slc
logo
Home   |    News
පෙබරවාරි 20, 2020
විස්සයි-20 කාන්තා ලෝක කුසලානේ ශ්‍රී ලංකා සටන අනිද්දා

Sri Lanka Cricket

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් හත්වැනි වරටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ආරම්භවේ. ලබන මාර්තු මස 08 වැනිදා තෙක් පැවැත්වෙන මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

මෙවර තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල නවසීලන්තයට එරෙහිව ලබන 22 වැනිදා සිය ලෝක කුසලාන සටන ආරම්භ කරනු ඇත. පර්ත්හි වකා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයට ප්‍රථම ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවට එරෙහිව සහ එංගලන්තයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවූ අතර ඉන් එංගලන්තයට එරෙහි තරගය කඩුලු 10 කින් ජය ගැනීමට සමත්විය.

කාන්තා ක්‍රීඩිකාවන් අතර ලොව වඩාත් ජනප්‍රිය ක්‍රීඩිකාවක් ලෙසින් සැලකෙන චමරි අතපත්තු ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරනු ලබන අතර එංගලන්තයට එරෙහි තරගයේදී ඇය කැපී පෙනෙන පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 78 ක් ලබා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අතපත්තු නායකත්වය ලබා දෙන දෙවැනි අවස්ථාව ලෙසින් සටහන් වන මෙම තරගාවලියේ, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ බංග්ලාදේශ පළමු වටයේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටිති.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන අතපත්තු පිළිබඳව මෙවර තරගාවලියේදී වැඩිම බලාපොරොත්තු තබා තිබෙන ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නීය.

කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මෙවර තරගාවලියේ බී කාණ්ඩය යටතේ එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ තායිලන්තය තරග වදිනු ඇත.

අවසන් මහ තරගය ඇතුළුව සමස්ථ තරග 23 ක් පැවැත්වෙන මෙවර කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 4 ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. කැන්බරා, සිඩ්නි, පර්ත් සහ මෙල්බර්න් යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

මූලික වටය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරි ස්ථාන 2 ට පත්වන කණ්ඩායම් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබන අතර එම තරග මාර්තු මස 5 වැනිදා සිඩ්නිහිදී පැවැත්වෙනු ඇත. අවසන් මහ තරගය ලොව ප්‍රකට ක්‍රීඩාංගණයක් ලෙසින් සැලකෙන මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී මාර්තු 08 වැනිදා පැවැත්වෙනු ඇත. නවසීලන්තයට එරෙහි තරගය හැරුණු විට 24 වැනිදා සත්කාරක ඔස්ට්‍රේලියාවට එරෙහිවද, 29 වැනිදා ඉන්දියාවට එරෙහිවද මාර්තු මස 02 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා පිල තරග වදිනු ලබයි.

තරගාවලියේ ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කරද්දී මෙතෙක් පැවැති සෑම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියකදීම ශ්‍රී ලංකාව නියෝජනය කර ඇතත් ඉන් එක් වතාවකදී හෝ ශූරතාව දිනා ගැනීමට සමත්ව නොමැත. තරග වැදුණු සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙන නමුත්, 2016 වසරේ පැවැති තරගාවලියේදී පමණක් තරග 2 ක් (දකුණු අප්‍රිකාවට සහ අයර්ලන්තයට එරෙහිව) ජය වාර්තා කිරීමට සමත්ව තිබේ. සෙසු සෑම තරගාවලියකදීම ශ්‍රී ලංකා පිල ජයගැනීමට සමත්ව ඇත්තේ එක් තරගය බැගිනි.

ශ්‍රී ලංකා විස්සයි-20 කාන්තා පිල චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), අනුෂ්කා සංජීවනී, ශෂිකලා සිරිවර්දන, හංසිමා කරුණාරත්න, අමා කාංචනා, නිලක්ෂි ද සිල්වා, උදේශිකා ප්‍රබෝධනී, කවීෂා දිල්හාරි, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනී, උමේෂා තිමාෂනී, සුරංගිකා කුමාරි, ඩිලානි මනෝදරා.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar