slc
logo
Home   |    News
අගෝස්තු 11, 2020
එල්.පී.එල්. බලාපොරොත්තුත් කල් යයි

Sri Lanka Cricket

මේ මස 28 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස දක්වා  කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (11 දා) තීරණය කළේය.

නියමිත දිනට තරගාවලිය ආරම්භ කිරීම සඳහා දින ගණනාවක් තිස්සේ ක්‍රිකට් බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සාකච්ඡා පැවැති අතර එහිදී සෞඛ්‍ය නිර්දේශ ලබා ගැනීම සහ තරගාවලිය නිසි කාල සටහනට අනුව පවත්වනවාද නැද්ද යන්න වූ අවසන් තීන්දුව අද දිනයේදී ගැනීමට නියමිතව තිබිණ. එහිදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දුන් නිර්දේශයන්ට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළැඹ තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar