slc
Home   |    News
පෙබරවාරි 24, 2020
සී.සී.සී. – කෝල්ට්ස් – බදුරලිය ජයගනී

Sri Lanka Cricket

        සී.සී.සී.(කොළඹ ක්‍රිකට් සමාජය) කෝල්ට්ස් සහ බදුරලිය ක්‍රිකට් සමාජය සති අන්තයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති ප්‍රිමියර්ලීග් තෙදින ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තයේ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්විය.

    සී.සී.සී.ක්‍රිකට් කණ්ඩායම මීගමුව ක්‍රිකට් කණ්ඩායමද කෝල්ට්ස් කණ්ඩායම මුවර්ස් කණ්ඩායමටද බදුරලිය ක්‍රිකට් සමාජය හලාවත මේරියන්ස් කණ්ඩායමද පරාජයට පත්කළහ.

    ටැමිල් යූනියන් – රාගම තරගයේදී රාගම කණ්ඩායමත්, ලන්කන්ස් – සරසන්ස් තරගයේදී සරසන්ස් කණ්ඩායමත් පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කර ගත්හ.

සී.සී.සී. – මීගමුව

බී.ආර්.සී ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් සී.සී.සී. (කොළඹ ක්‍රිකට් සමාජය) ලකුණු 88ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. මීගමුව දෙවන ඉනිමේදී දිල්ෂාන් මුනවීර ලකුණු 77ක්ද ලක්ෂිත රසංජන ලකුණු 72ක්ද රැස්කලහ.

සී.සී.සී.පළමු ඉනිම 142 

(ලසිත් අබේරත්න 59 මලින්ද පුෂ්පකුමාර 35, රොෂේන් ප්‍රනාන්දු 22/3 දිල්ෂාන් මුනවීර 23/2)

දෙවන ඉනිම පන්දුවාර 79.2දී 369යි 

(අෂාන් ප්‍රියංජන් 84, මලිඳු මධුරංග 83, සොනල් දිනූෂ නොදැවී 75, එම්.වීරසිංහ 31, රොෂේන් ප්‍රනාන්දු 33/2, ලක්ෂිත රසාංජන 126/5)

මීගමුව පළමු ඉනිම පන්දුවාර 35.5 දී සියලු ක්‍රීඩකයන් දැවී 141යි.

(පසිදු ලක්සාන්ක 43,අෂාන් ප්‍රියංජන් 24/6, මලින්ද පුෂ්පකුමාර 58/4)

දෙවන ඉනිම පන්දුවාර 63.2දී සියලු ක්‍රීඩකයන් දැවී 282යි 

(දිල්ෂාන් මුනවීර 77,ලක්ෂිත රසාංජන 72,ඇන්ජලෝ ජයසිංහ 40,රොස්කො තමිල් 45,මලින්ද පුෂ්පකුමාර 102/5, අෂාන් ප්‍රියංජන් 101/5)

කෝල්ට්ස් – මුවර්ස්

    මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 88ක ජයක් අත්කර ගත්තේය. කෝල්ට්ස් කණ්ඩායම තම දෙවන ඉනිමේ වාරය කඩුලු 7කට ලකුණු 254ක්ව තිබියදී නතර කර මුවර්ස්ට ලකුණු 205ක ජයග්‍රහණ ඉලක්කයක් ලබාදුන්නේය. මුවර්ස් දෙවන ඉනිමේදී ලකුණු 116කට දැවීගියේ තරගය නතර කිරීමට මිනිත්තු 15ක් ඉතිරිව තිබියදීය. දිල්රුවන් පෙරේරා සහ ප්‍රභාත් ජයසූරිය දෙවන ඉනිමේදී මුවර්ස් කඩුලු පහ බැගින් දවාලූහ.

කොල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 71.3දී සියලු ක්‍රීඩකයන් දැවී 214 

(හෙෂාන් ධනුෂ්ක 49,සධීර සමරවික්‍රම 37, මිෂාඩ් ද සිල්වා 24, චතුර රන්දුනු 30/4)කෝල්ට්ස් දෙවන ඉනිම කඩුලු 7ක් දැවී 254

(සංගීත් කුරේ 41, සධීර ලක්ෂාන් 39, චතුර රන්දුනු 74/2, සචිත්‍ර සේරසිංහ 23/2, කවිෂ්ක අංජුල 

සමරවික්‍රම 52, සන්තූෂ් ගුණතිලක 51, ප්‍රියමාල් පෙරේරා 38, ධනංජය ලක්ෂාන් 39, චතුර රන්දුනු 74/2, සචිත්‍ර සේරසිංහ 23/2, කවිෂ්ක අංජුල 50/2

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 97.4 දී සියලු ක්‍රීඩකයන් දැවී 264

දිනුක දිල්ෂාන් 118, සචිත්‍ර සේරසිංහ 27, දිල්රුවන් පෙරේරා 76ට 4, ප්‍රභාත් ජයසූරිය 82/3

මුවර්ස් දෙවන ඉනිම පන්දුවාර 44.2 දී සියලු ක්‍රීඩයන් දැවී 116යි.

අනුෂ්ක ප්‍රනාන්දු නොදැවී 33, නිපුන් කරුණායක 25, රමේෂ් මෙන්ඩිස් 15, දිල්රුවන් පෙරේරා 31/5,ප්‍රභාත් ජයසූරිය 69/5

ටැමිල් යූනියන් – රාගම

රාගම ක්‍රිකට් සමාජය මේ තරගයේදී පළමු ඉනිමේදී ඉදිරියෙන් සිටීමට සමත්විය. රාගම කණ්ඩායමේ නිෂාන් මධුෂ්ක ප්‍රනාන්දු ලකුනු 169ක්ද සමින්ද ප්‍රනාන්දු ලකුණු 135ක්ද ලබාගත්හ.

ටැමිල් යූනියන් පළමු ඉනිම පන්දුවාර 101.2කදී සියලුදෙනා දැවී 421යි

(මනෝජ් සරත්චන්ද්‍ර 113, රන්මිත් ජයසේන 89, කිත්රුවන් විතානගේ 77, තරංග පරණවිතාන 35, මධුක ලියනපතිරණගේ 38යි, ඉෂාන් ජයරත්න 90/4,අමිල අපොන්සු 101/3යි)

දෙවන ඉනිම පන්දුවාර 11දී කඩුලු 1ට ලකුණු 60යි.

රාගම පළමු ඉනිම පන්දුවාර 145.2 දී සියලු ක්‍රීඩකයන් දැවී 527

නිෂාන් මධුෂ්ක ප්‍රනාන්දු 169, සමින්ද ප්‍රනාන්දු 135, රොෂේන් සිල්වා 51,සුපේසල ජයතිලක 44, විමුක්ති පෙරේරා 113/3, ප්‍රමෝද් ලියනගමගේ 108/3

ලන්කන්ස් – සරසන්ස්

මග්ගොනදී පැවැති මේ තරගයෙන් සරසන්ස් පළමු ඉනිමේ ජය ලැබීය.

ලන්කන් ක්‍රිකටි සමාජය පළමු ඉනිම (පන්දු වාර 73) ලකුණු 229යි 

(මාලිංග අමරසිංහ 76, කසුන් අබේරත්න 33, ගීත්කුමාර 27, දමිත් සිල්වා 27, සහන් කංකානම්ගේ 25, චාමිකර එදිරිසිංහ 61/4, මොහොමඩ් ඩිල්ෂාඩ් 65/3, සාලියසමන් 42/2)

ලන්කන් දෙවන ඉනිම පන්දුවාර 70දී කඩුලු 3ට 233

(ප්‍රිමෝෂ් පෙරේරා 64, දමිත සිල්වා 40, චානක රුවන්සිරි නොදැවී 72, ගීත් කුමාර නොදැවී 38, ප්‍රමෝද් මධුවන්ත 61/2)

සරසන්ස් පළමු ඉනිම පන්දුවාර 112දී සියලු ක්‍රීඩකයන් දැවී 427යි.

(නවිනිදු විතානගේ 81, මලින්ද සිරිවර්ධන 69, පී.ජීවන්ත නොදැවී 96, ඉෂාර විජේසුන්දර 30, ගීත්කුමාර 58/3, චානක රුවන්සිරි 63/3)

හලාවත මේරියන්ස් – බදුරලිය

මේ තරගයෙන් බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු හතක පහසු ජයක් අත්කර ගත්තේය.

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 51.5දී සියලුදෙනා දැවි 206යි.

(තීක්ෂිල ද සිල්වා නොදැවී 119, ඕෂද ප්‍රනාන්දු 24, ළහිරු සමරකෝන් 86/5යි)දෙවන ඉනිම පන්දු වාර 60කදී සියලුදෙනා දැවී 185යි. 

(රුමේෂ්  බුද්ධික 67, සුමිත් ගඩිගොන්කාර් 56, ලසිත් කෲස්පුල්ලේ 22, ළහිරු සමරකෝන් 71/5, බුද්ධික සංජීව 46/3)

බදුරලිය පළමු ඉනිම පන්දුවාර 91.5දී සියලුදෙනා දැවි 326යි.

(ළහිරු මිලන්ත 104,යශෝධ ලංකා 51, දමිත් පෙරේරා 53, අසිත ප්‍රනාන්දු 139/7යි)

දෙවන ඉනිම පන්දුවාර 15.1දී කඩුලු 3ට ලකුණු 68යි

(ටී.එම්.සම්පත් 31යි)

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest