slc
logo
Home   |    News
පෙබරවාරි 2, 2020
ලෝක කුසලානෙට පෙර කාන්තා පිලට පුහුණු තරග 12 ක්

Sri Lanka Cricket

ඕස්ට්‍රේලියාවේදී මේ මස 21 සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වෙන මීළග කාන්තා ලෝක කුසලාන 20-20 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම සංචාරයට පෙර පුහුණු තරග දොළහකට සහභාගිවීමට නියමිතය. 

ලෝක කුසලානයට පෙර පුහුණු තරග දොළහකට ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන අතර එයින් අටක්ම දැනටමත් කටුනායක නිදහස් කලාප ක්‍රීඩාංගනයේ පවත්වා අවසන් කර තිබේ. මේ තරග පවත්වා ඇත්තේ කාන්තා කණ්ඩාම සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේත් බස්නාහිර පළාතේත් අවුරුදු 17 න් පහළ පිරිමි ළමුන්ගේ කණ්ඩායම් සමග තරග කිරීමට සැලසිමෙන් යැයිකාන්තා කණ්ඩායමේ ජාතික පුහුණුකරු හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

    මේ වන විටත් පවත්වා ඇති තරග අටෙන් කාන්තා ජාතික කණ්ඩායම තරග හතරකින්ද පිරිමි ළමුන්‍ගේ කණ්ඩායම් දෙක තරග හතරකින්ද ජය ගෙන තිබේ.සදුදා (පෙබරවාරි 03 වැනිදා)තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතය. උදයවරුවේ සහ සවස්වරුවේ දිනකට තරග දෙක බැගින් මෙම තරග සංවිධානය කර ඇත.

    මෙම පුහුණු තරගයන්හිදී නායිකා චමරි අතපත්තු, හසිනි පෙරේරා සහ උපනායිකාව හර්ෂිතා මාධවී අර්ධ ශතක ලබමින් ලකුණු අතර සිටිබවත් නිලක්ෂිද සිල්වා ඇතුළු ඉදිරිපෙළ පිතිකාරිණියන් ලකුණු අතර සිටීම සුබ කරුණක් බව හර්ෂ ද සිල්වා කියයි. පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී, ශෂිකලා සිරිවර්ධන සහ අචිනි කුලසූරිය දස්කම් පෙන්වා තිබේ. ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ජාත්‍යන්තර මට්ටමක පවතින බවද කණ්ඩායමේ නායිකාව සහ පුහුණුකරු ප්‍රකාශ කරති.

    ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ හයවැනිදා මෙල්බර්න් බලා පිටත්ව යාමට නියමිතය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee