slc
Home   |    News
මාර්තු 25, 2020
දිගු ගමනකට මුලපුරන නවෝද් පරණවිතාන

Sri Lanka Cricket

    වත්මන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් ඉක්මණින්ම ජාතික තලයට යා හැකියැයි සැළකෙන විශිෂ්ට ඝණයේ පිතිකරුවකු ලෙසට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ආරම්භක පිතිකරු, ගාල්ල මහින්ද විදුහලේ නායක 17 හැවිරිදි නවෝද් පරණවිතානව සැලකිය හැකිය.

    දකුණු අප්‍රිකාවේ නොබෝදා පැවැති ලෝක කුසලාන අවුරුදු 19න් පහළ තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ශ්‍රී ලංකා එංගලන්ත සහ කොදෙව් දූපත් අතර 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරග කිහිපයේදී නවෝද් ශතකයක් ඇතුළුව පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාවට එහි සූරතාව හිමිකරගැනීමට අවස්ථාව උදාවිය.  එපමණක් නොව අනතුරුව පැවැති ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පුහුණු තරගයේද ඇතුළුව තවත් තරග කීපයේදීත් ආරම්භක පිතිකරු ලෙස මොහු විශේෂ දක්ෂතා දැක්වීය.

    නවෝද් පරණවිතාන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසද වාර්තා රැසකට හිමිකම් කියයි. එහි ප්‍රධානම වාර්තාවක් වන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස දෙදින තරගයකදී ලකුණු 409ක් ලබමින් ඉනිමක වැඩිම ලකුණු ලැබූ පාසල් ක්‍රීඩකයා බවට පත්වීමය. මීට සති  කිහිපයකට පෙර ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති මහින්ද – අම්බලන්ගොඩ ධර්මාශෝක තරගයේදී නවෝද් ලකුණු 409ක් ලබාගත්තේ පන්දු 327කට මුහුණ දෙමිණි.  හතරේ පහර 39ක් සහ හයේ පහර 19ක් සහිතව රැස් කරන ලද එම ඉනිම තවත් කළකට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට බිදිය හැකි යැයි සිතීම අසීරුය.

    17 හැවිරිදි නවෝද් පරණවිතානට තවත් වසර දෙකක් (2021) යන තුරු ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ඇත. දැනට උසස්පෙළ කාලා විෂයයන් හදාරන මොහු උසස් පෙළ විභාගයට පෙනී සිටිනුයේ ලබන වසරේ අවසාන භාගයේය. දැනට මොහු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ජ්‍යෙෂ්ටම ක්‍රීඩකයෙකි.

    2002 මැයි 16 වැනිදා ගාල්ලේදී උපත ලද නවෝද් පරණවිතාන ගාල්ල කරාපිටියේ පදිංචිකරුවෙකි. නවෝද්ගේ පියා කැලුම් පරණවිතාන යුද හමුදාවේ මිලිටරි පොලීසියේ සේවය කොට විශ්‍රාමගෙන සිටී. මව දීප්ති දහනායක ගෘහණියකි.

“මට වැඩිමහල් සහ බාල සොහොයුරෙකු සිටිනවා. අයියා ක්‍රිකට් ක්‍රීඩා කළත් දිගටම කරගෙන ගියේ නෑ. මල්ලී වැඩිය කැමති පාපන්දු ක්‍රීඩාවටයි. ධනුෂ්ක දෙනගම මා කුඩා කාලයේත් යොමාල් සංජීව ඉන්පසුවත් මගේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළා. තාත්තාගේත් පුහුණුකරුවන්ගේත් ලැබුණු සහය මගේ ක්‍රිකට් ඉදිරි ගමනට විශාල රුකුලක් වූවා. හලාවත මේරියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන්න යැයි ඔවුන් මට ආරාධනා කළා. ඉදිරියේදී එම කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වනවා” යැයි බවද නවෝද් පරණවිතාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

    වමතින් පිත්ත හසුරුවන නවෝද් වමතින් මද වේග පන්දු යැවීමටද සමතෙකි. ඔහු කඩුලු රකින්නකු ලෙස ද දක්ෂතා දක්වයි. 19න් පහළ එක්දින තරග 36කදී ලකුණු 979ක් (ඉනිමක සාමාන්‍ය 27යි) කඩුලු 22ක්ද ලබා ඇත. 19න් පහළ සිව්දින ටෙස්ට් තරග දෙකකදී (ඉනිම 4යි) ලකුණු 171ක් රැස්කර ඇත්තේ ඉනිමක ලකුණු 42ක සාමාන්‍යයකිනි. එහි ඉනිමක වැඩිම සංඛ්‍යාව 79කි.

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest