවුරුන් කටයුතු කරන්නේද යන්න තීරණය වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ තණතීරුවලද පැවැත්වෙන පුහුණු තරගවලදී දක්වන දක්ෂතා අනුවය.

නම් කරන ලද කණ්ඩායමට ආරම්භක පිතිකරුවකු වන කීටන් ජෙනිංග්ස් ද කණ්ඩායමට කැඳවීමට පියවර ගනු ලැබුවද කරන ලද ශ්‍රී ලංකා තරග සංචාරයේ එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වූ මොයින් අලී සහ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන්ව රහිතව කණ්ඩායම නම් කර තිබේ. දින නියමයකින් තොරව විවේකයක් ගැනීමට අලී තීරණය කිරීමත් ආබාධයකට මුහුණ දී සිටින ඇන්ඩර්සන්ට තවදුරටත් සුව අතට පත් වීමට ඉඩ ප්‍රස්ථා විවර කර දීමට තේරීම් කමිටුව අනුමැතිය ලබා දීම එයට හේතු වී තිබේ.

ජෙනිංග්ස් යනු මෙතෙක් ක්‍රීඩා කරන ලද ටෙස්ට් තරග 17 දී රැස් කරගෙන ඇති ශතක 2 ම ආසියානු තණතීරුවලදී ලබා ගැනීමට සමත් පිතිකරුවෙකි. 2016 වසරේදී ඉන්දියාවට එරෙහිව මංගල ටෙස්ට් වරම් දිනාගෙන ඇති ජෙනිංග්ස් මංගල තරගයේදීම ශතකයක් ලබා ගැනීමට සමත්ව තිබේ. ඔහු ලබා ඇති අනෙක් ශතකයක බෙන් ෆෝක්ස් මංගල ශතකය වාර්තා කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී වාර්තා කරගෙන තිබේ. මෙම තරගාවලියට පැමිණීමට පෙර ජෙනිංග්ස්ගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 44.44 ක් ලෙසින් සටහන්ව තිබේ.

එංගලන්ත කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා ජෙනිංන්ග්ස් පිළිබඳව කෙතරම් බලාපොරොත්තු තබා ඇත්තේද කිවහොත් මෙම තරගාවලි ඉලක්ක කොට ඉකුත් දෙසැම්බර් මසදී එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ඉන්දියාවේ මුම්බායි නුවර පවත්වන ලද දඟ පන්දු යවන්නන්ට පහර දීමේ විශේෂඥ පුහුණු කඳවුරකටද සහභාගිකරවා තිබේ.

මෑතකදී එංගලන්ත කණ්ඩායමට එක්වූ ජොෆ්රා ආචර් සහ රෝරි බර්න්ස් ද ජෝ රූට්ගේ නායකත්වයෙන් නම් කරන ලද 16 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත කණ්ඩායමට ඇතුළත්ව නොමැත. ඒ වෙනුවට මාක් වුඩ් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් කැඳවා තිබේ.  දඟ පන්දු යවන්නන් උචිත අයුරින් හැසිරෙන ශ්‍රී ලාංකීය තණතීරුවේදී ජැක් ලීච් කෙරෙහි විශ්වාසය තබා තිබෙන අතර ඔහුට අමතරව දඟ පන්දු යවන්නන් ලෙස ඩොම් බෙස් සහ මැට් පාර්කින්සන් කණ්ඩායමට එක් කර තිබේ.

ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ලබන මාර්තු මස 03 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

එංගලන්ත ටෙස්ට් කණ්ඩායම – ජෝ රූට් (නායක), ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජෝස් බට්ලර්, ඩොමිනික් බෙස්, සැක් ක්‍රොලී සෑම් කරන්, බෙන් ෆෝක්ස්, ජෝ ඩෙන්ලි, කීටන් ජෙනිංග්ස්, ජැක් ලීච්, ඔලී පෝප්, මැතිව් පාකින්සන්, ඩොමිනික් සිබ්ලි, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, මාක් වුඩ්.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar