slc
logo
Home   |    News
අප්‍රේල් 20, 2020
දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයත් කල් යයි

Sri Lanka Cricket

වර්තමානය වන විට ගෝලීය වශයෙන් මුහුණ දී සිටින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලබන ජුනි මස ආරම්භ වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව උක්ත තීරණයට දෙපාර්ශ්වයම එළැඹ සිටිති.

මිනිස් ජීවිත දහස් ගාණක් බිළිගෙන තිබෙන කොරෝනා වෛරස් තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්වීමෙන් පසු මෙම තරගාවලිය නැවත පැවැත්වීම කෙරෙහි අදාළ සාකච්ඡාවේදී දෙපාර්ශ්වය එකඟතාවයකට එළැඹ සිටිති.

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකානු පිල එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිතව තිබිණ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest